ඔබ මෙවර පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ හොඳම නළුවා සම්මානය හිමි කරගත්තා. හොඳම නළුවා සම්මානය දක්වා පැමිණීමට පසුබිම හැදුනු ආකාරය පිළිබඳව අපි මුලින්ම කතා කරමු...
මම හිතන්නෙ මේක දීර්ඝ ගමනක ප්‍රතිඵලයක්. මම මේ ක්ෂේත්රයට ඇවිල්ලා වසර පහළොවක් පමණ වෙනවා. ඒ ආපු ගමන්මෙඟ් කාපු කට්ටවල් සහ විඳපු දුක් වේදනා සියල්ලෙහි එක්තරා සන්ධිස්ථානයක් තමයි මේ සම්මානය. මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ‘සමනල් කඳවුර’ කියන ටෙලිනාට්‍යයට තමයි මම මුලින්ම රංගනයෙන් දායකත්වය දැක්වූවේ. ඇතුගල මහත්මයා මට කතා කරලා අවසාන දවසෙ දි කිව්වා ”ඔයාගෙ ඇක්ටින් ස්ටයිල් එක ලංකාවෙ කිසිම කෙනෙක් ගාව නැහැ. ඕක ඩිවෙලොප් කරගෙන යන්න. එහෙම වුණොත් ඔයා ජාත්‍යන්තර මට්ටමේ නළුවෙක් වෙනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ” කියලා. ඉතින් මගේ රංගනයට පළමු ආශීර්වාදය එකතු කරපු සහ පළමු අනාවැකිය කියපු කෙනා තමයි මහාචාර්ය ආරියරත්න ඇතුගල. එතුමාට මම හදපිරි ප්‍රණාමය පළ කරනවා මේ මොහොතේ. එදා පටන් ලැබුණු පන්නරයෙන් සහ ඔවුන්ගෙන් ලැබුණු මාර්ගෝපදේශකත්වයෙන් මම බොහෝ දුර ආවා. ඒ වගේම මේ ක්ෂේත්රය හැදෑරීම සඳහා මම වසර ගණනාවක් ගත කළා. නිර්මාණ කරන්නෙත් නැතුව අභ්‍යාස කරමින් සහ අධ්‍යයනය කරමින් මම සෑහෙන්න කාලයක් ගත කළා. මම හිතන්නෙ ඒ පාදම ඉතාමත්ම හොඳින් මට වැටුණා. එතනින් එහාට තිබුණෙ ජීවිතය තුළින් ඉගෙන ගන්නා දේවල් ටික. ජීවිතයේ විඳවීම් සහ වේදනාවල් මේ සියල්ල ජීවිතයට අත්දැකීම් එකතු කළා. ඇත්තටම නළුවෙක් තුළින් සංකීර්ණ මනෝභාවයන් තීරණය වෙන්නෙ ඔහු ජීවත් වන සංකීර්ණ මනෝභාවයන්වල ප්‍රතිඵලයක් හැටියට. ජීවිතේ දිය කරලා හරින තරමට ආපහු අපට ලැබෙනවා. විෂයයට කොයිතරම් ආදරය කරනවාද ඒ තරමටම පෙරළා විෂයය අපට ජීවිතය ලබා දෙනවා. ඒ ලාලසාව ජීවිතය තුළ තිබෙනවා නම් මියයන තාක් සිහින දකිමින් ජීවත් වෙන්න පුළුවන්. ඒ සිහින වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ සියල්ලේ ප්‍රතිඵලය තමයි අවසානයේ දී යළි ලැබෙන්න ගන්නෙ.
ටෙලි සම්මාන ගැන විවිධ මතිමතාන්තර තිබෙනවා. මේ සම්මාන ජූරිය ගැන ඔබේ අදහස මොකක් ද?
ඒක හරි සාපේක්ෂයි. ඒ කියන්නෙ හොඳම නළුවා සම්මානය ලැබුණා කියල ඒකෙන් කියවෙන්නෙ නැහැ මම තමයි ලංකාවෙ ඉන්න හොඳම නළුවා කියලා. ඒකෙන් කියවෙන්නෙ ඒ ජූරියට සාපේක්ෂව ඒ වසරට සාපේක්ෂව මට සම්මානය ලැබුණා ය කියන එක. ඒක ජූරියට සාපේක්ෂයි. ඒ ජූරිය හොඳ නම් ඒ සම්මානය හොඳයි. අපි එකිනෙකා ඉන්නෙ එක එක දෘෂ්ටිවාදවල. එතකොට අපි එක එක දෘෂ්ටීන්වලින් තමයි මේ දේවල් දිහා බලන්නෙ. ඒ අනුව ජූරිය විසින් තමයි තීන්දු තීරණ ගන්නෙ. ඒ තීරණ සාපේක්ෂයි.
හැදෑරීමක් රහිත පිරිසක් නිසාද ටෙලි නාට්‍ය කලාව මේ තරම් පිරිහීමකට ලක් වුණේ?
ධම්ම ජාගොඩලා, පරාක්‍රම නිරිඇල්ලලා, තිස්ස අබේසේකරලානෙ ටෙලි නාට්‍ය කලාව උසස් මාධ්‍යයක් බවට පත් කළේ. නමුත් පසුකාලීනව මුදල් මතම තීන්දු තීරණ ගන්නා පිරිසක් අර දැවැන්තයන්ගෙන් පසුව එතනට එකතු වුණා. ඔවුන් කිසිම හැදෑරීමකින් තොරව එහි වෙළෙඳ අරමුණ තුළ හිඳිමින් පමණක් කටයුතු කරන්න පටන් ගන්තා. හැබැයි ටික කාලයක් යද්දි පේ්රක්ෂකයන්ටත්, කලාව රසවිඳින අයටත් තේරෙනවා මේකෙ පොඩි අවුලක් තියෙනවා කියලා. එතකොට ඒගොල්ලො මේක ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරද්දී හොඳ නිර්මාණවල අවශ්‍යතාවය මතු වෙනවා. ඊට පස්සෙ හොඳ නිර්මාණ බිහි කරන්නට පිරිසක් යළි බිහි වෙනවා. එහෙම බිහි වෙච්ච අවස්ථාවක් තමයි අපි දකින්නෙ. මේක සංක්‍රාන්තික අවස්ථාවක්. මේ අවස්ථාවෙන් හරියට ප්‍රයෝජන ගත්තොත් අපිට මේක ඉහළට ඔසවා තබන්න පුළුවන්. ලාංකික පේ්රක්ෂකයා කියන්නෙ අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කාපු පිරිසක්. ඒ මිනිස්සු ආර්ථික සහ සමාජීය ප්‍රශ්න ගොඩක ඉන්න මිනිස්සු. අපේ ලංකාවෙ ටෙලිවිෂන් බලන ප්‍රතිශතය සියයට හතළිස් පහක්. ඒ සියයට හතළිස් පහෙන් සියයට පනස් පහක්ම ඔය ගම්බද ජනතාව. එතකොට මේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සහ සමාජීය තත්ත්වය බැලුවාම ඒ අය බොහොම ආර්ථික දුෂ්කරතා මැද්දෙ ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට උසස් කලාවන් රසවිඳින්න තරම් මානසිකත්වයක් නැහැ. ඔවුන්ට තිබෙන්නෙ දුක නැති කර ගැනීමේ මානසිකත්වයක්. ඔවුන් මුලින්ම ආගම දැඩිව අල්ලා ගන්නවා. එහෙම නැත්නම් විහිළු හිනා යන රසවින්දනයක් අල්ල ගන්නවා. ඔතනින් උඩට මිනිස්සුන්ව ගන්න නම් එය කළ හැක්කේ සමාජ හා ආර්ථික තත්ත්වය දියුණු කිරීම ඔස්සේ පමණයි. එතකොට තමයි මිනිස්සුන්ට හොඳ යහපත් ජීවන මට්ටමක් ලැබෙන්නෙ. ඒ ජීවන මට්ටම හොඳ වීම තුළ ඔවුන්ට නිදහසක් ලැබෙනවා. ඒ හරහා මානසික චින්තනය ගොඩනැෙඟනවා. ඒ චින්තනය ප්‍රබල වුණාම ප්‍රබල කලාවක අවශ්‍යතාවය දැනෙනවා. එතකොට ඉබේම ප්‍රබල කලාවක් බිහි වෙනවා. ඔය සියල්ලෙහි අතරමැද අවස්ථාවක තමයි දැන් අපි ඉන්නෙ.
කලාකරුවන් යනු රටක පෙර ගමන්කරුවන්.ඔවුන්ගෙන් ඒ කාර්යය හරියාකාරව සිද්ධ වෙනවා කියලා ඔබට විශ්වාසයක් තිබෙනවද?
කලාකරුවන් සහ ගුරුවරුන් තමයි රටකට මාර්ගෝපදේශකත්වය සපයන්නෙ. එතකොට ඔවුන් නිවැරැදිව රටකට මාර්ගෝපදේශ සපයනවා නම් ඔවුන්ට මේ රට වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් තිබෙනවා ඉෂ්ට කරන්න. සමහර විට කලාකරුවන්ට සිද්ධ වෙනවා රසට විතරක් වැඩ කරන්න. නමුත් ගුරුවරයෙකුට පුළුවන් විහිළුවෙන් උගන්වන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් හැමතිස්සෙම අරමුණ තියෙන්න ඕනෙ යහපත් සමාජයක් ගොඩනැඟීම. සමාජයක බුද්ධි මට්ටම ඉහළ නංවන්න. රසවින්දනය ඉහළ නංවන්න. එතකොට අපිට ආනන්දයෙන් ප්‍රඥාවට යන්න පුළුවන්. ඒ තත්ත්වයට කලාකරුවන් පත් විය යුතුයි. ඒ තත්ත්වයට පත් වෙන්න ටිකක් කල් ගත වෙනවා. ඒක එක පාරටම මැජික් පොල්ලෙන් ගැහුවා වගේ සිද්ධ වෙන්නෙ නැහැ. සමාජ ආර්ථික දේශපාලන පසුබිම් එක්ක රටක් ඉහළට සංවර්ධනය වෙද්දි සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා මේක එකවර සිද්ධ වෙන්නෙ නැහැ. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න අවකාශය ලැබුණොත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙයි. ඒ ක්‍රියාවලිය බිඳ දාන්න උත්සාහ කළොත් ඒ ක්‍රියාවලිය සිද්ධ නොවී නතර වෙයි. එහෙම නතර වුණොත්, අපිට රටක්, අනාගතයක් නැති වෙයි.
මේ මොහොතේ අපේ රටේ දේශපාලනය ආර්ථිකය සහ විශේෂයෙන්ම සමාජීය තත්වයන් පිළිබඳව තරුණ පරපුරේ කලාකරුවෙක් විදියට ඔබ දකින්නේ කොහොමද සහ අපි මේ තුලින් ගොඩ එන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
හැත්තෑ හතෙන් පසු දේශපාලනය සම්බන්ධයෙන් මගේ දේශපාලනය පොදුයි. හැත්තෑ හතෙන් පස්සෙ පක්ෂ දේශපාලනයේ වෙනසක් වුණේ නැහැ. ප්රාග්ධනය මූලික වුණු සමාජයක මේ යන ක්‍රියාවලිය වෙනස් වෙන්නෙ නැහැ. එතකොට ප්රජාතන්ත්රවාදය විසින් නම් පාලකයන් පත් කරන්නෙ අපි හිතමු මෝඩයෝ ඉන්න රටක ඡන්දයෙන් පාලකයෙක් පත් කරනවා කියලා. එතකොට පාලකයාට දොස් කියන්න බැහැ. කවුද පාලකයාව පත් කරන්නෙ ? පාලකයා ගිහිල්ලා බලහත්කාරයෙන් සිංහාසනය මත වාඩි වෙන්නෙ නැහැනෙ. එහෙම නම් ජනතාව පාලකයාට අනුව පාලනය වෙන්න ඕන. පළවෙනි වතාවෙ වැරදුණා කියමුකො. එහෙනම් දෙවෙනි වතාවෙ නිවැරදි