ඔහුට හොඳට හුරැපුරැදු අවන්හලේ ශබිදය එදා මහත් කන්දොස්කිරියාවක් විය. ඔහු අමුත්තෙකු අවන්හලට ඇතුලුවන වාරයක් පාසා අමුත්තා කවුරැන්දැයි නොඉවසිල්ලෙන් බලයි. එදින සේවය නොකලද පලපුරැදු පාරිභෝගිකයෝ ඔහුගෙන් නොයෙක් දෑ ඉල්ලති. ඔහු නිවාඩු බව පවසද්දී බැණ වදිති. වේලාව අට පසුවිය. ඔහු තවමත් අවන්හල තුල පෙර සේ අමුත්තන් දෙස විපරම් කරන්නේය. වේලාව නවය විය , දහයේ කනිසමද පසුවිය. ඔහු මහත් නොඉවසිල්ලකින් බලන්නේය. අවන්හලේ කළමණාකරැද නිවාඩු නම් පිටවන්නට අණ කලේය.
රාත්‍රී දහය පසුවද්දී ඔහු කලකිරැනු ස්වභාවයකින් ඇඳුම් පොදිය අතට ගත්තේ අයෙත් මේ අවන්හලට සේවයට නොඑනබව සපථ කරගෙනය. සිදුවීම් එතරම් අමිහිරිය. භාර්යාවගේ තත්වය ගැන ඔහුට ආරංචියක් නැත. ඈ කුස තුල සිටිනා ඔහුගේ රැධිරයෙන් නිර්මාණය වූ දරැවා කෙසේදැයි ඔහුට දැන ගැනීමට නැත. ඔහුගේ ඊලඟ මස වැටුප මුදලාලි ලබා දුන්නේ නම් මේ සියල්ල මේ වන විට විසඳිලාය.ණයක් ලෙස ඊලඟ මස වැටුප ඉල්ලා සිටියදි මුදලාලි ඔහුට බැණ වැදුනේ පිනට යමක් ඉල්ලූ වැඩක් කරගත හැකි තරැණයෙකුට මෙනි. ඒ වචන ඇසෙත්ම ඔහුගේ දෑස කඳුලෙන් පිරී ගියේය. අසරණබව, ලජ්ජාව, තරහව, අපේක්ෂාභංගත්වය සහ සියල්ල කැටිවූ ශෝකය සමග ඔහුගෙ කඳුලු කම්මුල් දිගේ රෑරා වැටෙන්නේය. අවන්හලේ මධුවිත සමග මෙලෙක්වන හදවත්වලින් කෙරෙන කතාබහ තවත් පෝෂණය කිරීමට කඳුලු පිරි දෙනෙතින් ඔහු මධුවිත පිලිගැන්වූයේය. අනෙකාගේ සියලු දුක් දොම්නස්සයන් පහ කරන්නට ඔහු සියල්ල කලේය.
එහෙත් එක්තරා අවස්ථාවකදී ඔහුට කඳුලු සඟවා සිටිය නොහැකිවිය. අවන්හලේ එක් කොනක සිටි මහතෙකු ඔහුගේ කඳුලු දුටුවේය. ඔහු සමග කතා කලේය. ඔහුගේ දුක ඒ මහතා භාර ගත්තේය. ඒ ඔහු පැවසු දිනෙක පැමිණ ඔහුට පිහිටවන බවට පොරොන්දු වෙමිනි.
දහය පසුවූ පසු ගණුදෙනුකරැවන්ද පැමිණෙන්නේ නැත. මිනිසුන් මත්වූ පසු කොතෙක් දෑ කියයිද, පොරොන්දු දෙයිද , මෙයද එවැනි පොරාන්දුවක් විය හැකිය. දැන් අවන්හලද හිස්ව යන්නේය. නොයෙක් කතාබස් නොසරැප බස්, තනු ගිලිහී ගිය ගීතයන් අවන්හලේ තැනින් තැන ඇසෙන්නේය. ඔහු හිත හදාගෙන පිටත්වීමට සැරසුනේය. අවන්හලේ දොරටුව අබියසට පැමිණ තවත් මොහොතක් සිටියේ පොඩි හෝ බලාපොරොත්තුවක් ඇතිවය. ඔහු සිතූදේ නිවැරදිය. ඔහුගේ ගැලවුම්කරැ මෝටර් රථයකින් බැස දිව ආවේ මහත් වූ කලබලයකිනි. ඔහු ගැලවුම්කරැවාට මහත් ගරැසරැ ඇතිව කතා කලේය. ගැලවුම්කරැවා ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටියේය.
නැවතත් ගැලවුම්කරැවා සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමග ඔහු අවන්හල තුලට ගියේ මහත් බලාපොරොත්තු ඇතිවය. ගැලවුම්කරැගේ අවශ්‍යතාවයන් ඔහුම ඉටුකර දුන්නේය. ඉන්පසු ඔහුව පසෙකට කැඳවාගෙන ගිය ගැලවුම්කරැ ඔහු අත මුදල් සහිත ලියුම් කවරයක් තැබුවේය. "මල්ලි මෙතන ඇති මුදල සියල්ලට ඇතිවෙයි. උඔ පලයං. අපි ඉඳල යන්නම්, මේක කාටවත් කියන්න එපා" ගැලවුම්කරැ පැමිණ තම මිතුරැ සමාජය හා එක්විය.
කාලය ගෙවුනේය. ගැලවුම්කරැවාද මිතුරන්ද අවන්හලට නිරන්තරයෙන් පැමිණියද ඔහු සිටියේ නැත. ඔහුට සිදුවූ දෙයක් දන්නේ නැත. ගැලවුම්කරැද කිසිත් නොකීවේය. දිනක් මිතුරැ සමාගමෙහි මිතුරෙකුට අහම්බෙන් ඔහු හමුවිය. ඔහු නව රැකියවක් කරයි. ඒ ඔහුගේ ගමේය. මිතුරාට තව දෙයක් ඔහු කීවේය. බිරියගේ දරැ ප්‍රසූතියේදී ඇතිවූ සංකූලතාවයක් නිසා ඇයට අසාධ්‍ය වූ බවයි. කිසිදු මුදලක් අතෙහි නොතිබූ ඔහුට ඒ මොහොතේ ගැලවුම්කරැවන් වී ඇත්තේ මිතුරාගේ මිතුරා බවයි. ඔහුගේ බිරිය සහ දරැවාගේ ජීවිතය බේරාදුන් මානවවාදියා ඒ මිතුරා යැයි කීවේය. එදා රාත්‍රියෙහි සංගීත ප්‍රසංගයක් අවසන කලබලයෙන් තම වගකීමක් ඉටු කරන්නට සේ පැමිණ ඔහුට ලැබුනු මුදල පිටකොටුවේ අවන්හලක සේවකයෙකු අත තැබූ මේ පරිත්‍යාගශීලියා.....විශාරද ගුණදාස කපුගේ මහතාය.
මේ සිදුවීම මට කීවේ කපූ-ගේ ගමන් සගයෙකුව සිටි මේ සියල්ල දැක නමුත් කිසිවක් නොදැන සිටි ස්ටැන්ලි මහතාය.
උපුල් කුමරප්පෙරුම