lan englan tam

ලෝකෙන්ම ප්‍රතික්ෂේප වෙලා හිටපු පොඩ්ඩෝ ටික ලෝකයක් ඉස්සරහට ගෙනියන්න නේනා මැඩම් ගත්ත අපූරු උත්සාහය "Hichki" (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Amila Nishantha -

අවුරුදු ගානක් ගෙවිලා ගිය අපේ ජීවිත කතා ඇතුලේ කොයි තරම් නම් ගුරුවරු අපිට හම්බවෙලා තියනවද?

අවුරුදු 13 පාසල් ජීවිතේ ඇතුලේ, ටියුෂන් පංති වල විශ්වවිද්‍යාල ජීවිතේ කොයි තරම් ගුරුවරු මුණ ගැහිලා තියනවද?

සමහර ශිෂ්‍යයන්ගේ ජීවිත කතා ඇතුලේ මුළු ජීවිතේම ගොඩ දාපු ගුරුවරු වගේම තමන්ගේ ගෝලයින්ගේ මුළු ජීවිතේම අඳුරට හෙලපු ගුරුවරුන්ගේ කතාවල් නම් කොයි තරම් අපි අහලා තියනවද?

වාසනාවකට ඒ අංක දෙකට ගත්ත ගුරුවරු අතලොස්සක් ඇතුලේ අංක එකට ගත්ත ගුරුවරු සිය ගානක් මුන ගැහුන එක තරම් සතුටු හිතෙන වෙන දෙයක් තවත් කොහේද?

Hichki 2018 අවුරුද්දේ බොලිවුඩ් වල හැදුනු ෆිල්ම් එකක්. ඊයේ (05) ලෝක ගුරු දිනය දවසේ අහම්බෙන් දෙවනි පාරටත් බලන්න ගත්ත ෆර් ෆෙක්ට් මූවි එකක්.. ඉක්කා ගහන ගුරුවරිය 9 එෆ් ක්ලාස් එක ගොඩ දාන ලස්සන. ලෝකෙන්ම ප්‍රතික්ෂේප වෙලා කොන් වෙලා හිටපු පොඩ්ඩෝ ටික ලෝකයක් ඉස්සරහට ගෙනියන්න නේනා මැඩම් ගත්ත අපූරු උත්සාහය අහැට කඳුළක් එකතු කරන්නේ නැතුව බලන්න අමාරු ෆිල්ම් එකක් තමයි මේ Hichki  ෆිල්ම් එක..

 

maxresdefault 1

 

2018 අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් උන Hichki ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ සිද්ධාර්ත් පී මාලෝත්‍රා විසින්.

බොලිවුඩ් වල වැඩ දාපු ජනප්‍රිය චිත්‍රපටි ගොඩක රඟ පාපු රාණි මුකර්ජී මෙහි ප්‍රධාන චරිතේ රඟපානවා.

රාණි මුකර්ජී එක්ක නීරජ් කබී, ශිවකුමාර් සුබ්‍රමණියම් වගේම තවත් බොලිවුඩ්වල ජනප්‍රිය නළු නිළියන් රැසක් 'Hichki' ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙනවා.

IMDb දර්ශකයේ 7.5 අගයක් වගේම Rotten Tomatoes දර්ශකයේ 54% ඉහළ අඟයක් ගන්නත් Hichki ෆිල්ම් එක සමත් වෙලා තියනවා.

 

14 1521782981

 

ඇත්තටම ගුරුවරු කියන්නේ මේ ලෝකේ පවතින විවිධාකාර වෘත්තීන් අතරේ විශේෂම වෘත්තීයක්. ඒක මේ වෙනකොට යම් කිසි කාලයකට රාමුවකට කොටු උනත් මට හිතෙන්නෙ ගුරුවරයා කියන්නෙ එක්තරා විදිහක සමාජ ගොඩනැගුම්කාරකයක්. සමාජයක් ගොඩ නගන්න වගේම බිඳ වට්ටන්නත් ගුරුවරයෙකුට පුළුවන්. සමාජයක පැවැත්ම තීරණය වෙන්නෙ සමාජයේ ජීවත් වෙන ජන කොට්ඨාස වලට අනුව. සමාජයක් ගමන් ගන්න මග තීරණය වෙන්නෙත් ඒ කියන ජන සමාජයට ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙන මනුෂ්‍ය කොට්ඨාසයට.. අන්න ඒ කියන මනුෂ්‍ය කොට්ඨාසයේ යහ පැවැත්ම තීරණය කරන්න ගුරුවරයෙකුට පුළුවන්. හොද අතට හෝ නරක අතට...

දරුවෙකු අධ්‍යාපනය ලබන වයස කියන්නේ ඔහු හෝ ඇය සමාජ ගත වෙන්න කලින් ගත කරන තීරණාත්මකම කාල වකවානුවක්.. අපේ රටේ වගේම ලෝකේ ගොඩක් රටවල ශිෂ්‍ය අවධිය කියන්නේ අන්න ඒ තීරණාත්මක වයස් සීමාවට. ඒ වයස් සීමාව දරුවෙක් ගෙවලා දාන්නේ දෙමවුපියන් අරුනහම ගුරුවරුන් ලඟ.. අන්න ඒකයි දෙමවුපියන්ට වගේම ගුරුවරයටත් ලොකු වගකීමක් පැවරෙන්නේ තමන්ගේ ශිෂ්‍යයන් ගැන..

සමාජයක් යහපත් හෝ අයහපත් ලෙසකට පරිවර්ථනය කිරීමේ මුල් අඩිය ගුරුවරයෙක් වෙතට නිරායාසයෙන්ම පැවරෙන්නේ අන්න ඒ කියන හේතුව හින්දම තමයි....

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>

 

'Hichki' හරහාත් අඩු වැඩි විදිහට කතා වෙන්නේ මෙන්න මේ හේතුව තමයි. හැම ගුරුවරයෙකුටම තමන් ලඟ ඉන්න පොඩ්ඩෝ ටික හොද ලොක්කෝ ටිකක් කරන්න පුළුවන් වෙන්න ඕනි.. අන්න එදාට යම් තරමකට හරි මේ සමාජේ හොද විදිහකට වෙනස් වෙයි කියන බලාපොරොත්තුව තියා ගන්න පුළුවන්..

 

 

484512821 3487771708025045 8988058508794884912 n

සටහන - අමිල නිශාන්ත

kemadasa

Back to top
Go to bottom