lan englan tam

කාලෙකට පස්සේ නැවතත් සිනමා රංගනයකට එක්වූ ආනන්ද වික්‍රමගේ !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංඟන ශිල්පී ආනන්ද වික්‍රමගේ පසුගියදා ආරාධිත රංගනයක් හරහා සිනමා නිර්මාණයකට සිය දායකත්වය ලබා දීමට එක් උනා.

ඒ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන ඒක තමයි මේක’ සිනමා නිර්මාණය සදහායි.

ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පියාව නැවතත් සිනමා නිර්මාණයක දකින්නට ලැබීම බෙහෙවින් සතුටට කරුණක්.

මීට වසර කිහිපයකට පෙර ඔහු රංගනයෙන් එක්වූ ‘පබා’ ටෙලි නාට්‍යයේ ‘මර්වින්’ ගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර මෑත කාලිනව ඔහු රංගනයෙන් එක්වූ චරිත අතර බොහෝ දෙනෙකුට එම චරිතය අමතක නොවන එකක් බවට පත් උනා.

සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන අංශ තුනෙන්ම සිය රංගන කුසලතාව ප්‍රකට කල අනන්ද වික්‍රමගේ චිත්‍රපට පනහකට අධික ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දී තිබෙන අතර සියයකට අධික රූපවාහිනී ටෙලි නාට්‍ය ගණනකට සිය දායකත්වය ලබා දී තිබෙනවා.

ළඟදීම ඒක තමයි මේක’ චිත්‍රපටය තිර ගත වීමට නියමිත අතර ආනන්ද වික්‍රමගේ නැවතත් සිනමාවේ දැක ගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනු ඇති.

( ඡායාරූප උපුටා ගැනීම 'Janith Wicramage' Facebook පිටුව ඇසුරිනි)

 

Back to top
Go to bottom