මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් උනේ නිම්මි මනෝහාරී.
ඇය වර්තමානයේ විශේෂයෙන්ම පුංචි තිරයේ ජනප්‍රිය මෙන්න දක්ෂ, තරුණ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
බොහෝ දෙනෙක්ට නම් තවමත් ඇයව මතක “නාඩගම්කාරයෝ” එකේ පොඩ්ඩී විදිහටයි.
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය උන “නාඩගම්කාරයෝ’ ටෙලි නිර්මාණයේ ‘පොඩ්ඩී’ කියන තරුණියගේ චරිතය හරහා ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් හඳුනා ගත්තා.
ඉන් පසුව ඇය රංගනයෙන් එක් උන ජාතික රූපවාහිනියේ විකාශය උන “වියළි” ටෙලි නාට්‍යයේ “නයෝමි” නම් තරුණියගේ චරිතය ඇය ඉහළ රංගන කුසලතාවක් තිබෙන රංගන ශිල්පිනියක් බව පෙන්වූ එක් චරිතයක් විදිහට හඳුන්වන්න පුලුවන්.
මේ වෙනකොට ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් එක්වෙමින් සාර්ථක ලෙස රංගන ජීවිතයේ ඉදිරියට යමින් සිටින ඇය නිමාවට පත්වූ 30 වන සුමති සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය සම්මානය දිනාගැනීමටත් සමත් උනා.
ඉතින්, මෙවර ‘Mirror Arts’ කතා බහේදී නිම්මි සිය රංගන දිවියේ ආරම්භය ගැන වගේම මේ දක්වා රංගන ක්ෂේත්‍රයේ ඇය ලබපු අත්දැකීම් ගැනත් බොහෝ දේ කතා බහ කළා.
ඒ වගේම තරුණ රංගන ශිල්පිනියක් විදිහට වගේම ආදරණීය සහෝදරියක්, අදරවන්තියක් විදිහටත් ඇගේ ජීවන අත්දැකීම් ‘mirror arts’ සමග හරිම හෘදයාංගම විදිහට බෙදා හදා ගන්නටත් ඇය අමතක කළේ නෑ.
නිම්මි මනෝහාරි සහභාගි වූ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
සාකච්ඡාව මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.
පහතින් දක්වා තිබෙන්නේ කතාබහේ සම්පූර්ණ වීඩියෝවයි.


