මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ ප්‍රීති රන්දෙණියයි.
ඔබ බොහෝ දෙනා දන්නා පරිදිම, මහා පුරුෂයෙකුට බිරිඳකව ලෙසින් ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණියගේ ආදරණීය භාර්‍යාව වන්නේ ඇයයි.
එමෙන්ම, සිනමා නිළියක, ලේඛිකාවක, ගේය පද රචිකාව වැනි අකාරයන් කිහිපයකින්ම ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.
ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ වෙමින් ඇය මේ බොහෝ දේ ගැන කතා බස් කළා.
“දෑස නිසා” චිත්‍රපටයෙන් ආරම්භ වූ රවී - ප්‍රීති ආදර කතාවේ අපූර්ව තැන් මෙන්ම ඔවුන්ගේ දිවිගමනේ සන්ධිස්ථානයන් ගැන මේ කතා බහ නරඹන ඔබට ඇයගෙන්ම නැවත දැනගන්නට ලැබේවි.
එමෙන්ම ඇගේ සාහිත්‍ය දිවිය ගැන සදහන් කරනවානම් සිය දිවි ගමනේ අත්දැකීම්, භාවයන්, හැගීම් ප්‍රකාශ කිරීමට ඇය තෝරාගත්තේ නවකතාව, ගිත හා කාව්‍ය රචනයයි.
මේ වන විට නවකතා 07 ක්, කාව්‍ය කෘති 04 ක්, ළමා කෘතීන් 37 ඇය විසින් රචනා කොට තිබෙනවා.
ඉතින්, මෙවර කතා බහ ප්‍රීති රන්දෙණියගේ කලා හා සාහිත්‍ය දිවිය ගැන කතා කරන්නත් ඉඩ වෙන් උනා.
ප්‍රිති රන්දෙණියගේ ජීවිතයේ සොදුරු අත්දැකීම් ගැන කතා කළ මේ රසවත් කතාබහ දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම්.
වීඩියෝව නරඹන්න පහළින්>>














