'ජීවිතය කියන්නෙ ඔබේ බැංකු ගිණුමෙ තියෙන සල්ලිවත්, ඔබේ සුවිසල් ගෙදර මිදුලෙ නතර කරල තියෙන නවීන කාර් එකවත් නෙවේ. ජීවිතය කියන්නෙ ආදරය , එය ඔබ කොච්චර ලැබුවද කොච්චර බෙදුවද කියන දේ විතරයි ඔබට මරණ මොහොතෙදි මතක තියෙන්නෙ'' -ක්රේසේඩා රුද්‍රිගෝස්-
ක්රේසේඩා රුද්‍රිගෝස් කියන්නෙ මෝස්තර නිරූපනයෙන් කෝටි ගණන් මුදල් ඉපැයූ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ සුප්‍රකට මෝස්තර නිරූපිකාවක්. ඒත් ගිය අවුරුද්දේ ඇගේ බඩවැල් තුළ පැතිර ගිය පිළිකාවක් තියෙනව කියල වෛද්‍යවරු හොයා ගත්තට පස්සෙ ඇගේ ජීවිතය උඩු යටිකුරු වෙනව. ඊට පස්සෙ එයා සීඝ්රයෙන් කෘෂ වෙන්න පටන් ගන්නව. ඇගේ ශරීරය අප්‍රාණික වෙනව. පස්සෙ ක්රේසේඩාට සිද්ධ වෙනව විකිරණ ප්‍රතිකාර සදහා රෝහලක නේවාසිකව නතර වෙන්න. ඊට පස්සෙ ඇයට ඉන්නෙ ඇය හා නිතර කතා කරන්න ක්රේසේඩාට ශක්තිය දෙන්නෙ, පිළිකාව පරාජය කළ හැකි රෝගයක් කියල ඇගේ හිත හදන්නෙ ක්රේසේඩා ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමෙ ඉන්න යාලුවො විතරයි. තවත් මාස ගාණක් ඇය මේ යාලුවන් සමග කතා කළා ලිපි ලිව්වා. මාස 10 ක් යනකොට ඇයට හිටිය මේ ගිනුමෙ ලක්ෂ 50 ක් මිතුරො එහෙම නැතිනම් එයාට ආදරය කරන අය. 2018 සැප් 08 එයා සිය ඉන්ටර්ග්‍රෑම් ගිනුමෙ ලිවිව ''මම විකිරණ ප්‍රතිකාර සහමුලින් නවත්තන්න තීරණය කළා. මොකද මම මිය යන බව මම දන්නව. මට දැන් අවශ්‍ය මගේ ගෙදර අය හා යාලුවන් එක්ක ටිකක් නිදහසේ ඉන්න .''
2018 සැප් 10 ඇය සිය ගිණුමෙ ලියනව මෙහෙම,
''මට තියෙනව අලුත්ම අලුත් නවීන පන්නයේ කාර් එකක් ගෙදර මිදුලේ. නමුත් එයට මට කිසිවක් ලබා දිය නොහැක. මට තියෙනව අලුත්ම අලුත් විලාසිතාවල ඇදුම් , සපත්තු සහ බෑග් නමුත් ඒවාට මට කිසිවක් ලබා දිය නොහැක.ඒ වගේම මගේ බැංකු ගිනුමෙ තියෙනව ඇති තරම් සල්ලි , මගේ වහල යට තියෙනව විශාල ගෘහ භාන්ඩ එකතුවක් ඒත් ඒවාට මට කිසි දෙයක් ලබා දිය නොහැක.
බලන්න මම වැතිරිලා ඉන්නව රෝහලක දෙන්නෙක්ට නිදියන්න පුලුවන් සුවිසල් ඇදක් මත මට පුලුවන් සතියෙ ඕනෑම දවසක ගුවන් සවාරියක් යන්න. එහෙත් ඒ කිසිවකට මට කිසි දෙයක් ලබා දිය නොහැක. ඒක නිසා ඔබට නැති දේවල් ගැන කිසිවෙක් එක්ක තරහ ගන්න එපා. ඔබ සතුටුවෙන්න ඕන ඔබ ළග තියෙන දේට. ඔබට ඕනෑම ගෘහ භාන්ඩයක් සහිත වහලක් තියෙනවනම් ඔබ හිත්නන ඕන ජීවිතයේ වඩාත්ම වැදගත් දේ ආදරය කියල.''
ඒ තමයි ක්රේසේඩා රුද්‍රිගෝස් ජීවිතයේ අන්තිමට ලියපු වචන ටික. එයා මියයනව 2018 -09–23.
උපාලි ජයසිංහ