lan englan tam

අතන මෙතන

තිරංජනී චන්ද්‍රිකා විසින් රචිත ‘පත්තම්මා’ නවකතාව ජනගත කිරීම (නෙවැම්බර් 26)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තිරංජනී චන්ද්‍රිකාගේ කුළුඳුල් ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය 'පත්තම්මා' ජනගත කිරීම,

2025 නොවැම්බර් 26 වන බදාදා,

සවස 3.00 ට,

කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී සිදුවෙනවා.

 

 

මෙදින උත්සවයේ ප්‍රධාන අදහස් දැක්වීම සාහිත්‍යවේදිනී කාංචනා ප්‍රියකාන්ත සහ විශේෂඥ වෛද්‍ය වාසුල රත්නවීර විසින් සිදු කරනු ඇති.

මෙම අවස්ථාවට එක්වන මෙන් ලේඛිකාව ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.


මතු දැක්වෙන්නේ ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් තිරංජනී චන්ද්‍රිකාගේ 'පත්තම්මා' කෘතිය පිළිබඳව තබන ලද සටහනකි.

මේ අපූරු වියමනකි. අප මෙතෙක් අසා ඇති ප්‍රකට කතන්දරයක ඇතුළු පැත්ත විවර කරන්නකි. මෙයට පාදක රජ සමය අප කියවාගෙන ඇත්තේ යම් ජනප්‍රිය කරුණු කිහිපයක් පළමු කොටගෙනය. තිරංජනී චන්ද්‍රිකා එය අතික්‍රමණය කරමින් නව අපූරු පරිකල්පන අඩවියක් නිර්මාණය කර ඇත. එය අඩිය තබා හැමතැමනම යන්නට ප්‍රිය උපදවයි. සිය මුල්ම ප්‍රබන්ධිත කතන්දරය වුවද ඒ ඔස්සේ අපට සිතූ පරිදි සෑම තැනම පියමං කරන්න සිතෙනුයේ ඇය ආධුනික ගතිලක්ෂණවලින් බැහැර නිසා ය. පත්තම්මා කියැවීම යනු අසිරිමත් අත්දැකීමකි.”

- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල -

 Thiranjanai Chandrika w

 

 

 

kemadasa

Back to top
Go to bottom