lan englan tam

රිචඩ්ලා හොයාගෙන යන රාණිලාගේ සදාතන අරගලය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"රාණි" 30 වෙනිදා සිනමා ශාලාවලට එනවා. රාණි කියන්නේ හඳගමගේ සිනමා ජීවිතේ මම හිතන්නේ වැඩිම පූර්ව ප්‍රචාරයක් ලැබුණ චිත්‍රපටය කියලයි. මොකද සාමාන්‍යයෙන් මීටකලින් හඳයාගේ චිත්‍රපටයක් ගැන මහාසමාජයේ කතාබහක් එන්නේ චිත්‍රපටය ශාලාවලින් ගැලවුණාට පස්සේ. ඒත් "රාණි" වෙනස්....

"රාණි" හරහා හඳයා මම වගේ අය කරන්න උත්සාහ කරන සිනමාවට ළංවෙනවා. හඳයා වගේ අයට වෙන විසාලම අසාධාරණයක් තමයි මහා සමාජයේ ප්‍රෙක්ෂකාගාරය සහ එයාලා අතර මැද්දට 'පරිවර්තකයෝ' ටිකක් සෙට් වෙන එක. හේතුව 'හඳයා' ගේ සිනමා බාසාව ඔයලාට තේරෙන්නේ නෑ, ඉන්ට ඒක අපි ඔයාලට තේරෙන තැනට පරිවර්තනය කරලා දෙන්න කියලා ඇතිවෙලා තියන පූර්ව අදහස නිසා මැද්දට බහින පොරවල්. දැං මහාසමාජයට හඳයා කියවන්න වෙන්නේ කෙලින්, අමුවෙන් නෙවෙයි. අර පරිවර්තකයන්ගේ අර්ථ නිරූපණයක් එක්ක. ලංකාවේ මහා සමාජයට හඳයා මගහැරෙන්න ලොකුම හේතුව තමයි මෙන්න මේ "පරිවර්තක" අතරමැදියෝ. එයාලා හඳයා කියන්නට උත්සාහ කරන කතාව වෙනුවට 'හඳයා' ගේ පිටේ නැගලා එයාලගෙ කතාව කියනවා.... හඳයාව විචාරය කරන්න හඳයා එක්ක ගැටෙන්න මහාසමාජයට තියන අවකාශය පරිවර්තකයෝ අහුරනවා.

හැබැයි "රාණි" මේ පරිවර්තක පොරවල්ගේ අතට යන්නට කලින් මහාසමාජයට ළඟපාත තැන්වලට එනවා. රාණි ගැන පෝස්ටර් හදන්න සාමාන්‍ය ප්‍රේක්ෂකයාට පුළුවන්. රාණි ගැන, ඒකේ ඉන්න දේශපාලන චරිත ගැන, රිචඩ් ගැන කතාකරන්න සාමාන්‍ය ප්‍රේක්ෂකයාට මාර නිදහසක් ඇවිල්ලා. මේක තමයි මේ වෙලාවේ "රාණි" ආතල් එක. හඳයා සමාජ මාධ්‍ය අරවා මේවා පාවිච්චි කරමින් තමන්ගේ චිත්‍රපට මෙතෙක් කල් නොබලපු ප්‍රේක්ෂකාගාරයකට කතාකරන්න සෑහෙන උත්සාහයක් දරනවා. අද වෙනකොට "රාණි" ගැන දැනුවත් මිනිස්සු ප්‍රමාණය (හඳයාගේ අනෙක් චිත්‍රපට වලට සාපේක්ෂව) ඉතාම විශාලයි මම හිත්න්නේ.

මේ දැනුවත් මිනිස්සු ප්‍රමාණය වැදගත් වෙන්න ලොකුම හේතුව තමයි සිනමාව පවතින්නේ ප්‍රේකෂකයා එක්ක. ප්‍රෙක්ෂකයෙක් නැති තැනක සිනමාවක් නෑ. තිරයක්, රෑප ටිකක් සහ ඒ ඉදිරිපට වාඩිවුණ මිනිහෙක් තමයි සිනමාව කියන සංයුක්තය සම්පූර්ණ කරන්නේ. මේ මිනිහා නැගිටලා යන තැන හෝ මේ මිනිස් පුටුව හිස්වුණාම තිරයක් සහ රෑප ටිකක් විතරයි ඉතුරුවෙන්නේ සිනමාවක් ඉතුරුවෙන්නේ නෑ....

මම මේක අද දාන්න හේතුව අද "රාණි" විශේෂිත දර්ශණයක් තියනවා. ඉතිං අද මේක නරඹන අය එළියට ඇවිත් මොන ගැඹුරු අර්ථ නිරූපණ දුන්නත් ඔබ ඒ කිසිවක් නොහිතා ගිහිල්ලා මේ චිත්‍රපටිය බලන්න. රිචඩ් මැරිලා, මනෝරාණිත් මැරිලා, නමුත් රිචඩ් සහ මනෝරාණි යාවුණ මේ කතාව එයාලගේ නම් වෙනුවට වෙනත් නම් ආදේශ වෙමින් මීට අවුරුදු ගාණක් ඉස්සර ඉඳලත්, මෙතන ඉඳලා තවත් අවරුදු දාස් ගාණකුත් ආයේ ආයේ වෙනවා...

මේ මොහොතෙත් පුතෙක් හොයමින් යන අම්මෙක් අපි හැමඑකාගෙම ළඟ පාතකින් අපි නොදැන යනවා. ඒ පාරේ යන රාණි හොයන "රිචඩ්" මාධ්‍යවේදියෙක් නොවෙන්න පුළුවන්, එයා හමුදාකාරයෙක්, ජේවීපී කාරයෙක්, කොටියෙක්, පාතාලයෙක්, කුඩ්ඩෙක් වෙන්නත් පුළුවන්... එයා ඉස්සුවේ, එයාව මැරුවෙ දේශපාලන පොරක් නොවෙන්නත් පුළුවන්...

නමුත් ඒ මොකා උණත් තමන්ගෙන් උදුරාගත්තු "රිචඩ්" ලා හොයාගෙන යන සදාතනික "රාණි"ලාගේ වෙහෙස, අදරය සහ එයාලගේ අරගලය වෙනසක් නෑ.... අන්න ඒ නිසා තමයි මම හිතන්නේ හඳයා මුල්ම පෝස්ටර් එක දැම්මේ

"රාණි කියන්නේ රැජිණ"
කියලා....

හඳමාමේ.... උම්මා.... 😘😘😘

ලකා. Lakmal Dharmarathne

Back to top
Go to bottom