lan englan tam

මාලනී, ජෝ, විජේ - පතී | සැන්ඩ්‍රා‍, ජගා‍, අශාන් - චත්‍ර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- Lakmal Dharmarathna-

("බඹරු ඇවිත්", "ආයු" චිත්‍රපටි දෙක සන්සන්දනයක් නෙවේ)

මට "ආයු" බලලා ටික දවසකට පස්සේ දැනුන අදහසක් මේක. ෆිල්ම් එක ගැන නෙවෙයි මේ කතාව. ෆිල්ම් එකේ casting ගැන සහ casting වලදී අධ්‍යක්ෂවරු සියුම්ව පාවිච්චිකරන පොඩි දෙයක් ගැන නිරීක්ෂණයක් කියන්න....

පතිරාජ "බඹරු ඇවිත්" චිත්‍රපටියට වි​ජේ සහ මාලනී ප්ලේස් කරපු එක කොච්චර දක්ෂ වැඩක්ද කියන එක මම හැමදාම හිතපු එකක්. ඒ කියන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය කියන එකේ හිණිපෙත්තේ ඉන්න දෙන්නෙක් අරගෙන ගිහිල්ලා වැල්ලට අතෑරලා තමන්ගේ කතාව කියන්න අධ්‍යක්ෂවරයා ඔවුන් පාවිච්චි කරන විදිය කියන එක...

 

 

මේකේ ජෝ එන්නෙම ඒ භූමියේ (වැල්ලෙත්, සිනමාවේ ඒ කොටසේත්) හිමිකරුවා විදියට. විජේ වැල්ලට වගේම ඒ සිනමාවටත් ආගන්තුකයි. ගැටීම එන්නේ මේ දෙන්නා අතරේ. ඒ ගැටීම ඇතුලේ එන්නෙම ඒ නොගැලපීමේ ගැටීම.

මාලනී (හෙලන්) නැවත ජෝ නියෝජනය කරන පංතියෙන් කැඩිලා බේබි මහත්තයාගේ පංතිය දෙසට ඇදිලා යන එක තිරය උඩ මාර විදියට සාධාරණීකරණය වෙනවා ඇය යන්නේ විජේ (බේබිමහත්තයා) දෙසට උණාම... බේබි මහත්තයා වල්, බේබි මහත්තයා ප්ලේ බෝයි, බේබි මහත්තයා සල්ලාලයි.... ආපහු ඒ හෙවනැල්ලේ විජේ ඉන්නවා..... ඊටපස්සේ ජෝ (ඇන්ටන්).... මේකේ සිරිල් වික්‍රමගේ (සිරිල්) හෙලන්ගේ ආදරය ඉල්ලන වැල්ලේ එකා උණත් සිරිල්ගේ නියෝජනය ඇන්ටට වැහෙනවා. ඇන්ටා හෙවත් ජෝ ආපහු නියෝජනය කරන්නේ බේබි මහත්තයලට විරුද්ධ වැල්ලේ පහල පංතිය... චන්ඩියා, ඇත්ත එකා වගේ එකක්. ඒ එක විදියකට ආපහු සිනමාතිරයට මෙපිටිනුත් ජෝ... මේ අය බැඳෙන මැද රේඛාව මාලනී (හෙලන්). මාලනී එන්නේ කමර්ෂල් ෆිල්ම්ස් වලින්, හැබැයි ආට් පැත්තටත් බහිනවා. මාලනී මේ දෙක යාකරනවා තිරය ඇතුලෙත් තිරයෙන් පිටත්.......

මේකේ සිනමාව, කන්ටෙක්ස්ට් එක වගේ අරක මේක අමතක කරලා casting කියන තැනට ආවම මට මේක මාර කාස්ටින් එකක්. ඒ කියන්නේ සිනමාවට එළියෙන් තියන Personality එකේ වාසිය පතී සියුම්ව සිනමාපටිය ඇතුලට ගේනවා... ඇත්තටම පාවිච්චි කරනවා.... මට ඒක මාර වැඩක් සිරාවටම....

 

ඊළඟට "ආයු"....

මැද පංතියේ ලස්සන පොෂ් ගෑණු දුක්විඳිනවා කියන එක අපේ සිනමාවට අළුත් එකක්නේ. අපේ සිනමාවේ දුක්විඳින්නෙම අඳුරු හමක් තියන කෘෂ ග්‍රාමීය ගෑණු. ලස්නන නිළියක් උණත් මේකප් කරලා කළු කරලා තමයි ගොඩක්වෙලාටව දුක්විඳින චරිතෙට ලෑස්තිකරන්නේ. හැබැයි සෑහෙන කාලෙකට පස්සේ මැදපංතික, ඉංග්‍රීසි ඇක්සෙන්ට් එකක් තියන කියුට් ගෑණියෙක් දුක්විඳිනවා පේනවා. ජීවිතේ පජාත ට්‍රිප් එකක් යනවා පේනවා. ඒකේ මැජික් එක අපි කවුරුත් එයාව මීට පෙර තිරයේ දැකලා නෑ. ඉතිං එයා රඟපාන එක හොඳද නරකද වගේ රංගන සංසදනයක් අපිට නෑ. ඒ වෙනුවට සැන්ඩ්‍රා තමයි නිශ්මි කියන්නේ වගේ එයාට චරිතය අනන්‍ය වෙනවා. චත්‍ර ආයු ගෙන්නෙම වක්‍රව "මනමේ" හින්ට් එකකින්. ඒ කියන්නේ කඩුව වැද්දට දීල බලන මනමේ කුමරිය වගේ සීන් එකකින්....

 

ayu 206856571 large"ආයු" චිත්‍රපටය - නිශ්මි (චරිතය නිරූපණය කිරීම 'සැන්ඩ්‍රා මැක්')

 

එතකොට කව්ද කුමරිය, කව්ද වැද්දා, කව්ද කුමාරයා කියන එක මාර ට්‍රිකී කාස්ටින් වලදී. මේක චත්‍ර විසඳන විදිය තමයි මම බලාගෙන හිටපු එක. මේ වගේ ෆිල්ම් එකකදී රංගන ශිල්පීන් තුන්දෙනෙක්ගෙන්ම මේක වෙන්නෑ. ඒකට රංගනය වගේම ඉන් එහා ටිකක් ඕනේ.... මොකද මේක චත්‍ර රංගනය වඩා නිහඬතාවට තමයි තැන දෙන්නේ.

චත්‍ර රිස්ක් එකක් අරගෙන ගේනවා මෙතෙක් ඇට්කරලා නැති සැන්ඩ්‍රාව (නිශ්මි). සැන්ඩ්‍රා කියන්නේ ඉංග්‍රීසි ඌරුවට හැදුණ සිංහල සමාජය එක්ක වැඩකරපු ඇඩ්වර්ටයිසින් ගෑණියෙක්. එයා චිත්‍රපටියේ විවාහවෙලා ඉන්නේ මේ වෙලාවේ ලංකාවේ පිරිමි සෙක්ස් සිම්බල් එකක් වෙච්ච අෂාන් ඩයස්(රවී). දැන් මේ දෙන්නා චිත්‍රපටියේ ජීවිතේ පර්ෆෙක්ට් මැච් එකක්. ඒ වගේම ඕනෙනං තිරයට මෙපිටින් සමාජ තීරුවෙත්.... ඔන්න යම්කිසි තත්වයක් ඇතිවෙලා මේ දෙන්නා මැද්දට චත්‍ර ප්ලේස් කරනවා ජගත් (සචින්) ව. හිතුවක්කාර, අරගලවල පෙරමුණ ගන්න, සීමා කඩාගෙන යන, ​ඇට්ටර සෙක්සි ලුක් එකක් තියන ජගා වැල්ලේ හිතුවක්කාර චණ්ඩියෙක් වෙච්චි සචින්ට කාස්ට්කරනවා. විජේ, ජෝ, මාලනී වගේ කම්බිනේෂන් එකක් ආයෙම හැදෙනවා. තිරයට එළියෙන් ලෝකයේ පුංචි ෂැඩෝ එකක් තිරය උඩට චරිත එක්කම අතාරිනවා...

 

Ayu Movie wr"ආයු" චිත්‍රපටය - සචින් (ජගත් මනුවර්ණ) , නිශ්මි ('සැන්ඩ්‍රා මැක්)

 

