lan englan tam

එකම චරිතයේ මතක රැගෙන වෙන්ව ගිය 'දුර්ගා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක සිනමා ඉතිහාසයේ වඩාත්ම ආදරය කළ චරිතයකට පණ පෙවූ රූපණවේදිනියක සිය එකම චරිතයේ මතකය සදහටම අප සිත්හි තබා පසුගිය 18 දා අවසන් ගමන් ගියාය. ඇය උමා දාස්ගුප්ත නම් වූවාය.

1940 වසරේදී උපත ලද ඇය වෘත්තියෙන් සිනමා නිළියක නොවූවාය. වෘත්තියෙන් ඇය පාසල් ගුරුවරියකි. ඇය රඟපෑ අතලොස්සක් චරිත අතරින් ලෝකය ඇය දැන හඳුනා ගන්නේ දුර්ගා හැටියටය. විභූතිභූෂණ බන්ද්‍යොපාදය විසින් රචනා කරන ලද 'පාතේර් පංචාලි' කෘතිය සත්‍යජිත් රායි අතින් සිනමාවට නැඟෙද්දී එහි ඕපුගේ සොහොයුරිය දුර්ගා වූයේ එවකට 13 හැවිරිදි වියේ පසුවූ උමා ය.
සත්‍යජිත් රායි පතේර් පංචාලි තනා ලෝකයේ මහා සිනමාකරුවෙක්ව පුද ලබද්දී එහි ප්‍රධාන පාත්‍රවර්ගයා අතර සිටි දුර්ගා මෙන්ම ඕපුද සදහටම සිනමාලොවින් සැඟව ගත්හ. පසුකලෙක රායි අතින් විවරණ ලබන ඔ්පුගේ යොවුන් විය රඟපාන සෞම්‍ත්‍ර චැටර්ජි හා ඔහුගේ භාර්යාව ලෙස රඟන ශර්මිලා තාගෝර් ඇතුළු බහුතරයක් ලොව පුරා ප්‍රසිද්ධ වුව ද උමා හෝ ඔ්පුගේ ළමා චරිතය රගපෑ සුබීර් බැනර්ජි සිනමාවේ ඉදිරියට ගියේ නැත.
සුබීර් පසුකලෙක විශ්වාස කරන ලද්දේ තම පෞද්ගලික ජීවිතයේ ලද සියලු දුක්ඛ දෝමනස්සයන් ඔ්පුගේ චරිතය හා සමාන වන බවය. මේ නිසාම ඔහු ඕපුගේ චරිතය රගපෑවේ තමා බැව් සඳහන් නොකරන්නට තරම් පරිස්සම් විය. මේ ඛේදචාවකය කෞශික් ගංගුලි විසින් 2013 වසරේ සිනමාවට නංවන ලද්දේ ඕපු පංචාලි නමින්ය. කෙසේ හෝ වර්තමානයේ පතේර් පංචාලියට දායක වූ අය අතරින් සුබීර් පමණක් ඉතිරි කොට උමා නැතහොත් දුර්ගා ද අවසන් ගමන් ගියාය.
පිළිකා රෝගගයෙන් පීඩා විඳ අභාවප්‍රාප්ත වූ ඇය මිය ගිය පුවත සැලවූ පසු අප මතකයට නැගුණේ දුර්ගා හා තම සොහොයුරා අතර ඇති අපූර්ව ආදරය පමණක් නොවේ. දුර්ගා ඉතිරි කළ "මහා වස්තු සමූහය" ඕපු විසින් කාටත් රහසින් පොකුණකට විසි කරන ඇසට කදුළු ගෙනෙන ජවනිකාවය. උමා සිනමාවට ආදරය කරන ලොව පුරා රසිකයන්ට ඔබ අමතක නොවනු ඇත.

 

සිනමාවේදී අරුණ ගුණරත්න

Back to top
Go to bottom