තීරණේ ගන්න එපායැ. නමුත් මිනිස්සු දෙවෙනි වතාවටත් ඒකම කරනවා. එතකොට ප්රජාතන්ත්රවාදය කොයිතරම් මෝඩද කියලයි මම මේ කියන්නෙ. බහුතරය වැරැදි නම් තීරණය වැරැදියි. එතකොට පාලකයන්ට බණින්න බැහැ. යුද්ධය අවසන් වූ පසුව මුලින්ම කළ යුතුව තිබුණේ කලාකරුවන්ව සහ කලාව සමාජයේ ප්‍රතිස්ථාපනය සඳහා යොදා ගන්න. කලාකරුවන්ව සහ කලාව යොදා ගත්තා නම් මිනිස්සුන්ගේ පීඩනය අවම කරන්න තිබුණා. නමුත් යොදා ගත්තෙ ආගම්. ආගම්වලට බැහැ මිනිස්සුන්ගේ පීඩනය අඩු කරන්න. ආගම් සහ දර්ශන මතවාද වගේ දේවල් යොදා ගත යුත්තේ ඊට පසුවයි. කලාවෙන් සමනයකට පත් කළා නම්, ඊට පසුව අපිට මතවාද ඔස්සේ මිනිසුන්ව ගෙන යන්නට තිබුණා. නමුත් කලාව සහ කලාකරුවාව ඒ සඳහා පාවිච්චි කළේ නැහැ. මේ රටේ අධ්‍යාපනයේ මුල සිට දරුවන්ට රසවින්දනය පුරුදු කරනව ද? ආදරය උගන්වනව ද? නැහැ. නමුත් කෝ චින්තකයන් බිහි වෙනව ද? එතැනින් එහාට හිතන්න පුළුවන් මිනිහෙක් බිහි කරන අධ්‍යාපනයක් කෝ ? මෙන්න මේ අධ්‍යාපනය අවශ්‍යයි අපට. අධ්‍යාපනය තිබෙන්නෙ සාහිත්‍යයේ. ඒ අධ්‍යාපනය තිබෙන්නෙ කලාවේ. ඒ අධ්‍යාපනය තියෙන්නෙ රසවින්දනයේ. මේ ටික කෝ අධ්‍යාපනය ඇතුළේ ? රසවින්දනය කියන්නෙ ජීවිතේ දැනෙන්න ගන්නවා. අවට ඉන්න කෙනාව දැනෙන්න ගන්නවා. තමන්ගෙ ජිවිතේ දැනෙන්න ගන්නවා. ඊට පස්සෙ බුද්ධිය ලැබෙනවා. රසවින්දනය හරහා හිතන්න පුළුවන් මිනිහෙක් බිහි වෙනවා. ඒ කියන්නෙ උගත්තු නෙමෙයි බුද්ධිමතුන් බිහි වෙනවා. නමුත් පාලකයෝ දන්නවා බුද්ධිමතුන් තමන්ගේ ක්‍රමය පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට භයානකයි කියලා. බුද්ධිමතුන් බිහිවුණොත් ඔවුන්ට හිතූමනාපෙට රටක් පාලනය කරන්න බැහැ. ඉතින් නූගත් දේශපාලනඥයන් මෙන්න මේ ක්‍රියාවලියට බයයි. ඒ නිසා බුද්ධිමතුන් බිහි වීම වළක්වලා තිබෙනවා. ඒ ස`දහා තමයි කලාව අතුගාලා තිබෙන්නෙ. ඒ නිසා මේ අධ්‍යාපනය වෙනස් කළොත්, අපිට යම් තාක් දුරකට හොඳ තලයකට එන්න පුළුවන්. ඒ හරහා පටු රාමු ඇතුළේ හිතන මිනිස්සු වෙනුවට ඒ රාමු බිඳලා හිතන්න පුළුවන් මිනිස්සු බිහි විය යුතුයි. නමුත් පටු රාමු හදන්නෙ මේ ක්‍රමය විසින්මයි. එහෙම වුණාම පටු චින්තනයකින් හෙබි මිනිස්සු බිහි වෙනවා. ඒ ඛේදවාචකය තමයි අපි මේ මොහොතේ දකිමින්, විඳවමින් සිටින්නෙ.
සංවාදය හා සටහන – භාතිය ගුණසේන