නිශ්මි (සැන්ඩ්‍රා) රවීගේ (අශාන්) ගේ ​ලෝකයෙන් සචින්ගේ (ජගත්) පජාත වැල්ලේ ලෝකයට එනකොට සිනමාපටියට එළියෙන් පුද්ගලික ආත්මයේ මොකක්දෝ සොමියක් එනවා වගේ දැනෙනවා. ඒ අපිට දුර පංතියක ගෑනියෙක් අපිට ළඟ පංතියක එකෙක් එක්ක එළියට බහින සොමියද...? ඒක ඇතුලේ අපේ පංතිමය ඊරිසියාව හැංඟිලා තියනවද...? පතී බේබි මහත්තයා දාලා යනකොට හෙලන්ට සිනමා පටිය ඇතුලෙත්, අවිඥාණිකව සිනමාපටියට එළියෙනුත් පංතිමය රිදවීමක් කරනවා මට අනුව (මම සීයට සීයක් වැරදි වෙන්න පුළුවන් හොඳේ). ඒ කියන්නේ බේබිමහ්තතුරුන්ට ලව් කරපු, ලව් කරන හෙලන්ලාට පතී කණට ගහනවා. නිශ්මි රවී වෙනුවට සචින් එක්ක රවී එක්ක නොගිය අන්තයක් දක්වාත් නිදහසක් දක්වාත් යනවා... රවීගේ පංතියට අහුනොවන වෙන මොකක්දෝ නිදහස් සොමියක් වැල්ලේ සචින්ලාගේ ලෝකයේ තියනවා. මට අනුව ප්‍රේක්ෂකයාට මොකක්දෝ සොමි හැඟීමක් මේ සම්බන්දය ඇතුලේ සෙට්වෙනවා. පොඩි පංතිමය සොමියක්.... ඒක නිශ්මි, රවී සහ සචින් අතර ප්‍රශ්නයක අපිට දැනෙන සොමියක්ද නැත්තං ඉවසිලිමත් අශාන්ව අතෑරලා හිතුවක්කාර ජගා එක්ක සැන්ඩ්‍රා එකට ගමන් කිරීමේ අපේ අවිඥාණික පජාත ෆැන්ටසිමය සොමියද...?

 

 

මම හිතන්නෑ චත්‍ර මේක නොදැනුවත්ව කළා කියලා. මට අනුව මේ ශිල්පීන් තුන්දෙනා ඉතාම දක්ෂ චරිත නිරූපණයක් කරන අතරතුරේම සියුම්ව වෙන නිලයක් අධ්‍යක්ෂවරයා අල්ලනවා කියලා. මට ඇත්තටම ෆිල්ම් එක තිබුණේ මෙන්න මේ ත්‍රිකෝණය ඇතුලේ......

මේක "දේව්දාස්" චිත්‍රපටියේ සංජේ ලීලා බන්සාලිත් කරනවා මට අනුව. ෂාරුක් ඒ වෙනකොට හිටියේ විලන් රෝල් එකෙන් අමුතු හැඩේ පෙම්වතාට මාරුවෙලා ඩර් වල ඉඳලා බාසිගර් හරහා කබි කුෂි කබි ගම් දක්වා ඇවිල්ලා. හැබැයි දේව්දාස් එකේ සංජේ ලීලා බන්සාලි අර පරණ විලන් කොටසෙන් ටිකකුත් අළුතෙන් ශාරුක් හදාගත්ත පෙම්වතා කොටසෙන් ටිකකුත් විදියට තමයි දේව්දාස්ගේ චරිතය ෂාරුක් එක් ගොඩනඟන්නේ. ඒක මට අනුව සෑහෙන දැනුවත් වැඩක් ඒ වගේ අධ්‍යක්ෂවරයෙක්​ගේ..... ඒ වගේම ඒ වෙනකොට ආකර්ෂණීය වයසින් නික්ම යමින් හිටපු මධුරි චන්ද්‍රමුඛීටත්, සිනමාවේ පඩිපෙළ වේගයෙන් නගිමින් සිහින කුමරිය වෙමින් උන් අයිෂ්වර්යා ව පාර්වතීටත් ගැනීම සන්ජේ ලීලා බන්සාලී රංගනයට එහායින් තියන ස්වාභාවික ලෝකයේ personality එසෙන්ස් එකෙන් කොටසකුත් එක්ක කරපු කාස්ටින් ට්‍රික් එකක් කියලමයි මම අදත් හිතන්නේ.... ඒ ෆිල්ම් එක අපට දැනුනේම ඒකෙන් කියලයි මට හිතෙන්නේ....

 

චිත්‍රපටියක් කියන්නේ තිරයේ පේන එක විතරක්ම නෙවෙයි. චිත්‍රපටිය කියන්නෙම තිරයෙන් එළියට විහිදිලා ස්වාභාවික ලෝකයට පැතිරිලා එන තිරය ඇතුලෙන් හදලා දුන්න යමක්. එහෙම යමක් එළියට දෙනකොට ඩිරෙක්ටර්ලා පාවිච්ච කරන පුංචි පුංචි ට්‍රික්ස් බලං ඉන්නකොට ආතල්...

ඇත්තටම ඒක ෆිල්ම් එක තරම්ම ආතල්....

චත්‍ර ... උම්මා....

Ayu - ආයු - The Movie

ලකා.

 

channels4 profile 2

සටහන - ලක්මාල් ධර්මරත්න

(චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක)

(මෙම සටහන " Laka Dharmarathna" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom