lan englan tam

විශේෂාංග

"මගේ තාත්තා අනෙක් හැමෝම වගේ මනුස්සයෙක්" - කැතරින් කැමූ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-මහේෂි බී. වීරකෝන්-

ඔබ ඇල්බෙයා කැමූගේ දුව වගේම ඔහුගේ සාහිත්‍ය උරුමයේ හිමිකරුවා. මේ භූමිකා දෙක සමබර කරගන්න එක කොයිතරම් අමාරුද?

ඒක නිකන් පොඩි ස්කිට්සෆ්‍රේනියා එකක් වගේ! ඒත් අභියෝග වලින් පිරුනු ජීවිතය මට මේ භූමිකා දෙක බැලන්ස් කරගන්න හැටි කියා දීලා තියෙනවා. මම ඇල්බෙයා කැමූගේ දුව. මගෙ රාජකාරිය එයාගේ සාහිත්‍යය උරුමය කළමනාකරණය කරන එක. ඒ රාජකාරියේදි මම තාත්තගෙන් ඉගෙන ගත්තු ඒවා යොදන්න උත්සාහ කරනවා: නිදහස, වගකීම සහ අනෙක් අය කෙරේ වන ගෞරවය. මම නිතර අනෙක් අයට කියනවා පපා මගේ පස්සෙන්ම ඉන්න එක හොඳ දෙයක් කියලා.

 

61u4KbkYNNL. UF350350 QL80 1

 

ල මොන්” ප්‍රංශ පුවත්පත සමඟ සාකච්චාවකදි ඔබ මේ වගේ ප්‍රබල නමුත් වක්‍රාකාර ප්‍රකාශයක් කරලා තිබුනා: “ඇල්බෙයා කැමූගේ දුව කොයිවගේ වෙන්න ඕනිද කියලා මිනිස්සුන්ට නිමි අදහසක් තියෙනවා. අනිවාර්‍යෙන්ම මම එයාලා කලකිරවනවා.” ඔබට මේ අදහස ගැන තව යමක් කියන්න පුළුවන්ද?

අපි හැමෝ තුළම තමන්ගෙම කැමූ කෙනෙක් ඉන්නවා. ස්වභාවයෙන්ම, ඔයාට පළවෙනි වතාවට කෙනෙක් මුණ ගැහෙද්දි, ඔයා කවුද කියලා කලින් හිතාගත්තු අදහසක් එයාට තියෙනවා. මේක හැමෝටම මේ වගේ. ඒත්, ඔයා ප්‍රසිද්ධ පුද්ගලයකුගේ, නොබෙල් ත්‍යාග ලාභියකුගේ දරුවෙක් උනාම ඒක දහගුණයකින් වැඩිවෙනවා. මට කවදාවත් අනෙක් අයට වඩා වෙනස් විදියට දැනිලා නෑ. මම සත්තුන්ටත්, සොබාදහමටත් ආදරෙයි. මට ඇකඩමික් අපබ්‍රංශ පේන්න බෑ! අනිත්මේට, මට කිසි දෙයක් ඔප්පු කරන්න නෑ. ජීවත් වෙන එක කොහොමත් අමාරුයි. ඉතින් මට, වෙන කවුරුත් වගේ බොරුවට මවා පාන්නේ නැතිව මමම වෙන්න ඕනේ. කොහොම උනත්, කලකිරීමට පත් නොවුන, මම ඉන්න විදියටම මට කැමති උදවිය ඉන්නවා. එක දවසක් එක කාන්තාවක් මට කීවා: ” ඔයා තමයි ඇල්බෙයා කැමූගේ ලස්සනම වැඩේ.” සතුටට මට කලන්තේ නොහැදුනා විතරයි.

 

https assets.lareviewofbooks.org uploads 201803cc2 

මේ ලියුම් වලින් මම ඔබේ බාල කාලේ ගැන කරුණු කීපයක් දැනගත්තා. උදාහරණයක් විදියට, ඔබේ එක ඇහැක දුර්වලතාවයක් නිසා ඔබට කණ්නාඩි පළදින්න වීම ගැන ඔබේ තාත්තා සිත කරදර කරගත්තා. ඒ වගේම, ලූමරින් වල ගෙවත්තේ තාත්තා පැළ කරපු මල් කාලා දැම්ම, පැමීනා කියන සුරතල් කොටළුවෙක් ඔබට හිටියා කියලා. මේ ලියුම් කියවද්දි ඔබ තාත්තා ගැන අළුත් යමක් දැනගත්තද?

මට කණගාටුයි. ඒත් මට හම්බ වුනේ තාත්තා විතරයි. මම එයා ගැන අළුත් කිසිම දෙයක් දැනගත්තේ නෑ. ඉපදුනු දා ඉඳන්, දරුවන්ට එයාලගේ දෙමාපියන් ගැන ගැඹුරු හැඟීමක් තියෙනවා. ඒත් ඒ ගැන කියන්න එයාලට වචනවත්, සංකල්පවත් නෑ. අන්න ඒකයි කවදාවත් දරුවන්ට බොරු කරන්න හොඳ නැත්තේ. එයාලා ඒක දැනගන්නවා. ඒකෙන් එයාල පීඩනයට පත් වෙනවා වගේම එයාලා තුළ වරදකාරී හැඟීම් ඇති වෙනවා.

