ඉන්දියාවේ ජනප්‍රිය නළු නිළියන් දෙපළක් වන හා විජේ දේවරකොන්ඩා හා රශ්මිකා මන්දනා යුවලගේ ගේ විවාහ මංගල්‍යය එළඹෙන පෙබරවාරි මාසේ 26 වෙනිදා සිදු වන්නට නියමිත බව මේ වෙන කොට ඉන්දියානු කලා තොරතුරු මාධ්‍ය හා වෙබ් අඩවි වලින් වාර්තා වෙනවා.
ඒ වගේම ඔවුන්ගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍රය බව සදහන් වෙන සටහනකුත් මේ වන විට අන්තර්ජාලයේ බොහෝ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.

ඉතින් මේ ආරාධනා පත්‍රයේ සදහන් වෙන විදිහට එළඹෙන පෙබරවාරි 26 වෙනිදා රශ්මිකාගේ හා විජේගේ පවුලේ අය සහභාගී වන කුඩා සහ සමීප උත්සවයකදී ඔවුන්ගේ විවාහය සිදුවෙන්න නියමිත බව තමයි සදහන් වෙන්නේ.
ඉන් පසු, මාර්තු 04 වෙනිදා හයිද්‍රාබාද්හිදී ඔවුන්ගේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් විවාහ මංගල සාදය පැවැත්වෙන බවත් සදහන් කරලා තියෙනවා.
කෙසේ වෙතත් මේ විවාහ උත්සවය ගැන විජේ හෝ රශ්මිකා මේ වන තෙක් මාධ්‍යට අදහස් දක්වා නොමැති වීමත් විශේෂත්වයක්.
පසුගිය ඔක්තෝම්බර් මාසයේත් ඔවුන් දෙපළගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව තොරතුරු වාර්තා උනත් එහි ඡායාරූප හෝ විස්තර මාධ්‍යට නිකුත් කරලා තිබුණේ නෑ.

කොහොම උනත් රශ්මිකා සහ විජේ යුවලගේ මේ ආදර සම්බන්ධය ගැන නම් ආරංචි කරළියට එන්නේ නම් අද ඊයේ ඉදන් නෙමේ.
2018 විතර ඉදන් මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන විවිධ කට කතා වාර්තා වෙනවා.මේ ගැන මුලින්ම වාර්තා වෙන්නේ ඔවුන් දෙපළම රංගනයෙන් එක් උන ‘Geetha Govindam’ (2018) චිත්‍රපටය සමගයි. ඉන්පසුව 2019 'Dear Comrade' චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුරත් මේ සම්බන්ධය ගැන කතා බහට ලක් උනා.
මෑතකදී ඔවුන් දෙපළ එකට ඉන්නවා දැක ගන්න ලැබුනේ පසුගිය අගෝස්තු නිවුයෝර්ක් වල තිබුන 43 වන ඉන්දියානු දින පා ගමන අතර තුරයි.
විජේ හා රශ්මිකා දෙන්නා මොවුන්ගේ රංගන දිවියේත් ඉතාම වැදගත් සන්ධිස්ථානය පසුවෙන මොහොතක් තමයි මේ.
විජේ දේවරකොන්ඩා තමන් රඟපෑ 'Arjun Reddy', 'Geetha Govindam' සහ 'Dear Comrade' වැනි චිත්‍රපට හරහා ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයට පත් උනා. එතැන් සිට ඔහු හින්දි සිනමාවටද පිවිසි අතර, දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම ඉල්ලුමක් ඇති සිනමා තරු අතරට එක් වෙන්න සමත් වෙලා තියෙනවා.
රශ්මිකා මන්දනාත් තෙළිඟු, කන්නඩ, දෙමළ සහ හින්දි සිනමාපට හරහා ඉන්දීය සිනමාවේ වැඩිම ඉල්ලුමක් ඇති නිළියක ලෙස තම නාමය තහවුරු කරගෙන තියෙනවා.. අල්ලු අර්ජුන් සමඟ රඟපෑ 'Pushpa: The Rise' චිත්‍රපටයේ ඇයගේ රංගනය ඇයට මුළු රටේම අවධානය දිනා ගැනීමට සමත් වූ අතර, එතැන් සිට ඇය 'Animal' සහ 'Chhaava' වැනි ප්‍රධාන පෙළේ බොලිවුඩ් නිර්මාණ සඳහා දායක වෙලා තිබෙනවා.
පසුගිය කාලයේ තිරගත වූ ඇය රංගනයෙන් දායක වූ 'The Girlfriend' චිත්‍රපටයත් බොහෝ ජනප්‍රියත්වයට පත් උනා.















