ඡායාරූපකරණයේ නියැලීමට ස්ත්‍රී - පුරුෂ භේදය අදාළ නොවුවද, තමන් කාන්තාවක් වීම නිසාම ඡායාරූපකරණ වෘත්තියට යොමු වූ මුල් අවධියේ ඇතැම් අවස්ථාවන් පවා තමන්ට අහිමි වූ බව ඡායාරූප ශිල්පිනී රැෆෙලා ප්‍රනාන්දු පවසනවා.
රැෆෙලා මේ අදහස් බෙදා හදා ගත්තේ මෙවර ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ වෙමිනුයි.
රැෆෙලා ගැන හඳුන්වා දෙනවා නම් ඇය මේ වන විට වසර 17 කට ආසන්න කාලයක් ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ නියැළැන ජත්‍යන්තර ඇගයුමට ලක්වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පිනියක් ලෙස හඳුන්වා දිය හැකියි. එමෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් ලෙසත් ඇය කටයුතු කරනවා.
පසුගිය දිනවල රැෆෙලා පිළිබඳව නැවතත් කතාබහට ලක් උනේ ඇය සෑම වසරකම ඉදිරිපත් කරන 'තරු කැලැන්ඩරය' (RFCC 2026) | 16 වන සංස්කරණය එළි දැක්වීමත් සමඟයි. දෙස් විදෙස් කලා තරු වල ඡායාරූප වලින් සමන්විත උන මේ තරු කැලැන්ඩර බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත් උනා.
ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් රෑෆෙලා බොහෝ අදහස් බෙදා හදා ගත්තා.
ලංකාවේ ඡායාරූපකරණය පිලිබඳව අදහස් දක්වමින් ඇය පැවසුවේ කලක් පුරුෂ ආධිපත්‍යයේ පැවති වෘත්තියක් වුවද, එය දැන් පුරුෂ මූලික එකක් බවට පත්ව ඇති බවද, මේ වන විට ක්ෂේත්‍රයේ නියැළෙන කාන්තාවන්ද සැලකිය යුතු පිරිසක්ද සිටින බවයි.
එමෙන්ම මේ වන විට කාන්තාවන්ට වෘත්තියක් ලෙස ඡායාරූපකරණයේ නියැළෙමින් ඉදිරියට යෑමට අවස්ථාවන් රැසක් ඇති බව ඇය සදහන් කළා.
ඡායාරූපකරණය පිළිබඳව පමණක් නොව සිය දිවි ගමනේද සන්ධිස්ථානයන් ද ඇය අපත් සමග බෙදා ගත් අතර, ජීවිතයේ පැමිණි අභියෝග, ඉතා දුෂ්කර අවස්ථාවන් වලට මුහුණ දුන් අයුරුත් ඇය විස්තර කළාය.
ඉතින්, රැෆෙලාගේ වෘත්තීමය හා ජීවන ගමන් මගේ අපූර්ව සන්ධිස්ථානයන් සොයා ගිය මෙවර කතා බහේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
සකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.
සම්පූර්ණ වීඩියෝව නරඹන්න පහළින්>>


