‘ ලෝකෙ සියලු නගර අපේ අලුත් නවාතැන් වෙනව, සංගීතය කියන්නෙ චාරිකාවක් . එහෙමයි මගේ විවාහ යෝජනාවේ මම ඔයාට කියපු වචන. මීකා යථාර්ථය කියන්නෙ ඒක නෙවෙයි. ඒක හරි කටුකයි මීකා ඒ වගේම මේ වයලීනය හරි අහිංසකයි ඒක මිලදී ගත්තෙ පරාජිත මිනිහෙක් නමුත් දැන් එහි කාර්යය අවසන් ‘‘
Yōjirō Takita අධ්‍යක්ෂණය කළ Departures
සංගීතය කියන දේ සුන්දර වුනාට සංගීතයෙන් යැපෙන සමහර මිනිස්සුන්ගෙ ජීවිත සුන්දර නෑ කියල කොබයෝෂි දැනගත්තෙ එයා වයලීනය වාදනය කරපු සංගීත කණ්ඩායමටම රස්සාවල් නැති වෙචිච දවසෙ. කොබයෝෂි අලුතෙන් විවාහ වෙලා දහසක් සිහින කරේ තියාගෙන ටෝකියෝ නගරයේ කුලී ගෙයක ජීවිත වෙච්ච මිනිහෙක්. දැන් එයාට රස්සාවක් නෑ එයාගෙ බිරිදව සතුටෙන් තියන්නවත් ඉන්න ගෙට කුලී ගෙවාගන්නවත්. මේ විදිහට ජීවිත වෙන්න බැරි වෙනකොට එයා සිය ප්‍රාණ සමව ආදරය කළ වයලීනය විකුණල සදහටම සංගීතය කියන ක්ෂේත්‍රෙයන් සමුගන්නව. ඊට පස්සෙ යමහාටා නගරයට ඇවිල්ල එයාගෙ මිය ගිය මවගෙ ගෙදර පදිංචි වෙනව මීකා එක්ක . මිනිහ ඊට පස්සෙ දවස ගානෙ රස්සාවල් හොයනව පුවත්පත් දැන්වීම්වල. දවසක්,
‘‘ මීකා මේ බලන්නකො මේ රස්සාව, වයස් සීමාවක් නැත , සුදුසුකමි අවශ්‍ය නොවේ. ඉහළ වැටුපක්, ‘‘
‘‘ රස්සාව මොකක්ද ඒයි ‘‘
‘‘ පිටවීමේ ගමනට උදව් කළ හැකි රැකියාවකි ‘‘
‘‘ ඒ මොකක්ද ඒකෙ තේරැම ‘‘
‘‘ මං හිතන්නෙ මීකා මේක සංචාරක ආයතනයක් ‘‘
කොබයෝෂී ගියා මේ රස්සාව හොයාගෙන . ඒක පාලු ගොඩනැගිල්ලක නමක්වත් නැති තැනක් එයාල හොයල තියෙන්නෙ මළමිනී එමිබාම් කරල ඒව ලස්සනට හැඩගන්නන්න කැමති මිනිහෙක්ව. අවසානයේ කොබයාෂි රස්සාවට කැමති වෙනව ආයතනය දෙන විශ්වාස කල නොහැකි වැටුප නිසා. ඔහුට අත ගාන්න සිද්ධවෙනව තරුණ මහලු බිළිදු මළ සිරුරවල් ඒ වගේම සති ගනන්ගිය කුනුවී දුගද හමන ඕජස් ගලන මළ සිරුරු . ඔහු ක්‍රමක්‍රමයෙන් මේකට පුරුදු වෙනව ඇත්තටම එය කලාවක්. මරණය කියන්නෙ ද්වාරයක්. අපි නොදන්නා ලෝකයකට යන. ඒ ලෝකයට යන තැනත්තා අති පරිසිදු ලෙස ඉතාමත් ලස්සනටත් එහෙට පය තැබිය යුතුයි . ඉතින් කොබයාෂි කරන්නෙ ඒක තමයි . මිය ගිය අයගේ ඥාතීන් ඉදිරිපිට මළ සිරුර නහවා අන්දවා මනස්කාන්ත ඉරියවිවකට හැඩ ගැන්වීමයි ඔහු කළ යුත්තේ. එක් දිනයක් තුල මළසිරුර ආදාහනය කරන බැවින් කැපිලි කෙටිලි නෑ .නමුත් කොබයාෂිගේ බිරිද ආයචනය කරනව රස්සාව අත් හරින ලෙස එත් කොබයාෂි රැකියාව අත්අරින්නෙ නෑ අවසානයේ බිරිද ඔහුගෙන් වෙන්වෙලා යනව ඒත් කොබයාෂි නෙවෙයි රස්සාව අත් අරින්නෙ. ඒත් බිරිදට නැවත කොබයාෂි ගාවටම එන්න සිද්ද වෙනව මොකද ඇයට ඔහු නිසා දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියල දැනගත්තම. දවසක් තම බිරිද එක්ක ගංගාවක් අයිනට ගිය කොබයාෂි ඉතා සිනිදු රවුමි හැඩයක් ඇති පුංචි ගලක් ඇය අතට දෙනවා
‘‘ මේ මොකක්ද ‘‘
‘‘ පුරාණ කාලෙ මිනිස්සු අකුරු ලියන්නත් ඉස්සරවෙලා තමන්ගෙ හැගීමි බෙදා ගත්තෙ ගල් මගින් මීකා ! . ඔවුන් ඔවුනගෙ හැගීමිවලට සමාන ගල් කැටයක් අනෙකාගේ අත මත තැබුවා. ඒ ගල් කැටය ලබාගත් පුද්ගලයා තේරුම් ගත යුතුයි ගලේ ස්වාභාවය මත එය ඔහුට ලබා දුන් පුද්ගලයාගේ ස්වාභාවය. උදාහරනයක් විදිහට සැහැල්ලු මෘදු ගල් කැටකින් සලකුනු කරනවා මිනිසෙකුගේ සංසුන් කාරුනික බව රලු ගල් කැටයකින් පිළිබිඹු වෙනවා ඒ පුද්ගලයාගේ ඇති කලහකාරී නොසන්සුන්බව. අවුරුදු 30 කට ඉස්සෙල්ල මාවයි අමිමවයි දාල ගිය මගේ නීච තාත්තා මට මෙතනදි දුන්නේ රලු බරැති ගල් කැටයක් මීකා .‘‘
තවත් කාලයක් ගිහිල්ල කොබයාෂිට ටැලිග්රෑමි එකක් එනව ඔහුගේ පියා මියගිය බව දන්වල. නමුත් ඔහු පසුවන්නේ පියා සමග අප්‍රමාණ වෛරයකින් ඒ නිසා ඔහු පියාගේ මළගමට යාම ප්‍රතික්ෂේප කලත් සිය බිරිදගේ බලවත් ඇවිටිල්ල මත ඔහු යනවා සිය පියාගේ මළගමට. ඔහු දකිනවා එහෙදි පැදුරක නිදි කරවාපු වයසක මිනිහෙක්. ඔහු පාත් වෙනවා අකමැත්තෙන් මළ සිරුර මතට. ඔහු දිග අරිනවා ඉතාමත් තදින් මිට මොලවාගත් ඒ මළ සිරුරේ දකුණු අත. එහි තිබෙනවා මීට වසර 30 කට පොරාතුව පියා තමාට දුන් රලු ගල් කැටයට පසු කොබයාෂි තම පියා අතර පත්කල මට සිලිටි මෘදු පුංචි රවුමි හැඩැති ගල් කැබැල්ල.
-උපාලි ජයසිංහ-