lan englan tam

"කරපු වරද හදාගන්න හැමෝටම දෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නෑ" – ‘Dragon’!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහුගිය දවස් ටිකේ  ඉන්දියානු දමිළ සිනමා පටයක් වන ‘ඩ්‍රැගන්’ (Dragon) චිත්‍රපටය ගැන බොහෝ දෙනක් (විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ ) අදහස් දක්වලා තිබුණා.

මේ අවුරුද්දේ (2025) තිර ගත වුන මේ චිත්‍රපටයේ තේමාවත් හරිම කාලෝචිතයි.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අශ්වත් මාරිමුතු විසින්. මෙහි තිර රචනයත් (අශ්වත් මාරිමුතු )හා (ප්‍රදීප් රංගනාදන්) විසින් සිදු කරලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය වන ‘ඩී. රාගවන්’(‘ඩ්‍රැගන්’) ගේ චරිතය නිරූපණය කරන්නේ දමිළ සිනමා නළු ප්‍රදීප් රංගනාදන් විසින්. මීට අමතරව අනුපමා පරමේෂ්වරන් (කීර්ති ලෙස) සහ කයාදු ලෝහර්, මිස්කින්, ගෞතම් වාසුදේව් මෙනන්, කේ. එස්. රවිකුමාර් සහ ජෝර්ජ් මේරියන් මීට රංගනයෙන් දායක උනා.

පහතින් දැක්වෙන්නේ මලින්ත විතානගේ මේ චිත්‍රපටය ගැන සමාජ මාධ්‍යයේ තබපු  සටහනක්..

(උපුටා ගැනීම)

"අපි මේ සම්බන්ධය නතර කරමු." කියලා කීර්ති කඳුළු පෙර පෙර කියද්දි, රාගවන් නම් ඒ වගේ අමිහිරි වචන ටිකක් නම් අහන්න කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. රණ්ඩු වෙිවි යාලු වෙිවි ආදරය කරපු කීර්ති - රාගවන්ගේ ආදර කතාව එහෙම අවසන් වෙන්න දැනටමත් තිත තියලා ඉවරයි. අවුරුදු ගාණක් ආදරය කරලා කීර්ති එක්ක හිටපු රාගවන්ට මේ වචන ටික හරියට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ සැරට දැනෙන්න වැඩි වෙලාවක් ගත වුණෙත් නැහැ. තමන්ගේ ජීවිතයේ වැඩිපුරම ආදරය කරපු මනුස්සයා ඒ විදියට එයාව දාලා වෙන කෙනෙක් කසාද බදිද්දි බලන් ඉන්න සිද්ධ වෙන තරම් දැඩි වෙිදනාවක් රාගවන්ට වගේම ඒ වෙිදනාවේ ධාරිතාවය අපිටත් සෑහෙන දැනෙනවා සත්තකින්ම.

කීර්ති රාගවන්ව දාලා යන්නේ 'ඔයා ජීවිතයේ අසාර්ථක මනුස්සයෙක්!' කියන චෝදනාවත් මූණටම දමලා ගහලමයි. කවදාවත් අඬපු නැති රාගවන්ට ඇඬෙනවා. සිහිය නැති වෙනවා. පිස්සු වැටෙනවා. තුවාල කරගන්නවා. ලේ ගලනවා. එයාගේ ආදරය නැති වුන වරදට එයා එයාටම රිද්ද ගන්නවා. හැබැයි රාගවන්ට අමතක නෑ කීර්ති කරපු චෝදනාව. ඔයා අසාර්ථක මනුස්සයෙක් කියන චෝදනාව. ඒ චෝදනාවෙි වෙිදනාවත් එක්කම රාගවන් ජීවිතය සාර්ථක කරගන්න පළවෙනි පඩියට කකුල තියන්න ගන්නේ තමන්ගේ ජීවිතයේ ඉස්සරහට එන්න තියෙන කුණාටුවේ පරිමාව කොචිචරද? කියන එකයි, කුණාටුවෙ ප්‍රතිවිපාක ගැනයි කිසිම දෙයක් නොදැන.

dragon movie review2122025m12

මේ තමා රාගවන්ගේ කතාව. චිත්‍රපටයේ නම 'ඩ්‍රැගන්'. මෙි අවුරුද්දේ දැනට බලපු හොඳම චිත්‍රපටවලින් එකක්. මනුස්සයෙක්ගේ ජීවිතයේ නොවිය යුතු නරකම දේ තමයි. තමන්ගේ හෘද සාක්ෂිය පාවා දීලා අනුන්ගේ ජීවිතවලට කරන නොනවත්වා වේදනාව දීම, රිදවීම. ජීවිතය කියන්නේ ඔයාට සිදුවන දේ සියයට දහයක්. අනික් සියයට අනූවම තියෙන්නේ ඒකට ප්‍රතිචාර දක්වන විදිය. තමන් කරපු වරද හදාගන්න. හැමෝටම දෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේක සාමාන්‍ය මනුස්සයෙක්ගේ අසාමාන්‍ය කතාවක්. හැමොම බලන්න ඔින චිත්‍රපටයක්.

(මලින්ත විතානගේ ගේ මුහුණු පොත ඇසුරිනි)

 

 

 

 

Back to top
Go to bottom