සරත් කොතලාවල කියන්නේ ඕනෑම චරිතයකට විශිෂ්ට දායකත්වයක් දෙන රංගන ශිල්පියෙක්. කොළඹ සන්නිය රිටර්න්ස් චිත්‍රපටය හරහා ඔහුව අපිට මේ දිනවල රිදී තිරයේ දැක ගන්න පුළුවන්. රංගනයේ වැඩ කටයුතු වගේම සරත් තිබ්බ අලුත් පියවර ගැන දැනගන්න අපි ඔහුව කතාබහට එකතු කරගත්තා.
මේ දවස්වල කොළඹ සන්නිය රිටර්න්ස් චිත්‍රපටයෙන් අපිට ඔබව දැකගන්න පුළුවන්. ඒ ගැන මුලින්ම කියමු
ඔව්. මම කොළඹ සන්නිය පළමුවැනි චිත්‍රපටය බැලුවේ පොඩි කාලේ. ඒ චිත්‍රපටයේ හිටියේ මම ආස කරපු වගේම ආදරේ කරපු රංගන ශිල්පීන්. මට සිදුවුණ අත්දැකීම් එක්ක තමයි මේ චරිතය ගොඩනැඟුණේ. පරණ චිත්‍රපටය ගැන හිතුවේ නෑ. ඒ ගැන විවිධ ප්‍රතිචාර එනවා මේ දවස්වල.
රඟපාන්න තිබුණු චරිතය එක්තරා විදියක අභියෝගයක් නේද?
ඒක මට රඟපාන්න ලැබුණු තවත් චරිතයක්. කතාවේ භාගෙකට මට ඉන්න තියෙන්නේ අමුඩේ ඇඳලා. ගමේදී මම ඕනතරම් අමුඩේ ඇඳගෙන ඉඳලා තියෙනවා. හැබැයි මේ අත්දැකීම විශේෂයි. ඔක්කොම එකතුවෙලා මට ලොකු සහයෝගයක් දුන්නා චිත්‍රපටය වෙනුවෙන්.
ඔබේ චරිතය තුළින් චිත්‍රපටයේ අන්තර්ගතයට කොයි වගේ බලපෑමක් එක් කරනවාද?
මට තියෙන්නේ මේ කතාවේ තියෙන ප්‍රධානම චරිතයක්. අන්දිරිස් තමයි චරිතයේ නම. ගමක ඉන්න මිනිස්සු නාගරීකරණය වෙන්න උත්සාහ කරනවා. මිනිස්සු වෙනස් වෙනවා. සමහර වෙලාවට වෙනස්වීම්වලට අනුගත වෙනවා. සමහරක් වෙලාවට ඒක කරන්න අමාරු වෙනවා. කතාවට ලොකු දායකත්වයක් මේ අන්දිරිස් කියන චරිතය හරහා ලැබෙනවා.
ඔබට නිර්මාණ තුළ හාසේයාත්පාදක වගේම සීරියස් කියන එකකට එකක් වෙනස් චරිත නියෝජනය කරන්න ලැබෙනවා නේද?
ඔව්. ඇත්තෙන්ම ඒක මගේ වාසනාවක්. යම් නිර්මාණයක් ප්‍රහසන ගණයට ගත්තාම ඒකත් සීරියස් විදියට කරන්න ඕන. ඒ ඒ සිද්ධීන් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම වුණත් අපි හැම චරිතයක්ම සීරියස් විදියට කරන්න ඕනේ.
චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර, නරක ප්‍රතිචාර වගේම මධ්‍යස්ථ ප්‍රතිචාරත් ලැබෙනවා.
කොළඹ සන්නිය නිසා ඔබට විවේචන ඇවිත් නැද්ද?
තාම විවේචන ඇවිත් නෑ. හම්බ වෙන හැමෝම හොඳ තමයි කියන්නේ. ඉස්සරහට බලමු.
නිර්මාණයක් තෝරා ගනිද්දී අධ්යක්ෂවරයා ප්රවීණද ආධුනිකද කියන එක ඔබට අදාළ නැද්ද?
මම පිටපත තමයි මුලින්ම බලන්නේ. පිටපතෙන් අන්තිමට සිදුවෙන ප්‍රකාශය සමාජයට යහපතක් වෙනවද කියන දේ මත තමයි නිර්මාණය තෝරා ගන්නේ. අධ්යක්ෂවරයාගේ මතය මතත් පිටපතේ හොඳ නරක වෙනස් කරන්න පුළුවන්. ඉස්සරහට අධ්යක්ෂවරයා ගැනත් හිතනවා.
චරිතය ගොඩනඟා ගැනීමේදී හර්ෂ එක්ක වැඩ කරන්න පහසු වුණාද?
ඔව්. ඇත්තටම ඔහුත් සමඟ ගනුදෙනු කරන්න ලේසියි. ලොකු උදව්වක් ලැබුණා ඔහුගෙන්.
චිත්‍රපටවල ප්‍රචාරණ කටයුතුවලට රංගන ශිල්පීන්ගේ දායකත්වය අධ්යක්ෂවරු බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ දායකත්වය කොයි වගේද?
මම උපරිමෙන්ම සහයෝගය දෙනවා. චිත්‍රපටයක් කළාම ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. චිත්‍රපටයක් කළා වගේ නෙවෙයි, ඒක පවත්වාගෙන යන එක අමාරුයි.
ලංකාවේ චිත්‍රපට කලාව තුළ ඔබට ලැබිලා තියෙන වපසරිය ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ලංකාවේ හොඳ පිටපත් බිහිවෙනවා අඩුයි. ඒ අඩුව ඇත්තටම තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ ගැන සෑහීමකට පත් වෙන්න අමාරුයි.
කුමාර තිරිමාදුර එක්ක එකතුවෙලා අධ්‍යක්ෂණයටත් අත ගැහුවා නේද?
ඔව්. නිවුස්පේපර් කියලා ෆිල්ම් එකක් කරනවා. මේ දවස්වල ඒකේ පසු නිෂ්පාදන කටයුතු කරනවා. ඒ චිත්‍රපටයේ තිර රචනය, රඟපෑම, අධ්‍යක්ෂණය කියන තුනටම අපි දෙන්නා දායක වුණා.
ඇයි දෙන්නෙක් එකතු වෙලා මේ වැඩ කරන්නේ. තනියෙන් අධ්යක්ෂණ කටයුත්තක් කරන දවසක් එන්නේ නැද්ද?
ඒක කාලය විසින් සිදුකරයි. මේ යන විදියත් එක්ක බලමු.
පුංචි තිරය, සිනමාව, වේදිකාව කියන තුනේම ගනුදෙනුව පහසුද?
ඒක පහසු කටයුත්තක් නෙවෙයි. අද වෙනකොට ටෙලි නාට්‍ය තනිකරම ව්‍යාපාරයක් බවට පත් වෙලා. නිෂ්පාදන වියදම් අවම කරගන්න වෙනත් වියදම් කප්පාදු කරනවා. කලාතුරකින් තමයි හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ.
මේ දවස්වල ඔබ සම්බන්ධ වෙන ටෙලි තිරයේ වැඩකටයුතු ගැනත් කියමු?
අහස් මාලිගා, කිරුළි, හරස් පාර කියන ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා.
ඉදිරි වැඩ කටයුතු මොනවාද?
ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ඊළඟ පිටපත ලියන වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා.
උදාරා ඉන්දීවරී ජිනදාස
මව්බිම