lan englan tam

C Chatඑක

වසර 36 කට පසුව “සාජන්ට් නල්ලතම්බි” නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් ! (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා විශේෂ ‘Mirror Arts’ වැඩසටහනක් සමග එක් උනේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක, ධර්මජිත් පුනර්ජීවයි.

ඒ එළඹෙන දෙසැම්බර් 13 වනදාට සිදුවන විශේෂ කාර්යයක් ගැන කතා කරන්නයි.

මීට වසර 36 කට පෙර අපට අහිමි වූ කෘතහස්ත කලාකරුවෙකු වූ නිහාල් සිල්වා ඔබට මතක ඇති. නොඑසේනම් ඔබ අසා ඇති.

 

594503804 2132060580931039 1618065596339490259 nනිහාල් සිල්වාගේ ඡායාරූපයක්

 

'පුන්තිලා', 'නෙයිනගේ සූදුව', 'සාජන්ට් නල්ලතම්බි' වැනි නාට්‍ය වල චරිත හරහා ඔහු ලාංකීය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් උනා.

 

592393731 2129721624498268 82446256399555377 nනිහාල් සිල්වා 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ

 

මේ අතරින් ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යයේ නව ප්‍රති නිර්මාණයක් 'නල්ලතම්බි- today' යන නමින් එළඹෙන දෙසැම්බර් 13 වෙනිදා, ධර්මජිත් පුනර්ජීවගේ අධ්‍යක්ෂණයෙන් වේදිකාගත වීමට නියමිතව තිබෙනවා.

 

ඉතින් මෙවර  'mirror arts' කතා බහ සමග එක්වෙමින් නාට්‍යවේදී  ධර්මජිත් පුනර්ජීව මේ නව නාට්‍ය නිෂ්පාදනය ගැන බොහෝ දේ කතා කළා.

ඔහු පැවැසූ ආකාරය 'නල්ලතම්බි- today' යනු 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ අනුකරණයක් නම් නොවේ.

දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යනය කරමින් මංජු කාරියවසම් විසින් රචිත සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ මුල් පිටපත යොදාගෙන වර්තමානයට ගැළපෙන ලෙස සිදු කරන ලද ප්‍රතිනිර්මාණයක් තමයි මෙලෙස ඉදිරිපත් වන්නේ.

හරියටම දෙසැම්බර් 13 වෙනිදා, සවස 6.30 ට, කොළඹ 07 සුදර්ෂි (සිංහල සංස්කෘතික අයතන ශාලාවේදී) නව නාට්‍යය නිෂ්පාදනය වේදිකාගත වීමට නියමිතයි.

මෙහි ප්‍රවේශ පත්‍ර දැන් සුදර්ශි ආයතනයෙන් වගේම එදින දොරටුවෙන් ලබා ගන්නත් පුළුවන්.

ඉතින්, 13 වෙනිදා වේදිකාගත වන “සාජන් නල්ලතම්බ්” නාට්‍යයේ නව ප්‍රතිනිර්මාණය ගැන වගේම,

අපට අහිමි වූ කෘතහස්ත රංගන ශිල්පී නිහාල් සිල්වාගේ මතකයත් යළි අවදි වූ ධර්මජිත් පුනර්ජීව සහභාගී වූ මෙම සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට mirror arts යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.

වීඩියෝව නරඹන්න පහළින්>>

සාකච්ඡාව මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

 

 

Back to top
Go to bottom