පසුගිය මැයි 29 වනදා සිට තිරගත වීම ආරම්භ කළ, ලාංකීය සිනමාවට එක් වූ අලුත්ම හාස්‍ය චිත්‍රපටය තමයි හවුස්ෆුල් (Housefull) කියලා කියන්නේ.
විවිධ ප්‍රවර්ග වලින් යුත් සිනමා නිර්මාණවලින් පිරුණු මෑත කාලීන සිනමාවට එක්වන විනෝදයෙන් සහ සිනහවෙන් පිරුණු සිනමා නිර්මාණයක් විදිහට හවුස්ෆුල් (Housefull) හඳුන්වන්නට පුලුවන්.
මෑතකාලයේදී මෙරට සිටින වැඩිම නලු නිලියන් පිරිසක් රංගනයෙන් එක්වන කොමඩි චිත්‍රපටය වන්නේත්, පසුගියදා තිරගත වීම ඇරඹුණු මේ Housefull චිත්‍රපටයයි.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ජීවන් කුමාරතුංග සමඟින් චුලක්ෂි රණතුංග මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වනවා. විශේෂයෙන්ම කලක් සිනමාවෙන් නිහඬව සිටි ජීවන් කුමාරතුංගව මෑත කාලයේදී ඔබ නොදුටු වෙනස්ම චරිතයකින් දැකබලා ගන්න 'හවුස්ෆුල්' චිත්‍රපටයෙන් අවස්ථාව හිමිවෙනවා.
'හවුස්ෆුල්' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>>
සීතල කඳුකරයේ සුන්දර හෝටලයක් කරන ධනවංශ මුදලාලිට තිබෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ඒ ඔහුගේ හෝටලය ආසන්නයේ කුඩා කෑම කඩයක් කරන සුම්මා සහ ඔහුගේ මිතුරු කැලයි. ස්වභාවයෙන්ම ගැටුම් ඇති කරගන්නා චරිතයක් ඇති සුම්මා ධනවංශ මුදලාලි සමඟින් විවිධ කලබල ඇති කරගනී.
ධනවංශගේ දියණිය උසස් අධ්‍යාපනය නිම කර ලංකාවට එන්නේ ඒ අතරේදීයි. සුම්මා සහ ධනවංශ මුදලාලිගේ දියණිය අතරේ නොදැනීම හිතවතකමක් ගොඩ නැඟෙන්නේ ඉන් පසුවයි.
'හවුස්ෆුල්' චිත්‍රපටයට පාදක වන්නේ මේ කරදරයෙන් තම දියණිය බේරා ගන්නට උත්හාස දරන ධනවංශ මුදලාලි සහ ඔහුගේ දියණියට හිත ගිය සුම්මා අතර සිදුවීම් පෙළයි.
මිහිර සිරිතිලක, කුසුම් රේණු, දමිතා අබේරත්න, සුරංග සතරසිංහ, සමන් හේමරත්න, නිලන්ති ඩයස්, රයන් වෑන්රෝයන්, ඩී බී ගංගොඩතැන්න ඇතුළුව වර්තමාන සිනමාවේ සිටින තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් Housefull චිත්‍රපටයටයෙන් රංගනයට එක් වනවා.
'හවුස්ෆුල්' චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ ශ්‍රී ලාල් ප්‍රියදේව යි.
ජොලි හලෝ , අලි පැටියෝ ඔයයි මමයි ,මගෝ ඩිගෝ ඩයි , අපේ යාලු පුංචි භූතයා, අප්පට සිරි ඇතුලු සිනමාපට 10කට අධික සංඛ්‍යාවක් ලාල් ප්‍රියදේව විසින් මීට පෙර අධ්‍යක්ෂණය කොට තිබෙනවා.
'Housefull' නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ තව්තිසා පික්චර්ස් වෙනුවෙන් මොහාන් පෙරේරා විසිනුයි. ගිහානි වීරසිංහ සහ සුනිල් ටී ප්‍රනාන්දු සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වුනා.
සහාය අධ්‍යක්ෂණය චමත් ඉපලවත්තයි. ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් සහ ඒෂණ ඉන්දීවර සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වෙනවා.
ඉතින්, දිවයින පුරා සිනමාශාලා හැටකට ආසන්න ප්‍රමාණයක මේ වන විට තිරගත වෙමින් පවතින 'හවුස්ෆුල්' චිත්‍රපටය ඔබටත් පවුලේ සැමටත් එකලෙස නැරඹිය හැකි සිනහව හා විනෝදය පිරුණු සිනමා අත්දැකීමක් තිළිණ කරන සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැකියි.