කෙදිනත් තරුණ පරපුර අපමණ සිහින දකිති. එහෙත් ඒ සිහිනවලින් ඔවුන් අවදි වන්නේ යථාර්ථයට මුහුණ දුන් විටය. පරමාදර්ශී තරුණයකු වූ පරියෙරුම් පෙරුමාල් නීති විද්‍යාලයේ ලියාපදිංචි වූ පසු අනාගතයේදී පැවසීමට සිදුවන මුසාවාද ගැන සුබවාදී සිහින මැවීය. එහෙත් ඔහුට මේ සිහිනය වැඩි කලක් දැකීමට සිදුවන්නේ නැත. ඔහු සිහින ලොවින් සැබෑ ලොවට පිවිසෙන්නේ තමන් පොළොවේ පය ගසා සිටින ලෝකයේ සත්‍ය අත්දැකීම් ගණනාවකට පෙනී සිටීමට සිදුවීම නිසාය.
ඇල්ෂයිමර් රෝගියකුවූ සිය පියා එම රෝගීන්ට වෙන්වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නතර කර සිටි අතර හදිසියේම ඔහු අතුරුදන් වෙයි. ඔහුට පියා සොයා යන ගමනේදී අනපේක්ෂිත ස්ථාන කරා යෑමටත් පෙර කිසිදා අත්දැක නොමැති අත්දැකීම් සමුදායකටත් මුහුණ දීමටත් සිදුවෙයි. පරියෙරුම් පෙරුමාල්ට මේ ගමනේදී කුමන්ත්‍රණ, අපරාධ, මිනීමැරුම් පිරි අඳුරු බිහිසුණු ලොවක අත්දැකීම් ලබයි. කරුප්පි ඔහු සමඟ අත්දැකීම් බෙදා ගන්නා සුනඛ සුරතලාය.
මේ දමිළ ක්‍රියාදාම සිනමා පටයේ පිඹුරුපත් සැකසුණේ 2016දීය. සිනමා පටය පා රන්ජිත්ගේ පළමු නිෂ්පාදනයයි. ඔහු රජිනිකාන්ත් මේ වසරේ අවසන් වරට රඟපෑ කාලා හි අධ්යක්ෂවරයා විය. රජිනිකාන්ත් රැඟූ කබාලි සිනමා පටයේ අධ්යක්ෂවරයා වූයේ ද ඔහුමය. මාරි සෙල්වරාජ් මෙහි අධ්‍යක්ෂවරයාය. මාරි දමිළ සිනමා ක්ෂේත්රයේ දොළොස් වසක අත්දැකීම් සමඟ පා රන්ජිත් සමඟ එක්වී කළ මංගල සිනමා අධ්‍යක්ෂණය මෙයය.
ළමා වියේ සිට සිනමාවට හද බැඳි ඔහු මුලදී කැමැත්තක් දැක්වූයේ අධ්යක්ෂණයට නොව රංගනයට සහ නර්තනයටය. ඔහු අදියුරුකම ගැන මනාපයක් දක්වන්නට පටන් ගත්තේ අධ්යක්ෂ රාම්ගේ දිරිමත් කිරීම නිසාය. පාරියන් (පරියෙරුම් පෙරුමාල්) මෙන්ම මාරි ද නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි. පරියෙරුම් පෙරුමාල් නම ඔහු සිනමා පටයට තබා ඇත්තේ කුල භේදයකින් තොරව ඔහු ජීවත් වන තමිල්නාඩුවට අයත් කුඩා ගම්මානයේ වැසියන් සියලු දෙනාම පුද පූජා පවත්වන දෙවියන්ගේ නම එය නිසාය. ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ද ඒ නම ඇත.
ප්‍රබල නමක් සිනමා පටයට තැබූ පසු කාතීර් මාධා යානෙයි කෝට්ටම්, කිරුමි සිනමා පටවලින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් ලද නළුවෙකි. බස් ස්ටොප් රඟපා පැසසුම් ලැබූ ජෝති මහාලක්ෂමී සහ කරුප්පි සුනඛ ධේනුව ප්‍රධාන චරිත සඳහා තෝරා ගැනිණි. කරුප්පි සුනඛ ධේනුව කතාවේ අරටුව විය. සිනමා පටයේ මුළු පිටපතම ලියැවුණේ කරුප්පි කේන්ද්‍ර කර ගෙනය. සිනමා තරුවක්වූ කරුප්පි මාරිගේ සොහොයුරාගේ සුරතල් සත්ත්වයාය.
උගේත් කාතීර්ගේත් ඉරණම සුඛාන්තයක් වන්නේ නැත. සිනමා පටයේ පෝස්ටරයේත් පූර්ව දර්ශන මාලාවේත් ජන හද ගත් වීරයන් වූයේ මේ සත්ත්වයා සහ කාතීර්ය. මානව සත්ත්ව පෙමට වචනයක් නොමැති සාක්ෂියක් බවට පරියෙරුම් පෙරුමාල් පත්වී තිබේ. සිනමා පටයේ ජනප්‍රිය ‘කරුප්පි ‘ ගී තැටිය නිකුත් කළ අලුතම ඌ පැටවුන් දෙදෙනකු බිහිකර තිබේ. මෙහි කතාව මෙන්ම තිර රචනයද මාරි සෙල්වරාජ්ගෙනි. සංගීතය නිර්මාණකරු සංතෝෂ් නාරායන්ය.
ප්‍රේමය වස්තු විෂයය කරගත් සාම්ප්‍රදායික වට්ටෝරු සිනමා පටයක් නොවන මිනිත්තු 154 ක් දිගුපරියෙරුම් පෙරුමාල්‘ අධ්යක්ෂවරයා, සංගීත අධ්යක්ෂවරයා සහ සිනමා කැමරා අධ්යක්ෂවරයා අතර ගෙතුණු තුන් ඈඳුතු පෙමකි. එය සැබෑ මිත්‍රත්වයේ ප්‍රතිබිම්බයයි. සිනමා පටය තිරගත කළ දිනයේ සිට එය යුගයේ අවශ්‍යතාවක් පිරිමසාලීමක් ලෙසට සුපැතුම් දකුණු ඉන්දීය ප්‍රේක්ෂක ජනයාගෙන් පමණක් නොව අන්තර් ජාතික රසික ප්රජාවගෙන්ම ගලා එමින් පවතී.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