lan englan tam

O Oපේ

පිටපතවත් නොකියවා අමීර් ඛාන් කැමති වූ චිත්‍රපටය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් ව ඔබ කවුරුත් හොඳින් දන්නවනේ.

මේ වෙන කොට ‘box office’ වාර්තා තැබූ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියෙන අමීර් ඛාන් තමන් රංගනයෙන් එක්වන චිත්‍රපට තෝරා බේරා ගන්නේ බොහෝම සැලකිල්ලෙන් බව ප්‍රකට කරුණක්.

ඉතින් මේ ජනප්‍රිය නළුවා පිටපතවත් නොකියවා චිත්‍රපටයකට රංගනයෙන් එක්වෙන්න කැමති වෙනවා කියන්නේ ඒ චිත්‍රපටය අනිවාර්යයෙන් බොහෝම සුවිශේෂී එකක් වෙන්නම ඕනෙ.

ඉතින්, අමීර් ඛාන් මේ විදිහට පිටපතවත් නොකියවා රංගනයෙන් එක්වෙන්න කැමැත්ත පළ කරලා තිබුණේ ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරපු ‘coolie’ චිත්‍රපටය සඳහායි.

 

https imagestore.ffm.to link ff4306925967e885f9136877d95d3185

 

මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ‘coolie’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුව වෙන රජිනිකාන්ත් වීම නිසායි.

පසුගියදා ‘coolie’ චිත්‍රපටයේ audio ව එළි දැක්වේමේ අවස්ථාවේ පැවති අදහස් දැක්වීමකදී තමයි අමීර් ඛාන් මේ කතාව මතක් කළේ. ඒ මේ විදිහට,

“ලෝකේෂ් මට මේ ෆිල්ම් එකට කතා කලාම ජීවිතේ මුල්ම වතාවට වෙන්න ඕන මම ස්ක්‍රිප්ට් එක හෝ කතාව මොකක්ද කියලා අහන්නෙ නැතුව ෆිල්ම් එකක රඟපාන්න කැමති වුනේ. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි රැජිනිකාන්ත් සර් නිසා”

ඉතින් අමීර් ඛාන් ආරාධිත රංගනයකින් එක්වෙන මේ චිත්‍රපටයට රජිනිකාන්ත් සමඟ නාගර්ජුනා, සොබින් සහීර්, සත්‍යරාජ්, උපේන්ද්‍ර කුමාර්, ශ්‍රැති හසන් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

ඒ වගේම ‘coolie’ චිත්‍රපටය හෙට(14)  ඉදන් ඉන්දියාව ඇතුළු ලොව පුරාම තිරගත වෙන්නත් නියමිතයි.

ඉතින් අමීර් ඛාන්ගේ රසිකයන්ට වගේම රජිනිගේ සිනමා රසිකයන්ටත් හෙට ඉදන් ‘coolie’ නරඹන්න අවස්ථාව උදා වෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>

kemadasa

shungara

Back to top
Go to bottom