lan englan tam

සංගීතයේ රිද්මයෙන් ඔපමට්ටම් වූ අකුරු: (මුරකාමි සහ ඔසාවා අතර සංවාදයක්)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ඔබට සංගීතය පිළිබඳ ඉවක් නොමැති නම්, ඔබට කිසිසේත් හොඳින් ලිවිය නොහැකිය. මේ දෙපසම එකිනෙකට අනුපූරක වේ: සංගීතයට සවන් දීම ඔබේ ලේඛන විලාසය දියුණු කරයි; ඔබේ ලේඛන විලාසය දියුණු වීමෙන් සංගීතයට සවන් දීමේ හැකියාව වර්ධනය වේ... ඉතින් මම ලිවීමට ඉගෙන ගත්තේ කෙසේද? ඒ සංගීතයට සවන් දීමෙනි.

ලේඛනයක ඇති වැදගත්ම දේ කුමක්ද? එය රිද්මයයි. රිද්මයක් නොමැති නම් කිසිවෙකු ඔබ ලියන දේ කියවන්නේ නැත. පාඨකයා ඉදිරියට ගෙන යන අභ්‍යන්තර රිද්මයානුකූල හැඟීමක් එහි තිබිය යුතුය."- හරුකි මුරකාමි, 'Absolutely on Music'

book i

 

එක් අයෙකු වචනවලින් ලෝකයන් මවයි... අනෙකා කොන්දොස්තර යෂ්ටියකින් ස්වර ප්‍රස්ථාරවලට පණ දෙයි... ඔවුන්ගේ වේදිකාවන් එකිනෙකට වෙනස් වුවද - එනම් ලේඛන මේසයක ඇති හුදකලාව සහ සංගීත මෙහෙයවන්නෙකුගේ පීඨිකාවේ ඇති ජවය - හරුකි මුරකෑමි සහ සෙයිජි ඔසාවා පොදු ස්පන්දනයක් බෙදා ගනිති: ඒ සංගීතයේ අභ්‍යන්තර ජීවිතය වෙනුවෙන් වූ නොපසුබට උත්සාහය සහ ජීවිත කාලය පුරාම පැවති භක්තියයි.

​මෙම කෘතිය කියවීම, කියවීමකට වඩා හොරෙන් සවන් දීමක් වැනිය. ඔවුන්ගේ සංවාද, සංගීතඥයන් දෙදෙනෙකු එක්ව පුහුණුවීම් කරනවාක් මෙන් ඉතා සරලව හා සැහැල්ලුවෙන් ගලා යයි. අප බොහෝ දෙනෙකුට ඔසාවා යනු වසර ගණනාවක් තිස්සේ ප්‍රසංග වැඩසටහන්වල සහ තැටි කවරවල තිබූ නමක් පමණි. 2022 නොවැම්බරයේදී එය මා තුළ වෙනස් විය. රෝද පුටුවක වාඩි වී සිටි අතිශය වියපත්, දුබල මිනිසෙකු බීතෝවන්ගේ 'Egmont Overture' සඳහා සයිටෝ කිනෙන් වාද්‍ය වෘන්දය මෙහෙයවද්දී ඔහුගේ දෑස්වලින් කඳුළු කඩා හැලෙමින් තිබුණි. එම ප්‍රසංගය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ගගනගාමී කොයිචි වකාටා වෙත සජීවීව විකාශනය කෙරිණි—එය සංගීතය ප්‍රසංග ශාලාවක ගුරුත්වාකර්ෂණයෙන් ඔබ්බට ගිය මොහොතක් විය.

​මම මෙය කියවන විට, කාමරය නිහඬවම ශබ්දයෙන් පිරී යන්නාක් මෙන් දැනේ... ග්ලෙන් ගෝල්ඩ්ගේ අසමසම සංගීතමය හුස්ම පිටු අතර සැරිසරන අතර, ලෙනාඩ් බර්න්ස්ටයින් කොතැනක හෝ පසුබිමේ රැඳී සිටියි. එය පෙළ සහ ස්වරය (Text and Tone) අතර ඇති වන මෘදු සංවාදයක් බවට පත්වේ.

 

mirakami

ජපන් සංගීතවේදී සෙයිජි ඔසාවා (Seiji Ozawa) (වම) සහ ජපන් ලේඛක හරුකි මුරකාමි (Haruki Murakami)

 

​මුරකාමි සහ ඔසාවාගේ අදහස් හුවමාරුව Tempo giusto (නිවැරදි රිද්මයකින් යුත්) සංගීතමය ප්‍රතිස්වරයක් (Counterpoint) ලෙස දිග හැරේ. ලේඛනය සහ සංගීතය ස්වාධීනව ගමන් කරන, නමුත් සියුම් සුසංයෝගයකින් යුත් තනු නිර්මාණ දෙකක් බවට පත්වේ. ඔවුන්ව බැඳ තබන්නේ පොදු සංවේදීතාවයකි... මතුපිටින් සැහීමකට පත් නොවී සැමවිටම ගැඹුර සොයන නොසන්සුන් කුතුහලය සහ සවන් දෙන කනකි.

​බර්න්ස්ටයින් සහ කරායන්ගේ එකිනෙකට වෙනස් මෙහෙයවීමේ විලාසයන්ගෙන් ඇරඹෙන සංවාදය, අනතුරුව 'මා' (Ma) වෙත යොමු වේ... එනම් නිහඬතාවයේ ප්‍රකාශන ශක්තිය පිළිබඳ ජපන් සංකල්පයයි. මෙය ගෝල්ඩ්ගේ අර්ථකථන තුළ දැකිය හැකිය. බ්‍රාම්ස්ගේ වාද්‍ය වෘන්දකරණය පිළිබඳ සමීප පරීක්ෂණ, ලොව ශ්‍රේෂ්ඨ වාද්‍ය වෘන්දවල සුවිශේෂී ශබ්ද පිළිබඳ ආවර්ජනා සහ ජෝන් කොල්ට්‍රේන්ගේ ෆ්‍රී ජෑස් (Free Jazz) සහ මාලර්ගේ දැවැන්ත සංධ්වනි පිළිබඳ බලාපොරොත්තු නොවූ විග්‍රහයන් මෙහි ඇතුළත් වේ.

​මම පොත වසා දැමූ විට, ලෝකය මඳක් විශාල වූවාක් මෙන් දැනුණි... ලිවීම සහ සංගීතය, කෙටි මොහොතකට හෝ එදිනෙදා ජීවිතයේ ඝෝෂාවට යටින් ඇති ගැඹුරු රිද්මයකට මගේ කන යොමු කළාක් මෙන් මට හැඟේ.

 

453222140 8653607647997182 2807775641947380594 n 1

සටහන - ජනක ඉනිමංකඩ

(අන්තර්ජාලයේ පළවූ ලිපියක පරිවර්තනයකි.)

(මෙම සටහන Janaka Inimankada ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom