පසුගියදා, Mirror Arts කතා බහට එක් වුණේ ඩිල්ෂාන් පතිරත්න මහතා යි.
ඔහු වෘතියෙන් නීතීඥවරයෙක් වගේම ඔහුව නවකථාකරුවෙක්, කවියෙක්, ගීත රචකයෙක්, නිවේදකයෙක් වගේ විවිධ භූමිකාවන් වලින් අපිට හඳුනා ගන්න පුළුවන්.
පසුගිය කාලේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච සංජීව් ලෝන්ලියෙස් ගායනා කරපු ‘පිහි තුඩෙන් ආදරේ ලිව්වේ’ ගිතයේ රචකයා වෙන්නෙත් ඩිල්ෂාන් පතිරත්නයි. ඒ වගේම ඔහු විසින් රච්ත ‘දුෂ්ටයෙකුගේ ආදර කතාවක්’, දඩබ්බරයා වගේ කෘතීන් පාඨකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් උනා.ඉතින් Mirror Arts කතා බහේදි ඩිල්ෂාන් ඔහුගේ ජීවිතය ගැන, ආදරය, කලාව ගැන බොහොම රසවත් විදිහට අදහස් බෙදා හදා ගත්තා. වැඩසටහන මෙහෙය වුයේ මනෝහාරි හේවාවසම්.
(මනෝහාරි)- ඔබේ ගිත රචනා වල සහ නිර්මාණ වල ඔබ ප්‍රේමය විග්‍රහ කරනවා විවිධ ආකෘති වලින් ඔබට අනුව ප්‍රේමය කියන්නේ කුමක්ද?
(ඩිල්ෂාන්) - “විවිධයි, ඒකාකාරී නෑ.මට එක එක රස වලින් ප්‍රේමය දැනිලා තියනවා. මම කියවපු පරණ පොතක ප්‍රේමයට ලස්සන විග්‍රහයක් දීලා තිබුනා රාවණාව ආදේශ කරළා. මම ඒක තදින් විශ්වාස කරන එකක්. ඒකෙ තිබුණා රාවණාගේ මූණු දහයට නම් දහයක් දීලා. moods 10 දීලා. “කාම, ක්‍රෝධ, මෝහ, මද, මාන, බුද්ධි, චිත්ත, මානස, මාත්සර්ය, අහංකාර” ඔය 10 ඇතුළේ Love කියලා mood එකක් නෑ.feel කියලා Mood එකකුත් නෑ.ඔය 10න් එක එක mood එක එක වේලාවට එළියට එනවා.ඒ මොහොතේ අපි ඒක ආදරය කියලා විශ්වාස කරනවා. මගෙත් ආදරේ ඇතුලේ එක එක වේලාවට එක එක moods එළියට එනවා.”
(මනෝහාරි) -පිහි තුඩින් හදවතේ සියුම් තැන් වල ආදරේ ලිව්වේ , කියලා ඔයා ලියලා තියනවානේ.මේ සිතුවිලි ඉපදුනේ කොතනද? කොහොමද?
(ඩිල්ෂාන්) - “හැමෝටම තියන පොදු අත්දැකීම ම තමයි. හැමෝටම රිදෙනවනේ. මම ඕකට හරි කපටි උත්‍තරයක් දෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් නම් මම ඕක ලියන් නෑනේ. නමුත් මට ඕන උනා මට දැනුන වේදනාව ඉතාම සාධාරණව කියන්න. මම ඒක ලිව්වෙ ‘නුබයි හදවත සියුම් තැන් වල’, හදවතෙත් සියුම් තැන් වල, පිහි තුඩෙන් තමයි ලියන්නේ. හැබැයි පිහි තුඩෙන් ලියන වචනේ මොකක්ද? ආදරය. දැන් මේක හරිද වැරදිද? හදවතේ සියුම් තැනක ලියන්න පුළුවන් ලස්සනම වචනේ තමයි ආදරය. ඇය මගේ හදවතේ සියුම්ම තැන ලිව්වේ ලියන්න පුළුවන් ලස්සනම වචනේ ආදරය. හැබැයි, ආදරය ලිව්වේ පිහි තුඩෙන්. එතකොට එයා හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕනෙ මේ සිංදුව අහන අය. මට ඕන උනේ මේ සිංදුවෙන් ඒකිට බනින්න.”
ඔහු Mirror Arts සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.