 

සිය ගානක් වෙන මේ ලියුම් සංස්කරණය කරලා පළකරන්න අවුරුදු තිස් ගානක් ගියා. ඔබේ තාත්තයි, මාරියා කසාරෙසුයි අතර සිද්ද උනු මේ හුවමාරුව කියවද්දි ඔබේ හිතට නැඟුනේ මොනවද? ඒවා ජනතාවට ලබාදෙන්න ඔබ දැන් තීරණය කලේ ඇයි?

අද කාලේ හැමදේම හරිම ඉක්මන් ගමනේ. ඉතින් මාරියාව ඉක්මනින් අමතක වෙයි කියලා මගේ හිත කරදර උනා. මට හිතුනා එයාලගේ ලිපි හුවමාරුව විශිෂ්ටයි කියලා. එක පැත්තකින් ඒ, එයාලගේ ආදරේ නොතිබුනානම්, ඒ කාලේ මගේ තාත්තා මූණ දුන්න බොහෝමයක් අසීරුතා වලින් ගොඩ එන්න එයාට දහිරිය නැති වෙන හින්දා. මාරියාට තාත්තා යවපු අන්තිම ලියුම කියවද්දි, තාත්තා මැරුණය කියලා මට හුඟක් දුක හිතුනා.

 

කසාරේස්ට යවපු ලියුම් වල ඔබේ තාත්තා කොයිතරම් දුර්වල විදියට දිස් වෙනවද කියන කාරණාව මට අදහා ගන්න බැරි තරම් උනා. අපි කියුවොත්, “ද ස්ට්‍රේන්ජර්”, “ද ප්ලේග්”, නැත්තම් “ද මිත් ඔෆ් සිසිෆස්”, ඒත් නැත්තම් “ද රිබෙල්” කියන පොත් වල කතෘ හැටියට කැමූව හඳුනගෙන ඉන්න පාඨකයාට, බාගවිට මේක අනපේක්ෂිත සොයාගැනීමක් වෙයි. ඔබේ තාත්තාගේ චරිතයේ තියෙන මේ දුර්වල පැත්ත ඔබව පුදුමයට පත් කළාද? නැත්තම්, ඒක ඔබ හැමදෑම දැනගෙන හිටපු පැත්තක්ද?

මගේ තාත්තා අනෙක් හැමෝම වගේ මනුස්සයෙක්. ඒත් මේ ලියමන් අපිට මතක් කරලා දෙනවා අපේ දුර්වලකම් සහ ප්‍රමාදයන්ම අපේ ශ්‍රේෂ්ටත්වයට හේතු වෙනවාය කියන එක. පුද්ගලිකව, පොඩි කාලේ ඉඳන්ම මට මගේ තාත්තාගේ හුදකලාවත්, වේදනාවත් දැනුනා. ඒත් එතකොට මම හුඟක් පුංචියි. එයා හිටපු විදියෙන්ම මම එයාට ආදරෙයි කියන්න මම ලැජ්ජා උනා.

 https assets.lareviewofbooks.org uploads 201803Catherine Albert

 

තව කෙනෙක් වෙනුවෙන් කතා කරන එක ඉතාම දුෂ්කරයි. ඇත්තටම. කොටින්ම- නැත්තම්, බාගවිට, විශේෂයෙන්, ඒ පුද්ගලයා තමන්ගේ තාත්තා වෙද්දි. එහෙම උනත්, ඔබ විශ්වාස කරන හැටියට, අද දවසේ ඔහුගේ ලේඛනයේ අපිට අදාළ වෙන්නේ මොනවද කියල අපිට කියන්න පුළුවන්ද?

පාඨකයන්ගෙන් මට එන අපමණ ලියුම් ගැන බැලුවොත්, ඉතාම සරලව, මගේ තාත්තා සෑහෙන හොඳක් කරලා තියෙනවා. තාත්තා සටන් කරපු පරමාදර්ශයන් වියැකිලා ගියත්, අපි තාමත් ජීවත් වෙන්නේ එයා භය උන වියුක්තියන් තියෙන යුගයක. ඒත් මගෙ තාත්තා ඒ විදියටමත් ඉන්නවා. පැහැදිලි, වටහාගත හැකි භාෂාවකින් කතා කරමින්, සම්පූර්ණයෙන්ම මිනිසෙක් විදියට. හැමවෙලේම අනාගතය ගැන අසුභවාදියෙක් උනාට, මේ දැන් ගැන එයා හැමවිටම සුභවාදියෙක් උනා. අපිට තියෙන්නේ එකම චකිතයන්, එකම බලාපොරොත්තු, එකම ශෝකයන්, එකම අහ්ලාදයන්. ඒකයි මගෙ තාත්තගෙ නිර්මාණ විශ්වීය වගේම සර්වකාලීන වෙන්නේ. එයාගේ පොත් යම්කිසි සහෝදරත්වයක් නිර්මාණය කරනවා. එතැන ඉද්දි අපිට තනිකම දැනෙන්නේ අඩුවෙන්.

An Interview with Catherine Camus
By Robert Zaretsky
March 4, 2018
Los Angeles Rivews of Books

 

Maheshi B Weerakoon 150x150 

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon

 

 

 

(උපුටා ගැනීම lankadailymail.com ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom