lan englan tam

විශේෂාංග

‘ක්ලැරන්ස්‌’ - සත්සර විප්ලවවාදියාගේ නැවත ඉපදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-ලීල් පතිරණ-

බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් හි 1960 දී The Beatles යන නමින් රොක් සංගීත කණ්ඩායමක් බිහිවන විට ඊට සමාගාමිව ශ්‍රි ලංකාවේ රුවන්පුරයෙන් Moonstones යන නමින් පොප් සංගීත කණ්ඩායමක් 1966 දී බිහිවෙයි.

මෙහි සුවිශේෂත්වය වන්නේ ඔවුන් සම්ප්‍රදායික ඉන්දියන් ක්ලැසිකල් රාමුව ඉවත ලා බටහිර සංගිතයත් සමග උඩුගම් බලා පිහිනිමයි. අනෙක් අතට මෙය ඉතිහාස ගත වන්නේ ලංකාවේ පලමු සංගිතමය සිනමා චරිතාප්‍රධානක් වීමය. එමෙන්ම අප නිරායායෙන්ම අතීතකාමයට (Nostalgia) ගෙනයන සංගිතමය චාරිකාවක් ලෙසය.

විතාන කුරුප්පු ආරච්චිල්ලාගේ ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධන උපත වර්ෂ 1943 අගෝස්තු 3 දින හපුතලේ සිදු විය. පසුව ඔහු සංගීත ලෝකයේ බෞස්තීම වුයේ ක්ලැරන්ස් විජේවර්ධන ලෙසිනි. කෙසේ උවද ඔහුගේ ජාන නවීන තාක්ෂණයෙන් පරම්පරා අටකට හෝ දහයකට එහා සොයා බැලුවහොත් ඔහුගේ සංගීත ජාන වල තිබිරිගෙය වන්නේ යුරෝපය යනුවෙන් මට සිතේ. හේතුව ඔහු ගායකයෙකු පමණක් නොවුණි.ඔහු පරිපුර්ණ සංගීතඥයෙකු විය.වාදකයෙකු, ගීත රචකයෙකු, තනු නිර්මාණය ශිල්පියෙකු,සංගීත පටිගත කිරීමේ ඉංජිනේරුවෙකු පමණක් නොව චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයෙකුද විය.

ලාංකේය සංගිතය ජාත්‍යන්තරයට ගෙන යා හැකි දෙදෙනකු එකල විය. ඒ ක්ලැරන්ස් විජේවර්ධන හා සුනිල් ශාන්තයන්ය. නමුත් සිය බයිබලය විය යුත්තේ ඉන්දියානු ක්ලැසිකල් සංගිතය  පමණක්ය යනුවෙන් ඇදහු “ ප්‍රබුද්ධ බමුණු කුලය” මේ දෙදෙනාටම වැට බැන්දේ ය. මොවුන් දෙදෙනා සංගිතයේ ඉහලටම යන බව ඔවුන් හට ඉවෙන් මෙන් දැණිනි, එතැනින් නොනැවතී ඔවුන් හට ගුවන් විදුලිය තහනම් වුවා පමණක් නොව සුනිල් ශාන්තයන් හට වසදී මරා දැමීමිට තරම් මේ ඊනියා ප්‍රබුද්ධ කුලය උත්සහ ගත්තේය. කෙසේ උවද ක්ලැරන්ස් ගේ ප්‍රසිද්ධියට වැට බැදීමට ඔවුන් හට තරමක් අපහසු විය. හේතුව ඔහුගේ මාධ්‍ය වුයේ ප්‍රසංග වේදිකාවයි. කෙසේ උවද මෙවැනි කෙනාහිලිකම් නොවන්නට ලංකාවෙන් John Lennon කෙනෙකු හා Eric Clapton කෙනෙකු බිහි වන්නට තිබුනේ මීට දශක ගනනාවකට පෙරය.

ක්ලැරන්ස් ගේ සංගීතය ප්‍රසිද්ධ සංගීතය (popular music) හෙවත් පොප් මියූසික් වූ අතර ඔහුගේ දේශපාලනයද ලිබරල්වාදී විය. මෙය ඔහුගේ ගීත වල සංයූතිය මැනැවින් කියාපායි. ඔහුගේ දැනුම් සම්බහාරය සංගීතයට පමණක් නොව ශ්‍රීලංකාවෙ ප්‍රථම වතාවට බුද්ධිමය දේපල පණතේ එන කතෘ අයිතිය (Copy Right) පිලිබඳ නීතිය කෙටුම්පත් කිරීමටද ඔහු දායක වි ඇත (Code of Intellectual Property Act No. 52 of 1979).

