ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව අලළා මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් රචිත හදසර ග්‍රන්ථය එළඹෙන සැප්තැම්බර් මස 06 වැනි බදාදා එලි දැක්වීමට නියමිතය.
එම උත්සවය එදින සවස කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මෙහිදී කෙටි මුද්‍රා නාට්‍ය දොළසක් ද වේදිකා ගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
ඊට සමගාමීව “සිංහයා මෙතෙක් තම පුතුට නොකී කතාව” යන තේමාවෙන් මහාචාර්යවරයා විසින් ගයන නවතම ගීතය ද ජනගත කිරීමට නියමිතය.