ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු "ක්ලැරන්ස් - Rhythm of the Guitar" අලුත්ම සිංහල චිත්‍රපටය මේ දින වල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ දිවයින පුරා සිනමාශාලා වල තිරගත වන බව ඔබ දන්නවා ඇති.
ඉතින්, මේ දවස්වල මේ චිත්‍රපටයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ද සමාජ මාධ්‍ය හරහා චිත්‍රපටය ගැන සිය අදහස් පළ කරලා තිබුණා.
පහතින් දැක්වෙන්නේ ජනප්‍රිය ලේඛකයෙකු වන ජයන්ත කහටපිටිය විසින් "ක්ලැරන්ස් - Rhythm of the Guitar" චිත්‍රපටය නැරඹීමෙන් පසු සිය සිනමාත්මක අත්දැකීම විස්තර කරමින් තබා තිබූ අපූරු සටහනයි.
ක්ලැරන්ස් බැලුවා පූර්ණ සිනමාත්මක අත්දැකීමක්.
ආර් ළඟ සීට් එකේ වාඩිවෙලා මූවි එක බලද්දි මට මාර ආඩම්බරයක් දැනුනේ.
මම ආර්ගෙන් ඇහුවා
" දැන් උඹ පිළිගන්නවද අපේ කාලේ පට්ට මියුසික් පට්ට ගායකයෝ හිටියා කියලා."
ආර් එක හඬින් කිව්වේ අනේ මං ඒ සින්දු ගොඩක් අහලා නෑ තාත්තේ. මාරයි නියමයි කියලා.
ෆිල්ම් එක ඉවර වුනහම ප්‍රේක්ෂකාගාරය අත්පොළසං හඬින් පිරුණ. ක්ලැරන්ස්ට රඟපාපු ඉලංදාරියාට තිබුණේ එල්විස් ප්‍රෙස්ලිගේ කජු පූලං නහය. සාරංග ඇනස්ලිමාලෙවන වාගෙම නලෝලා, හිනාවෙවී , සිංදුවට බැහැලා රඟ පෑවෙ. දිනක්ෂිත් විනෝදාත්මක ෆිල්ම් එක රඟපාන විදිය හොඳටම අල්ලගෙන. එනිටටෙයිනින් උපරිමයි. ක්ලැරන්ස් කියන්නෙ ග්රේට් එන්ටර්ටෙයිනර් කෙනෙක්. අධ්‍යක්ෂකවරයා ඒක මතුවෙන විදියට හොඳම ෆැන්ටසිය නිර්මාණය කරලා තිබුණා . එයා යථාර්ථවාදී උගුලට බින්දුවක්වත් අහුවෙලා නෑ. හැම දෙයක්ම ෆෙයරිටේල් එකක වාගේ පර්ෆෙක්ට්..
ෆිල්ම් එක හදාපු, රඟපාපු, සල්ලි දාපු හැමෝටම තැන්කියු මචන්ලා.
" තාත්තෙ ආයිත් මේක බලමු."
ආර් එලියට ඇවිත් කිවුව .
ගොඩක්ම සතුට දැනුනෙ අසූවියේ අම්මත් ෆිල්ම් එකට ආසවුණු හින්දා.
ෆිල්ම් එක මැද්දෙ අසුනින් නැගිටලා පොඩි ඩාන්ස් එකක් දාන්න හිතුණු අවස්ථා ගොඩක් තිබුණා .

සටහන - ජයන්ත කහටපිටිය
'Jayantha Kahatapitiya' මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී.