 

503469313 122124753014803947 1595189144931803493 n 3

 

ක්ලාරස්ගේ ජිවිත කතාව සිනමාවට නැගි ඇති බව  දැනගත් විට මා අමන්දානන්දයට පත්වීය.හේතුව ඇයි කැලැරන්ස් ගැන සිනමා පටියක් බිහි වෙන්නේ නැත්තේ කියා මා සිතුවේ 1996 ඔහුගේ මරණයෙන් වසර දෙකකට පමණ පසුව එනම් 1998 දීය. ඒ වන විය මා ලෝකයේ සංගීත කණ්ඩායම් වල හා ගායක ගායිකාවන් පිලිබඳ නිපදවූ Documentaries/Movies බලා තිබුනි. මේවා අතර John Lennon ගේ ජීවිතය පිලිබඳ නිපද වූ The U.S. vs. John Lennon වාර්තා චිත්‍රටිය ඔහුගේ සංගීත දිවිය හා ඇමරිකාව වියට්නාමයේ ගෙනයන මානව සංහරයට විරුද්ධව ඔහු ගෙනගිය භූමිකාව හා ඇමරිකාවෙන් ඔහුව පිටුවහල් කිරමට ගෙනයන කුමන්තරණය පිලිබඳ ගෙනහැර දක්වයි.තවද Pink Floyd ලාගේ At Pompeii, Sound of Music, Flash Dance වැනි සිනමා කෘතිද මේ අතර විය.

 

ක්ලැරන්ස් ගේ මෙම සිනමා පටය සත්‍ය සිදුවීම් මත ගොඩනැගුන තිරරචනයක්ය (screenplay). 70 හා 80 ව දශක වල ඔවුන්ගේ ජිවිත හා සිදුවිම් තිර රචකයා පස්චාත් නුතනවාදී කෝණයකින් බලා මෙම සිනමා පටය ගොඩ නගා ඇත. බොහෝ විට අධ්‍යක්ශක ගේ හා නිෂ්පාදක ගේ ප්‍රේක්ෂක ඉලක්කය වී ඇත්තේ 2000 න් පසු ඉපදුන තරුණ පරම්පරාව විය හැක. මම එහි වරදක් නොදකියි. හැත්තෑව අසූව දශක වල ඉපදුන අය ද දෙදාහෙන් පසුව ඉපදුන අයටද වෙනසක් නොමැතිව මෙය රස විදිය හැකිය.

 

503682984 122124754160803947 4695285771087685784 n

 

කෙසේ උවද ක්ලැරන්ස් ගේ සංගීතය හා දේශපාලනය ලිබරල්වාදී උවද, කලා අධ්‍යක්ශක ඔවුන් බූර්ෂුවා (Bourgeois) ජිවන රටවක් ගෙනයන ඉතා ඉහල සමාජ පන්තියක් ලෙස පෙන්වයි.. අනික් පැත්තෙන් ඔවුන්ට සංගීත භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නොමැති බව පෙන්වයි. මෙය තිර රචනයේ හා කලා අධ්‍යක්ෂනයේ නොගැලපිමක් පෙන්නුම් කරයි.නමුත් සැබැවින්ම මොවුන් මාධ්‍යම පාන්තිකයින්ය. ක්ලැරන්ස් ගේ චරිතයට පනපොවන දමිත් විජයතුංග  නිවැරදි තේරීමකි. ඔහුට හොද කරිස්මාවක් ඇත. ශිලාට පැනපොවන නිහාරී පෙරේරා ගේ භාව ප්‍රකා ශානය සැලකිය යුතු මට්ටමක ඇත. මුළු සිනමාපටය පුරාම රෝමාන්තීකරණය (Romanticize) වී තිබීම ප්‍රේක්ෂකයා ආයාසයකින් තොරව ඇද බැද ගැනීමට සමත් වී ඇත.

 

485153340 122129897594698665 8267312739273288587 n 2

 

මෙහි සුවිශේෂ ම අවස්ථාව වන්නේ ක්ලැරන්ස්‌ ගේ “සද එක්දිනක්- තරු හා බිදී” ගීතය හමුවේ ඔවුන් දෙදෙනා වර්ෂාවේ වොක්ස් වාගන් රථයේ පියස්ස මත හමුවීමයි.අනෙක් රූප රාමුව කන්‍යා සොහොයුරියක් වීමට සිතා සිටින ශීලා හට නැවතත් ඇයගේ ආදරය සොයා දීමට කතෝලික පල්ලිය දරන උත්සාහයයි. අප දන්නා මංගෝ නැන්දා මෙහි නවීකරණය (Modernize) වී ඇත. එමෙන්ම සත්‍ය මංගෝ නැන්දා ගේ භූමිකාවට එහා ගියා චරිතයක් ඈ රගපායි .එම නිසා අප දන්නා මංගෝ මෙම සිනමා පටයේ හමු වන්නේ නැත.

සිනමා පටියේ රුවන් කොස්තා ගේ කැමරාව වෙනදා මෙන් ප්‍රේක්ශකයා සිනමාරූපී කියවීමකට රැගෙන යන අතර සුරේෂ් මාලියද්දගේ සංගීත අධ්‍යක්ශණය ඉතාම ඉහල මට්ටමක පවතී. මෙම තිර රචනය සදහා සහය වී ඇති ඇනෙස්ලි මාලේවන මහතා හට විශේෂ ස්තුතියක් පුදකල  යුතුමය.

 

සටහන - ලීල් පතිරණ

kemadasa

Back to top
Go to bottom