අද තවත් ජීවමාන ගීතවත් යුගයක් නිමාවී තවත් සදානුස්මරණීය ගීතවත් යුගයක ආරම්භයක් සනිටුහන් වන දවසකි.ඒ මේ කල්පයේ අපට විකල්පයක් නොමැති ගායක එච් ආර් ජෝතිපාලයන්ගේ අමර යුගගී ආත්මයේ අසහාය සහායිකාව ඇන්ජලින් ගුණතිලකද අප අත අත්හැර සදහටම අද නික්ම යන හෙයිනි.ජෝතිපාලයන්ගේ වියෝවෙන් සසල වු විජය කුමාරනතුංගයන් මට මගේ හඩයි මේ අහිමි වුයේ යැයි එදා කියු කියමනෙහි ඇති අරුත නම් රංගනයේදී අපට තිරයේදි විජය පමනක් නොව මහානලු ගාමිණී,රවීන්දු,ටෝනි,ජෝ,තිස්ස,බැප්ටිස්,රොබින්,රෝයි සේම සනත්,ජීවන්,රන්ජන්,ශෂී විජේන්දු වැන්නන්ටද ඔවුනගෙ හඩ අහිමි වුයේ ජෝතිගේ නැතිවීමෙනි.එය සමස්ත සමාජයටම මහා නැතිවීමකි...
එමෙන්ම අද අපට ලොකුවට නොදැනුනද අද මේ සිදුවන්නේ තවත් එවැනිම නැතිවීමකි. අද නිලිරැජින මාලිනියගේ හඩ ඇන්ජි අක්කාගෙ නැතිවීමත් සමගම ඇයට අහිමිව යනු ඇත.මාලිනියට මෙන්ම sriyani, සුමනා, ගීතා, නීටා, මානෙල්, සන්ධ්‍යා,අනුලා,සෝනියා සේම දිල්හානි,සබීතා,නදීකා,සංගීතා,වසන්ති වැන්නියන්ටද සිය සිනමා පසුබිම් හඩ අහිමිව යනු ඇත.ඔවුහු රගපෑ පරණ සිනමා ගී සමුහය යලි බැලුවහොත් ඒවග හොඳ හැටි වැටහෙනු නොඅනුමානය. එහෙත් මියගිය පසු කලාකාර ආත්ම ජීවත්ව සිටියාට වඩා බලවත්ව දැනෙන වත්මනේ ඇන්ජලින් රන්සරය ද අප සිත්පුරා සදා සැරිසරනු ඇත...ඇය සමග ගී කරලියේ වැඩ කරන්නට පින්ලද මා ඇගේ පරපුරෙන් දුටු දේ නම් හැඩට හැදපැලද ඇදුමට ඔබින පලදනාද පැලද අනවශ්‍ය අසීමිත makeup නොගා නොඋලා චාම්ව සැරසීවිත් සිය අද්විතීය ස්වරයෙන් අප සිත් දෙවනත් කොට සිනාමුසු මුහුනෙන් වෙලාවට පැමිණ තම වෘත්තීය කාර්යබාරය ඉටුකොට නික්ම ගොස් ඊට පසුදා අමතා ඇගේ සජීවී ගායනයේ අඩුපාඩු ඇත්නම් විමසීමයි. ලතා, සුජාතා,නන්දාමාලිනිය,ඉන්ද්‍රානි අක්කලා දෙන්නා,අමිතා වැදිසිංහ,නිලා,නිරංජලා,මල්කාන්ති,චන්ද්‍රිකා සහ මිනෝන් රත්නම් ,මරියසෙල්, ශ්‍යාමි,ඩැල්රීන්,චාන්දනී වැන්නියන්ගෙන් ද මා දුටු විශ්මිතය එයයි...මා නොවන මම ගැයුම් සදහා ඇගේ ගීයක් ඇතුලත්වන හැම මොහොතකම ඇගෙන් අවසර ගෙන ගීයෙහි පසුබිම් කතන්දරයද ඇගෙන් අසා දැනගෙන ඔබට කියන්නට ඇන්ජි අක්කාගෙන් ලද සහායට සදා ඇයට ස්තුති කරමි. කුමාරි මුණසිංහගේ වැඩසටහනට පසු අපි ඇන්ජලින් ගුණතිලක නම් සම්මාන නොලද ඇතැම් ඊනියා විනිශ්චය මන්ඩල් විසින් කොන් කොට දැමු මේ විරල ගායිකාව ගැන කතා කළ දේ ගැන ඇය හඩමින් පැසසු අන්දම මගෙත් කුමාරි ගෙත් මතකයේ සදා කල්හිම පවතී..එසේම එක් ගෘහස්ථ පුසංගයකදී ඇයට වැඩිපුර මුදල් ගෙවීමක් කල පසු ඇයි එහෙම වුනේ මට වැඩිපුර එපා මල්ලී මට මා කියපු වටිනාකම පමණක් ඇති..යැයි කියමින් ඒ වැඩිපුර මුදල නැවත එවන්නට ඇය තැත් කළාය.එහෙත් එය ඇයට කළ ගෞරවයක් සේ සලකා බාරගන්නා මෙන් ඇවිටිලි කොට සමතයකට පත් කර ගත්තෙමු.ඒ ඇන්ජලින් අක්කාගෙ හැටිය.ඇගේ ගී ලියු සටහන් පොත එදා අමතක වී දමාගොස් තිබියදී නලින්ගෙන්( marians ) එය ඉල්ලාගෙන ඇයට භාරදුන් දවසේ ඇය කීවේ මේක තමයි මල්ලි මගේ ජීවිත කතා පොත පරෙස්සමින් ගෙනැත් දුන්නට ස්තුතියි කියායි..එහෙත් අපේ රට ඇයට ණයගැතිය.ඒ කිසිදිනෙක ඇයට නිසි අගයක් නොදෙන්නට වගබලා ගත් අසමත් ජාති සමහරක් ජෝතිට බෙදු හැන්දෙන්ම ඇයටද බෙදු නිසාය.එහෙත් එවැනි හඩක් හා සම කිසිවෙකුත් ආයෙමත් මේ සක්වලේ නොමැත.කෙසේ වෙතත් ඇය මේතරම් ඉක්මනින් අප හැර යයි කියා නොසිතු මුත් මේක තමයි සොබාදම් දෙවියන්ගේ නියත නියමය..ඇන්ජි අක්කෙ ඔබේ උත්සවකාරී සුපැහැදිලි සීනු හඩමුසු ගී රෑන අපට දී අප කෙරෙන් මෙසේ සදහට වෙන්ව ගියද කවදා හෝ මේ සසරකතර අතරමගකදී යලිත් අප හමුවේවී ..එතෙක් ඔබට සුබ ගමන්.
කැලුම් ශ්‍රීමාල්