මහගම සේකර කලකරුවාගේ 50 වන ගුණානුස්මරණය නිමිත්තෙන් පැවැත්වෙන "අතීතයෙන් ගඟ ගලා බසී" - මහගම සේකර 50 සහෘද සම්භාෂණය,
2026 ජනවාරි 24 සෙනසුරාදා,
ප.ව.3.00 සිට,
කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ “කමත” පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
එදින සමරු සාකච්ඡා මණ්ඩපය - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක කම්මැල්ලවීර, විදර්ශන කන්නන්ගර, රවි සිරිවර්ධන , කල්පනා මාලතී ඇම්බ්‍රොස් යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර,
සේකර සමර ගී සැදෑව පස්වරු 5.30 ට ආරම්භ වේ.
මෙහෙයවීම: කථිකාචාර්ය ඔසඳ ගුණරත්න.
සංවිධානය: ශ්‍රී ලංකා කලා මණ්ඩලය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
මෙම අවස්ථාවට එක් වන මෙන් සේකර ප්‍රේමී සහෘද ඔබ සැමට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කොට සිටිනවා.
















