lan englan tam

නරක සිදුවීමකට පස්සේ අපි ජීවිතය ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්නේ කොහොමද? - "Sorry, Baby" (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

හොලිවුඩ් සිනමාවෙන් මම නිරන්තරයෙන්ම දකින්න ආසම දෙයක් තමයි ගැහැණියෙක් අතින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයකින් කොහොමද, ගැහැණියක් වින්දිතයෙකු විදියට ලබන අත්දැකීම නිරූපණය කරන්නේ කියලා බලන්න.

සාමාන්‍යයෙන් අපි නිතරම ගැහැණුන්ගේ ලෝකය දකින්නේ පිරිමින්ගේ ඇස්වලින්. ගැහැණියෙක්ගේ ඇහැකින් තවත් ගැහැණියෙක්ගේ ජීවිතය දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. 'Sorry, Baby' (2025) කියන්නේ ගැහැණියෙක්ගේ ව්න්දිත ජීවිතය ගැන ගැහැණියක් විසින් හදපු ප්‍රබන්ධ කතාවක්.

 

SB

 

මානව ශිෂ්ටාචාරයේ තියෙන ජනප්‍රියතම බෙදීම තමයි මේ ගැහැණු - පිරිමි භේදය. මේ ගැහැණු - පිරිමි භේදය නිසා නිර්මාණය වෙන අර්බුද, ගැටුම්, ප්‍රශ්න නම් බොහෝමයි. අනෙක් පැත්තට මේ ගැහැණු - පිරිමි භේදය නොතිබුනා නම් මේ තරම් ලෝකය අපුරු වෙන්නෙත් නෑ වගේම විවිධත්වයක් ඇතිවෙන්නෙත් නැහැ. 'සොරි, බේබ්' චිත්‍රපටයේ අපිට හම්බවෙන කතා නායිකාවගේ නම 'ඇග්නස්'. ඇග්නස් තරුණයි. එයා තනියම ජීවත් වෙන්නේ. ඇය වෘත්තියෙන් කරන්නේ විශ්වවිද්‍යාලයක සාහිත්‍ය විෂය මූලික මහාචාර්යවරියක් විදියට ශිෂ්‍යයන්ට උගන්වන එක.

 

 

ඇග්නස් දවසක් තමන්ගේ විශ්වවිද්‍යාලයේම සේවය කරන මහාචාර්ය ප්‍රිස්ටන් ඩෙකර් හමුවෙන්න ඔහුගේ නිවසට යනවා. නමුත් ටික වෙලාවකට පස්සේ ඇග්නස් විසින් ඩෙකර්ගේ ගෙදරින් එළියට එන්නේ එතරම් හොඳින් නෙමෙයි කියන වෙනස් හැසිරීම අපිට දැනෙන්න පටන් ගන්නවා. ඇග්නස්ව ඩෙකර් අතින් අතවරයට ලක් වුණා කියලා එයා තමන්ගේ යහළුවා වුණ ලිඩීට ගෙදර ඇවිත් හරිම දුකින් කියනවා. ඇග්නස්ට අවුල් යනවා. තමන්ගේ ඉගෝ එක බිඳ වැටෙනවා. මම පිරිමියෙක්ගේ අතවරයට ලක් වුණා නේද? කියන ලැජ්ජාශීලි, කම්පනමය මොහොතට හසු වෙනවා. ඩෙකර් විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස්වෙලා යනවා. විශ්වවිද්‍යාල පරිපාලනය ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්න අපොහොසත් වෙනවා. ඩෙකර් ඉල්ලා අස්වෙලා ගියත් ඇග්නස් වින්දිතයෙක් විදියට තමන්ට වුණ අවමානය ගැන දැඩිව පසුතැවෙනවා. තමන්ට වුණ තුවාලය සුවපත් වෙන්න සෑහෙන්න කාලයක් යනවා. හැබැයි ඇග්නස්ට සිද්ධ වුණ අතවරය නිසා ඇය මිනිස්සු ගැන බැරැරුම් විදියට හිතන්න පොළඹනවා.

 

sorry baby

 

මොන දේ වුනත් ජිවිතය ගැන ටිකක් සුබවාදීව බලමු නේද? කියන සිතුවිල්ල ඇග්නස් හිතනවා. 'සොරි, බේබි' වගේ චිත්‍රපටයක් ඇතුළේ තියෙන වැදගත්කම තමයි ඇග්නස්ට වුණ අවුල්සහගත සිදුවීම සමඟ සංහිඳියාවට පැමිණෙන්නේ කොහොමද? කියන එක පෙන්වන විදිය. අපි හැමෝටම තියෙනවා තමන්ට කියලා ආත්මාභිමානයක්. ඇග්නස් හොයන්නේ ජීවිතයේ සතුට. සතුට කියන්නේ තෘප්තිය. තමන්ගේ සතුට බාධා වෙන අමිහිරි සිදුවීමකට මුහුණදෙන්න වුනාම අපි "ජීවත් වීම" කියන හැඟීම නැවත ග්‍රහණය කරගන්නේ කොහොමද? කියන දේ චිත්‍රපටයේ මතු කරන වැදගත් අදහසක් කියලා මට හිතුණා.

SorryBaby 4

 

"IndieWire'' කියන චිත්‍රපට වෙබ් අඩවිය විසින් 'සොරි, බෙිබ්' 2020 දශකයේ හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ 77 වන ස්ථානයට ශ්‍රේණිගත කරනවා. චිත්‍රපටගේ තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඊවා වික්ටර් විසින්. ඇයම තමයි ඇග්නස්ගේ චරිතය නිරූපණය කරන්නේ. මේ වසරේ බලපු චිත්‍රපට අතරින් මඳක් වෙනස් චිත්‍රපටයක් වගේම 'සොරි, බේබ්' කියන්නේ මේ අවුරුද්දේ Drama ශානරයේ යටතේ බලපු හොඳම චිත්‍රපටවලින් එකක්. ජීවිතය ගැන, මිනිස් හැසිරීමි ගැන නිරික්ෂණය කරන්න කැමති අයට 'සොරි, බෙිබි' කියන්නේ නරඹන්න කියාපු හොඳම චිත්‍රපටයක්.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

සටහන - මලින්ත විතානගේ

( මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom