සමාජ ක්‍රියාධරයෙකු සහ මානව හිතවාදියකු වූ නීතිඥ එස්.ජී. පුංචිහේවාගේ දිවිසැරිය අලලා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන විසින් රචනා කළ ‘සැබෑ මානවවාදියෙකුගේ කථාවක්’ ග‍්‍රන්ථය එළි දැක්වීම ඔහුගේ 93 වැනි ජන්ම දිනය යෙදෙන හෙට දිනයේ එනම්,
2026.03.12 වැනි බ්‍රහස්පතින්දා,
ප.ව. 3.00 ට,
කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙනවා.
මෙදින මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් සිදු කිරීමට නියමිත අතර, අචාර්ය රත්න ශ්‍රී විජේසිංහ හා සම්මානි විජේසිංහ විසින් කෙටි අදහස් දැක්වීමක් ද සිදු කරනු ඇති.
මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
සංවිධානය - ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය




