lan englan tam

විශේෂාංග

නූතන සම්බන්ධතා වල සංකීර්ණතා ඉස්මතු කල සිනමා සලරුව "The Girlfriend"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Nilakshi Bandara-

"ද ගර්ල්ෆ්රෙන්ඩ්" (The Girlfriend) යනු රාහුල් රවීන්ද්‍රන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද , 2025 වසරේදී තිරගත වූ ඉන්දියානු තෙළිඟු භාෂා චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයට රශ්මිකා මන්දනා, ධීක්ෂිත් ෂෙට්ටි සහ අනු එමානුවෙල් රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයේ රූගත කිරීම් හයිද්‍රාබාද්, විශාකාපට්නම් සහ ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා හි අනෙකුත් ස්ථානවල සිදු විය. චිත්‍රපටයේ වැඩි කොටසක් ඉන්දියාවේ ප්‍රසිද්ධ නීති විද්‍යාලයක් වන හයිද්‍රාබාද් හි NALSAR නීති විශ්ව විද්‍යාලයේ රූගත කරන ලදී.

සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා හයිද්‍රාබාද් වෙත යන පශ්චාත් උපාධි ශිෂ්‍යාවක් වන භූමි දේවි (රශ්මිකා මන්දනා) සහ කඩවසම් වික්‍රම් (දීක්ෂිත් ෂෙට්ටි) වටා කතාව ගෙතී ඇත.

 

thegirlfriend41762486351

 

සාමාන්‍ය විශ්ව විද්‍යාල ප්‍රේම කතාවක් ලෙස ආරම්භ වන මොවුන්ගේ ප්‍රේමය දිනෙන් දින ඔවුන්ගේ චිත්ත අභ්‍යන්තරයේ සැඟවී ඇති ගැඹුරු චිත්තවේගීය ස්ථර හෙළි කිරීමට පටන් ගනී.

 

GIRLFRIEND IMAGE

 

වික්‍රමගේ සෙනෙහස ක්‍රමයෙන් විෂදායි වීමත් සමග භුමි කෙමෙන් කෙමෙන් පෙනෙන්නට ගත් ඔවුන්ගේ සම්බන්ධතාවයේ යථාර්ථය සමඟ අරගල කිරීමට පටන් ගනී. සෙනෙහස ලෙස වික්‍රමගේ මතුපිටින් ලෝකයට පෙනෙන දෙය සෙමෙන් විෂ සහිත ගතිකයක් බවට පත්වන අතර එය ඇගේ චිත්තවේගීය යහපැවැත්මට, මිත්‍රත්වයන්ට සහ පවුල් සබඳතාවලට බලපායි.

දිනෙන් දින භුමි විසින් ඇයගේ සහ වික්‍රමගේ සමාජ අපේක්ෂාවන්, පුද්ගලික සීමාවන් සහ ආදරයේ සහ ස්වාධීනත්වයේ සැබෑ අර්ථය තේරුම් ගනියි.

 

GIRLFRIEND I3

 

භුමි කුඩාකල සිට පියාගේ ආධිපත්‍යටද නතුවූ තරුණියකි. ටෝක්සික් දෙමව්පියන්ගේ පාලනයෙන් බැට කෑ තාරුණ්‍යයේ සිහින බොඳ වෙන්නේ ඔවුන්ගේ අනාගතය ව්‍යාකුල කරමිනි. බොහෝ ආසියානු රටවල යෞවන යෞවනියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මෙහිදී ඇය පියා සහ වික්‍රම් අතර සිර වේ.

'girl friend' චිත්‍රපටය සම්ප්‍රදායික ආදර කතාවකින් ඔබ්බට ගිය ගැහැණු පිරිමි සම්බන්ධතා වල දක්නට ලැබෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ පිලිබඳ විග්‍රහ කරන චිත්‍රපටයකි.

 

AAAABVERgUm1yZerH88Dg8MnK0nZAfW8tVR7zNLHhRy74CPj2Qq pH4GuJTVOWvgZGW5PLvqWQydMDLoDf4PEg8GTLYM4 QW80udhR0D 2

 

ටෝක්සික් ( විෂ සහිත) සම්බන්දතා තුලින් මිනිසුන්ට ඉවතට පැමිණීමට ඉඩ සලසා ඔවුන්ගේ සැබෑ විභවය හඳුනා ගැනීමට ඉඩ සලසයි. මිනිසුන්ගේ ආත්මාර්ථකාමිත්වය, විෂ වීම, හැසිරවීම වැනි මනෝවිද්‍යාත්මක අංශ ඉතා හොඳින් පෙන්වා දෙයි.

චිත්‍රපටය ප්‍රේක්ෂකයාගෙන් මෙසේ අසයි. අපි ආදරය කරන්නේ පුද්ගලයාට ද හෝ ඔවුන්ගෙන් පෙනෙන හෝ ඔවුන් පෙන්වන ප්‍රතිරූපයට ද?

තෙලිඟු සිනමාවේ වෙනස්ම දෘෂ්ටි කෝණයකින් එළිදැක්වුණ මෙම චිත්‍රපටය සත්‍යවශයෙන්ම පුරුෂාධිපත්‍යයට ගැසූ පහරක් ලෙස කිව හැකියි.

මන්ද ...

නූතන සබඳතාවලදී බොහෝ දෙනෙක් තම සහකරු හෝ සහකාරිය තුළින් බලාපොරොත්තු වන්නේ තමාගේ මනසේ මවාගත් "පරමාදර්ශී" රූපයකි.

චිත්‍රපටය තුළ පෙම්වතියගේ චරිතය හරහා පෙන්වන්නේ මෙම පරමාදර්ශී රූපය බිඳවැටෙන විට පුද්ගලයෙකු අත්විඳින මානසික කඩා වැටීමයි. මෙය මනෝවිද්‍යාවේදී Cognitive Dissonance (ප්‍රජානන විසංවාදය) ලෙස හඳුන්වයි.

භුමි සහ වික්‍රම් අතර ඇති සම්බන්දතාවයෙන් භුමි තමාගෙන් ඈත් වේ යැයි වික්‍රම් තුළ පවතින අධික බිය සහ අනාරක්ෂිත බව නිසාම තම පෙම්වතියව "ආරක්ෂා කිරීමට" හෝ "ගලවා ගැනීමට" ඇති ආශාව ඇයව පාලනය කිරීම වෙස් මුහුණක් ලෙස භාවිතා කරයි.

ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට සබඳතාවයක ඇති ප්‍රේමය, ආරක්ෂාව , සැලකිල්ල සහ ආධිපත්‍යය අතර වෙනස හඳුනා ගැනීමට අභියෝග කරයි.

චිත්‍රපටයේ යම් තිගැස්මක් (Thriller) පවතී නම්, එය Obsessive Love Disorder (අධික ආශාව නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය) පෙන්වන අවස්ථාවක් විය හැකිය. ආදරය යන නාමයෙන් අනෙකා පාලනය කිරීමට උත්සාහ කිරීමේ භයානක මනෝවිද්‍යාත්මක පැත්ත මෙහිදී නිරූපණය වේ.

 

 

නූතන සබඳතාවල සංකීර්ණතා මැනවින් විදහා පාන ග්රල් ෆ්‍රෙන්ඩ් චිත්‍රපටිය වත්මන් සමාජයේ සම්බන්දතා වල පවතින යථාර්තය මොනවට පැහැදිලි කරයි.

 

487117785 9463721840422371 4942179002854388583 n

 සටහන - නිලක්ෂි බණ්ඩාර

( මෙම සටහන 'Nilakshi Bandara' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

Back to top
Go to bottom