lan englan tam

රන්ජන් රාමනායකගේ “O.I.C. ගඩාෆි” හැදෙන හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය වන “O.I.C. ගඩාෆි” චිත්‍රපටියේ රූගත කිරීම් මේ දින වල සිදු වෙනවා.

පසුගිය 24 වෙනිදා මෙහි රූගත කිරීම් ආරම්භ වූ අතර මේ දිනවල මාතලේ ප්‍රදේශය අශ්‍රිතව මෙහි රූගත කිරීම් සිදු කෙරුණා.

මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් වන්නේ මෙහි අධ්‍යක්ෂණය, තිර රචනය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රන්ජන් රාමනායක විසින් විමයි.

මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

‘O.I.C. ගඩාෆි’ නවතම චිත්‍රපටය පිළිබඳව සටහනක් තබමින් රන්ජන් සිය නිල ෆේස් බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙය අනුවර්තනයක්, පරිවර්තනයක් හෝ ඉතිහාස කතාවක් නොව ශ්‍රී ලාංකීය අපේම නැවුම් කතාවක් බවයි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්>>>

මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

 

(ඡායාරූප 'Ranjan Ramanayake' නිළ ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

Back to top
Go to bottom