lan englan tam

හැරී පොටර් රූපවාහිනී කතා මාලාව : ප්‍රධාන නළුවන්ගේ පළමු තිර පෙනුම මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජේ.කේ. රෝලිංගේ සුප්‍රකට ප්‍රබන්ධ කතා මාලාවක් වන 'හැරී පොටර්' කතා මාලාව ඇසුරින් එහි අලුත්ම රූපවාහිනී කතා මාලාවක් (tv series)  නිර්මාණය වන බව ඔබ දන්නවා ඇති.

HBO නාළිකාව හරහා විකාශය වීමට නියමිත මෙම නවතම රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතය වන 'හැරී පොටර්' ගේ චරිතය නිරූපණය කරන ළමා නළු ඩොමිනික් මැක්ලවුලින් ගේ තිර පෙනුම සහිත ඡායාරූපයක් මේ වන විට නිෂ්පාදකයින් විසින් නිකුත් කර තිබෙනවා.

the makers of hbos harry potter television seriesරූපවාහිනී අනුවර්ථනයේ හැරී පොටර් ගේ චරිතය නිරූපණය කරන ළමා නළු ඩොමිනික් මැක්ලවුලින් ගේ තිර පෙනුම

 

මීට ටික දිනකට පෙර මෙහි ප්‍රධාන චරිත තුන වන හැරී පොටර්, හර්මයිනි ග්‍රැන්ජර් සහ රොන් වීස්ලි යන චරිත සඳහා තෝරාගෙන තිබෙන ළමා නළු නිළියන් පිළිබඳව හඳුන්වාදෙනු ලැබූ අතර පිළිවෙලින් ඩොමිනික් මැක්ලවුලින්, ඇරබෙලා ස්ටැන්ටන් සහ ඇලෙස්ටෙයාර් ස්ටවුට් යන ළමා නළු නිළියන් එම චරිත නිරූපණය ට එක්වනවා.

 

harry potter and the deathly hallows part 2හර්මයිනි, හැරී සහ රොන්ගේ චරිත නිරූපණය කිරන ඇරබෙලා ස්ටැන්ටන්, ඩොමිනික් මැක්ලවුලින් සහ ඇලෙස්ටෙයාර් ස්ටවුට්

 

එමෙන්ම මෙම ළමා නළු නිළියන් සමග  රූපවාහිනී කතා මාලාව සඳහා එක්වන අනෙකුත් නළු නිළියන් අතර,

මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙස ජෝන් ලිත්ගෝ, සෙවරස් ස්නේප් ලෙස පාපා එසීඩු, මිනර්වා මැක්ගොනගල් ලෙස ජැනට් මැක්ටියර්, රුබියස් හැග්‍රිඩ් ලෙස නික් ෆ්‍රොස්ට්, ක්විරිනස් ක්විරෙල් ලෙස ලූක් තාලන්, ආර්ගස් ෆිල්ච් ලෙස පෝල් වයිට්හවුස්, ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ලොක්ස් ප්‍රැට්, ඔහුගේ පියා ලුසියස් ලෙස ජොනී ෆ්ලින්, පෙටුනියා ඩර්ස්ලි ලෙස බෙල් පව්ලි, වර්නන් ඩර්ස්ලි ලෙස ඩැනියෙල් රිග්බි සහ මොලී වීස්ලි ලෙස කැතරින් පාකින්සන් ඇතුළත් වේ.

a0fe8410 3b12 11f0 91a0 abc9c23352d4.png 2පාපා එසියුදු, ජැනට් මැක්ටියර් සහ නික් ෆ්‍රොස්ට් පිළිවෙළින් සෙවරස් ස්නේප්, මිනර්වා මැක්ගොනගල් සහ රූබියස් හැග්‍රිඩ්ගේ චරිත නිරූපණය කරති

 

ඒ අනුව හැරී පොටර් රූපවාහිනී අනුවර්තනයේ රංගන ශිල්පීන් ප්‍රසිද්ධ කිරීමත් සමග බොහෝ දෙනෙක් එම චරිත එහි  කෘති මාලාව හරහා නිරූපණය වන චරිත වල ස්වභාවය සමග මෙන්ම ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපටයේ චරිත සමග ද සංසන්දනය කිරීමට උත්සුක වී තිබූ අතර එම චරිත ප්‍රබන්ධ කතා මාලාවේ චරිත වලට ඇති සමාන භාවය පිළිබදව බොහෝ දෙනා සිය සතුට පල කොට තිබෙනවා.

2027 වර්ෂයේ මුල් භාගයේදී HBO හරහා මෙම රූපවාහිනී කතා මාලාව විකාශය වීමට නියමිත අතර මෙය නිෂ්පාදනය කරන්නේ  HBO Entertainment සහ Warner BrosTelevision විසින්.

ජේ.කේ. රෝලිංගේ ප්‍රබන්ධ කතා මාලාවේ ප්‍රථම කෘතිය වන හැරී පොටර් ඇන්ඩ් ද ෆිලෝසෆර්ස් ස්ටෝන් හෙවත් හැරී පොටර් ඇන්ඩ් ද සොරසර්ස් ස්ටෝන් නිකුත් වී වසර 30 කට පසු මෙම කතා මාලාව නිකුත් වීම ද විශේෂත්වයකි.

ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපට මාලාව 2000 සිට 2011 දක්වා කාලය තුළ නිකුත් කරන ලද අතර  හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - 2 කොටස 2011 ජූලි 15 වන දින නිකුත් කරන ලදී.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom