lan englan tam

අතන මෙතන

“මානිගෙ තීරුව NOT OUT 36” සැප්තැම්බර් 29දා එළිදකී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුන්දර නිහතමානි ද මැල් ලියන "මානිගෙ තීරුව" ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි. 1989 දී "දිවයින ඉරිදා සංග්‍රහයෙන්" ඇරඹුණු එය 1994දී "ලක්බිම ඉරිදා සංග්‍රහයට"ද 2019දී "සතිඅග අරුණට"ද මාරු විය.

අද වන විට එය අවුරුදු තිස්හයක් තිස්සේ ලියවී තිබෙනවා.

මෙහි, 2018 වර්ෂයේ සිට 2025 දක්වා ලියවුණු තීරු අසූවක් ඇතුළත් "මානිගෙ තීරුව NOT OUT 36 " කෘතිය,

2025 සැප්තැම්බර් 29 වැනි සඳුදා, සවස 3.30ට, කොළඹ, BMICH පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙනවා.

එදිනට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී මානිගෙ තීරුව ගැන දේශන පවත්වන්නට නියමිතයි.

සභාව මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි විසින්.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කතුවරයා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

 

547041795 10163025534582726 1999541687788089575 n

 

(තොරතුරු සහ ඡායාරූප 'Sundara Nihatamani De Mel' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

kemadasa

shungara

Back to top
Go to bottom