lan englan tam

බිමල් ජයකොඩි සහ අභිෂේකා විමලවීර ගැයූ යුග ගීතය මෙන්න!

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම සහ බොහෝ කතාබහට ලක්වෙන රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් (ධර්මයුද්ධය 2, ෆාදර්’) මේ දින වල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිර ගත වෙනවා.

මේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියා පසුගිය කාලයේ ගායකයෙක් විදිහටත් ඉදිරියට එනවා අපිට දැකගන්නට ලැබුනා. විශේෂයෙන්ම ඔහු ගායනා කල ‘මාරියා’ චිත්‍රපටයේ තේමා ගීතය වගේම  'ධර්මයුද්ධය 2'  චිත්‍රපටයේ ‘තව හීන ඕනේද’ පසුබිම් ගීතයත් මේ වෙන කොට බොහෝ ජනප්‍රිය වෙලා තියයෙනවා.

ඉතින්, මේ ජනප්‍රියත්වය අතරේ බිමල් ජයකොඩි, අභිෂේකා විමලවීර සමඟින් එක්ව ගායනා කළ තවත් අපූර්ව ගිතයක් ඊයේ (13) දිනයේ එළි දක්වන්න කටයුතු කරළා තිබුණා.

‘දහස් ගණනක්’ කියලා නම් කරලා තිබුණ මේ ගීතයේ පද පේළි වලට මුසු වෙන බිමල්ගේ හා අභීගේ හඩ මුසුව තවත් ආදර කතාවක මතකය ප්‍රේක්ෂකයාගේ හදවතට හරිම අපූර්ව ආකාරයෙන් සමීප කරනවා.

මේ ගීතයේ පද මාලාව වගේම මෙහි රූප රචනයත් ගීතයට එක් කරන්නේ වෙනස්ම මානයක්.

බිමල් ජයකොඩි, කළණි දොඩංතැන්න, වගේම අභිෂේකාත් රඟපාන මේ රූප රචනයේ ඇස්වලින් කතාකරන ඒ ආදරය හරිම අපූරුයි.

කිසිම ආදරණීය හිතක් තප්පරේකටවත් මිස් කර ගන්න එපා කියන්නේ ඇයි කියලා මේ ගීතය ඇහුවාම ඔබට දැනගන්න ලැබෙයි.

 

Artists : Abhisheka Wimalaweera, Bimal Jayakody

Lyrics :  Warna Rasika Gunawardana

Melody - Abhisheka Wimalaweera

 වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

 

kemadasa

Back to top
Go to bottom