දෙවැනි ඉණිම ටෙලිනාට්‍ය නිසා ගොඩක් ජනප්‍රියත්වයට පත්ව සිටින රවීන් කණිෂ්කව මුලින්ම ප්‍රේක්ෂකයා හඳුනගත්තේ ගායකයෙක් විදිහට.
මේ දිනවල ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙකුවන රවීන් කණිෂ්ක පසු ගිය දිනක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සිය අදහස් පළ කර තිබුණා.
”star city’ වේදිකාවේ’හිමාලෙට වඩා උසයි’ගීතය ගායනා කර මුලු ප්‍රේක්ෂකාගාරයම හැඬවූ රවීන් ඒ මොහොතේ ඇති වූ සිය හැඟීම් විස්තර කරන්නේ මෙන්න මේ විදිහට..
''තාත්තා ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඉන්නවා. මම තාත්තට වැඳලා ගීය ගැයුවා. ඒ වෙලාවේ පුංචි කාලේ ඉඳන් තාත්තා සම්බන්ධ හැම මතකයක්ම මට මැවිල පෙනුණා. ඒ මොහොතේ මට ඇඬුණා. තීක්ෂණ අයිය තමයි ගීතයේ ඉතුරු ටික කිව්වේ.”
ඒ අතර රවීන්ට පෙම් කරන ගෑණු ළමයි ගැන රවීන් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්..
”එහෙම අයත් ඉන්නවා. එත් ඉතින් මට ඒ හැමෝටම පෙම් කරන්න බෑනේ. මාව ටීවී එකෙන් දැකලා මට පෙම් කරන අයට කියන්න තියෙන්නේ ඒක තාවකාලික හැඟීමක් විතරයි කියන එක. රසිකාවියන්ටත් රසිකයන්ට ලෙන්ගතුකම විතරයි දෙන්න වෙන්නේ. කවදාහරි ජීවිත කාලෙම ළඟ ඉන්න කෙනාට විතරයි මගේ ප්‍රේමය පුද කරන්න වෙන්නේ”
ඒ දේවල් කොහොම වුණත් රඟපෑම් කටයුතු අස්සේ රවීන් අලුත්ම ගීතයකුත් එළි දක්වන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා.