lan englan tam

සම්මානනීය නවකතාවක් ඇසුරින් නිර්මාණය වන බ‍ර්ට්‍රම් නිහාල්ගේ අලුත්ම චිත්‍රපටය “දරී”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගම්පෙරළිය (1987), රුපියල් සත (1991), දඩබිම (1993), කඩවර (1995), අමරපුරය (2008) වැනි ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ බ‍ර්ට්‍රම් නිහාල්ගේ අලුත්ම සිනමා නිර්මාණය තමයි දරී’ (The Cave) කියන්නේ.

පසුගිය දවස් වල සිගිරිය, අනුරාධපුරය, කුරුණෑගල වගේ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මෙහි රූගත කිරීම් පැවැත් උනා. ඒ වගේම මෙහි රූගත කිරීම් නුවර බෝගම්බර බන්ධනාගාරයෙත් සිදු කෙරුණා.

Dari shooting web large 

මේ වෙන කොට මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා.

ඉතින්, ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්නට ලැබෙන මේ  සිනමා නිර්මාණය මොන විදිහේ චිත්‍රපටයක්ද? එය නිර්මාණය වන්නේ කවරක් ඇසුරින්ද?

මේ ගැන පසුගියදා චිත්‍රපටයේ අධ්‍යක්ෂක බර්ට්‍රම් නිහාල් සිය මුහුණු පොත හරහා අදහස් පළ කරළා තිබුණා. ඒ වගේම “දරී” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන සෞම්‍ය ලියනගේත් මේ ගැන සදහන් කරලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ‘බර්ට්‍රම් නිහාල්’ තබා තිබූ සටහනයි. මෙම සටහන හරහා ඔහු විසින් 'දරී' චිත්‍රපටය නවකතාවක් ඇසුරින් නිර්මාණය වන්නක් වන බැවින්, එය නවකතාවක සිට චිත්‍රපටයක් බවට පරිවර්තනය වීමේදී සිදු වන නිර්මාණාත්මක ක්‍රියාවලිය පිලිබඳවත් පැහැදිලි කොට තිබෙනවා.

 

the cave bertram Nihal

 

(උපුටා ගැනීම)

“දරී” නිර්මාණය වන්නේ උපනන්ද වැලිකලගේ “කර්ම චාරිකාව” සම්මානනීය නවකතාව ඇසුරෙන්.

නවකතාවක සිට චිත්‍රපටයක් බවට පරිවර්තනය කිරීම යනු රූප, සංගීත, කාලය සහ වාචිකභාවය මඟින් නව සන්නිවේදන භාෂාවක් නිර්මාණය කිරීමකි. නවකතාවක් සහ සිනමා නිර්මාණයක් අතර ඇති සම්බන්ධය සාමාන්‍යයෙන් අනුකරණය (adaptation) ලෙස සළකයි. නමුත් ඒ අනුකරණය සෘජුව නවකතාවේ අන්තර්ගතය පිටපත් කිරීමක් නොවී, එය නව මාධ්‍යයකට රූපවත් කිරීමක්, කලාත්මක පරිවර්තනයක්, නව ආකෘතිමය විලාසයක් ලෙස සිදු වේ. මෙහිදී මානව අභ්‍යන්තර මනෝ ලෝකය (Interior monologue) බොහෝ දුරට දෘශ්‍යමය ලෙස ප්‍රකාශිත වේ. මෙය නවකතාවේ ගැඹුර අඩු කරනවා නොවෙයි, නමුත් වෙනස් මාර්ගයකින් ඒ අරුත ගොඩනංවයි. නවකතාවේ නිදහස්, විචිත්‍ර කතාකීමේ විලාසය, චිත්‍රපටියේදී සෘජු, රූපක හා තීරණාත්මක ලෙස ගොඩනඟන නාට්‍යමය විභවයකින් යුතු ආඛ්‍යානයක් වෙයි.(Controlled Narrative Structure)

“දරී” යනු නවකතාවකින් උපන් නව සත්‍යයක් ලෙස හැඳින්විය හැක. එය නවකතාවේ වටිනාකම් සම්පූර්ණයෙන් රඳවා ගන්නා නමුත්, ඒවාට නව මාධ්‍යයක, නව භාෂාවක හැඩතලයක් ලබාදෙන නිර්මාණයක් බවට පත්වෙයි. මෙහිදී සෘජු අනුකරණය නොව, නිදහස් විචාරයකින් හා ශිල්පී භාවයෙන් සම්පූර්ණයෙන්ම නව සාකච්ඡාවක් ආරම්භ කරීමට මඟ පාදයි. “දරී” යනු මානව තේරීම්වල අධ්‍යාත්මික හා මනෝවිද්‍යාත්මක ප්‍රතිවිපාක ගැඹුරින් විමසා බලන දාර්ශනික නවකතාවක් වන “කර්ම චාරික” ආශ්‍රයෙන් ආභාෂය ලැබූ සිනමාත්මක අනුවර්තනයක් වීම නිසාම, මෙම චිත්‍රපටය අනුවර්තනයේ සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා ගොස් නව සිනමානුරූපී අර්ථකථනයක් බවට පත්කරලීම වෙහෙසකර විය.- දිනෙක සාහිත්‍යය සහ සිනමාව අතර විකල්ප සංවාදයක් තවදුරටත් මේ මගින් හැඩගස්වාගත හැකිවනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

“දරී” චිත්‍රපටය ගැන සෞම්‍ය ලියනගේ දැක්වූ අදහස් මෙතනින්

 

( 'Bertram Nihal' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom