'The Darknight', 'Inception', 'Intersteller', 'Tenet', 'Oppenhimer' වැනි දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වූ ක්‍රිස්ටෝපර් නෝලන් ගේ අලුත්ම චිත්‍රපටය තමයි 'The Odyssey' කියන්නේ.
මේ දින වල මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා.
මොරොක්කෝව, ඉතාලිය, ග්‍රීසිය සහ එක්සත් රාජධානිය යන රටවල් කිහිපයකම රූගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ, මේ දවස්වල ඉතාලියේ සිදු වන රූගත කිරීම් වල ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.
මෙම චිත්‍රපටියේ කතාවට පදනම් වෙන්නේ පුරාණ ග්‍රීක කවියෙකු වූ හෝමර්ගේ ‘ඔඩිසි’ කියන වීර කාව්‍යයේ එන ‘ඔඩිසියස්’ කියන මිත්‍යා රජුගේ කථාව.
මෙහි පුරාණ ග්‍රීක මිත්‍යා රජෙකු වන ‘ඔඩිසියස්’ ගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු මැට් ඩේමන් (Matt Damon) විසිනුයි.
මේ දවස්වල සංසරණය වෙන චිත්‍රපටයේ රූගත කිරීම් වල ඡායාරූප වල දැනට 54 වන වියේ පසුවන මැට් ඩේමන් මෙම පෞරාණික වීර චරිතය නිරූපණය කරන්න ඊට ගැළපෙන මනා ශාරීරික හැඩයකින් යුක්තව සිටිනවා දැකගන්න පුළුවන්.
https://casite-737679.cloudaccess.net/life/location/10841-the-odyssey#sigProId98e70ada46
මීට අමතරව මෙම චිත්‍රපටය සඳහා ටොම් හොලන්ඩ්, ඈන් හැත්වේ, සෙන්ඩායා, ලුපිටා නියොන්ගෝ, රොබට් පැටින්සන් සහ චාලිස් තෙරොන් වැනි ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
‘THE ODYSSEY’ චිත්‍රපටයේ රූගත කිරීම් වලට දායක වෙන ඇමරිකානු නිළි Zendaya Maree
ජනප්‍රිය නළු Tom Holand ‘The Odyssey’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර
‘The Odyssey’ චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 250 ක නිෂ්පාදන වියදමක් වැයවෙනවා කියලා තමයි ගනන් බලලා තියෙන්නේ. එහෙම උනොත් මේක නෝලන්ගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම මිල අධික චිත්‍රපටය බවට පත්වෙන්න ට නියමිතයි. මේ චිත්‍රපටිය තිර ගත වෙන්න නම් නියමිත වෙලා තියෙන්නේ ලබන වසරේ (2026) ජූලි 17 වෙනිදා.