lan englan tam

කාවිංගගේ 'ගම්පෙරළිය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලාව පිළිබඳ තරුණ නළුවකුගේ දැනුම : චිත්‍රපටය/ටෙලිනාට්‍යය හරියට හඳුනන්නේ නැහැ. අධ්‍යක්ෂවරයා ගැන දැනුමක් නැහැ. (හිරු TV Copy Chatවලින් සියල්ල හෙළි වෙයි.)

: "අක්කා ලෙස්ටර් මහත්තයාගේ "ගම්පෙරළියේ" රඟපෑ මතකය කොහොමද?"
: "මම ලෙස්ටර් මහත්තයාගේ ගම්පෙරළියේ රඟපෑවේ නැහැ මල්ලි, මම රඟපෑවේ බර්ට්‍රම් නිහාල් මහත්තයාගේ ගම්පෙරළියේ"

ඉකුත් ඉරු දින (දෙසැම්බර් 01) රාත්‍රි 10:30ට හිරු TV නාළිකාවේ සජීවීව විකාශය වූ Copy Chat වැඩසටහන මා අහම්බයෙන් මෙන් නැරඹුවෙමි.... එදින ප්‍රසන්නජිත් අබේසූරිය, රත්නා ලාලනී ජයකොඩි, මොරින් චාරුණී, සරත් කුලාංග වැනි යම් ප්‍රවීණ තලයක සිටින කලාකරුවන් කිහිප දෙනෙක් පැමිණ සිටි නිසා එය නැරඹීමට මා හට සිත් විය...ඔවුන්ගේ කතාබහ යම් හරවත් කතාබහක් වේවි යැයි මා සිතූ බැවින් එය තවදුරටත් දීර්ඝව නැරඹීමට මම ආශක්ත වුණෙමි.... සුපුරුදු පරිදි Copy Chat වැඩසටහන මෙහෙයවීමෙන් නිවේදන කටයුතු කළේද වෙනදා සේම එකී කාර්යය සිදුකරන තරුණ කලා ශිල්පියා සහ ශිල්පිනියයි... වැඩසටහන අතරේ රංගන ශිල්පිනී මොරින් චාරුණීගෙන් එම වැඩසටහන මෙහෙයවූ තරුණ රංගන ශිල්පියා (ඔහුට කලාව පිළිබඳ ඇති දැනුම කොතෙක්දැයි මාභට නම් ප්‍රශ්නකාරීය.) පැනයක් විමසන්නට විය... ඒ ඇගේ රංගනයේ මුල් අවධියේ පමණ වූ රංගනයක් පිළිබඳවය. මොරින් චාරුණී බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ "ගම්පෙරළිය" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ "නන්දා"ගේ චරිතය නිරූපණය කළාය. එම ටෙලිනාට්‍යය ප්‍රථමවරට ජාතික රූපවාහිනිය ඔස්සේ සිකුරාදා රාත්‍රී 8:30ට විකාශය වූයේ 1992 වසරේ පමණය.... මොරින් චාරුණීගෙන් "ගම්පෙරළිය" පිළිබඳ මතකය ඇවිස්සූ Copy Chat මෙහෙයවන රංගන ශිල්පි කාවිංග පෙරේරා උපත ලබාවත් සිටියේදැයි මට නම් සැකසහිතය... කාවිංග පෙරේරා මෙහිදී මොරින් චාරුණීගෙන් ඇසුවේ මෙවැන්නකි. "අක්කා, ලෙස්ටර් මහත්තයාගේ ගම්පෙරළියේ රඟපෑ අවධිය මතක් කළොත්...? " යනුවෙනි. එවිට මොරින් චාරුණී ලබාදුන් පිළිතුර වූයේ මෙවැන්නකි. "මල්ලි, මම ලෙස්ටර් මහත්තයාගේ ගම්පෙරළියේ රඟපෑවේ නැහැ , මම රඟපෑවේ බර්ට්‍රම් නිහාල් මහත්තයාගේ ගම්පෙරළියේ."
සිනමාව, ටෙලිනාට්‍ය කලාව පිළිබඳ කුඩා දරුවකු පවා "ගම්පෙරළිය" ටෙලිනාට්‍යය සහ චිත්‍රපටය අතර වෙනසය හොඳින්ම හඳුනන්නේය. රංගන ක්ෂේත්‍රයේ වසර ගණනක් සක්‍රියව දායක වූ කාවිංග පෙරේරා "ගම්පෙරළිය" චිත්‍රපටය හෝ ටෙලිනාට්‍යය හෝ මෙතෙක් නරඹා නැති බව සක්සුදක් සේ පැහැදිලිය....
එමෙන්ම එකී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආචාර්ය ලෙස්ටර් ජේmස් පීරිස් බවත් ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ විශිෂ්ට අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් බවත් ඔහු නොදන්නා බවද Copy Chat වැඩසටහන තුළින් මනාව ප්‍රත්‍යක්ෂ විය... අප ද දත් දේ සුළුය. නොදත් දේ බොහෝය. එය අප නිහතමානීව පිළිගත යුතුමය... එහෙත් වසර කිහිපයක් රංගන ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පියකු, වසර ගණනක් Copy Chat වැනි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස සිටින කාවිංග පෙරේරා වැන්නන් අත්දැකීම් ආශ්‍රයෙන් යාවත්කාලීන විය යුතුවාක් මෙන්ම කලාව, සිනමාව, ටෙලිනාට්‍යකරණය ආදී විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ පොතපත, පුවත්පත්, අන්තර්ජාලය, සමාජ මාධ්‍යය ආදිය තුළින් තවතවත් ශාස්ත්‍රීය මට්ටමින් සිය දැනුම වර්ධනය කරගත යුතු බව මෙහිලා සිහිපත් කිරීමට කැමැත්තෙමි. එය කාවිංග පෙරේරා වැන්නන්ගේ කලාවේ අනාගත ගමන් මාර්ගය වඩාත් යහපත් වීමට හේතුවක් වන්නේය.
ඉතින්, මා මිතුර කාවිංග, 👍👍 ඔබ මෙකී කරුණු පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ඉදිරියට Copy Chat වැඩසටහන සේම වඩාත් ශාස්ත්‍රීය මට්ටමේ පුළුල් කතිකාවන් සහිත වැඩසටහන්හි සම්ප්‍රවේශකයකු වශයෙන්ද දොරට වැඩුමට හැකිවන බව ද එතුළින් ඔබ රංගන, නිවේදන, සම්ප්‍රවේශක ආදී භූමිකා රැසක විශිෂ්ටයකු වනු ඇතැයි ද මම විශ්වාස කරමි.

සිනමා ලේඛක මනෝජ් රුක්මල් කුමාරසිංහ

Back to top
Go to bottom