රංගන ශිල්පියකු, ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම තිර පිටපත් රචකයකුද වන ප්‍රගීත් එස්. රත්නායකගේ කුළුඳුල් සිනමා පටය වන ‘ආදරෙයි මං’ සී.ඊ.එල්. සහ සිත්මා මණ්ඩලවලට අයත් සිනමාහල් රැසකදී මේ දිනවල තිරගත වේ. මෙහි දැක්වෙන්නේ ආදරෙයි මං පිළිබඳ අධ්යක්ෂවරයා සමග කළ සංවාදයකි.
ආදරෙයි මං ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නේ දැන්. ඒත් ඒ නිර්මාණය කාලෙකට පෙර කළ එකක් නේද?.
චිත්‍රපටය සම්පූර්ණයෙන් ඉවර කරලා අවුරුදු 3කට වැඩියි. ඒත් පෙන්වන්න ලැබුණේ දැන්.
මෙහි අධ්‍යක්ෂණය වගේම රචනයත් ප්රගීත්ගේමයි. මේ කතාව නිර්මාණය වුණේ කුමක් හෝ අත්දැකීමක් ඇසුරු කරගෙනද...?
මම ගොඩක් වෙලාවට ආදරය කියන තේමාව නිර්මාණවලට තෝරා ගන්නවා. මීට පෙර මම රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍යය නිර්මාණය කළා. මේ චිත්‍රපටයටත් තෝරාගත්තේ ආදරය. ඒත් ඒ කතාව මගේ හෝ වෙනකෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් නම් නොවෙයි.
ආදරෙයි මං සඳහා ශිල්පීන් තෝරා ගත්තේ කොහොමද?
මෙහි මගේ පෙම්වතිය විදියට ප්‍රධාන චරිතය රඟපාන්නේ චතුරිකා පීරිස්. චතුරිකා මීට කලින් දෙහදක් ආදරෙයෙන් එකේ එකට රඟපෑවා. සියුම් අවස්ථා හරිම අපූරුවට නිරූපණය කරන්න චතුරිකාට ලොකු දක්ෂතාවයක් තියෙන බව මම තේරුම් ගත්තේ එහිදී. ඒ හින්දයි චතුරිකා තෝරා ගත්තේ. ඊට අමතරව රොබින් ප්‍රනාන්දු, නීල් අලස් වැනි ප්‍රවීණයින් මෙහි රඟපානවා. වික්ටර් රත්නායක සංගීතවත් කරලා ගායනා කරන ගීත 6ක් චිත්‍රපටයට ඇතුළත්. වික්ටර් සමග උරේෂා රවිහාරි මෙහි ගීත ගායනා කරනවා.
ආදරෙයි මං චිත්‍රපටය ප්රගීත්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වුණාට ප්රගීත්ගේ කලා ජීවිතය බොහෝ දිගු එකක් නේද?
මම ක්ෂේත්රයට එකතු වුණේ 88-89 කාලේ. එතකොට මම කොළඹ ඉසිපතන විදුහලේ සාමාන්‍ය පෙළ හදාරනවා. ආචාර්ය සලමන් ෆොන්සේකා යටතේ නාට්‍ය කලාව හදාරන්න ඔය කාලේ අවස්ථාව ලැබුණා. ඒ තමයි මගේ ගමන ආරම්භය. 1989 ලාල් වනිගතුංග සුපිරි සිරි පිරි නාට්‍යය කළා. එය ගැටවර වයස තේමා කරගත්තු එකක්. මට එහි රඟපාන්න ලැබුණා. ඊට පස්සේ එදා මෙදාතුර වේදිකා නාට්‍ය රැසක් කළා. 1996 දී මදර් තෙරේසා ඉංග්‍රීසි චිත්‍රපටය තුළත් සිනමාවේ රඟපාන්න ලැබුණා. 1999 දී සෙනෂේ
බංඩාරනායකගේ 'ෆැන්ටසි ඇවනිවු නාට්‍යයෙන් ටෙලි නාට්‍යයවලට එකතු වුණා. රංගනයට අමතරව ශාන්ති, ප්රගිති වැනි නාට්‍යයවල හඬ කැවීම්වලටත් එකතු වෙලා තියෙනවා.
නිර්මාණවලින් ආදරය ගැන කතාකරන ප්රගීතුත් ආදරය විඳිනවාද?
(හිනැහී) ඔව්. මමත් පෙම්වතෙක්
ආරියවංශ කුලතිලක