-විකී රෝයි-
ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවට අනුව වයස අවුරුදු 30 අඩු ලෝකයේ හොදම ඡායාරූප ශිල්පීන් අතර ඉන්දියාවේ විකී රෝයි ඉන්නව. එයාගෙ බොහෝ ඡායාරූපවල ඉන්නෙ වීදිවල දරුවන්, එයා කියන්නෙ ඒ හැම වීදි දරුවෙකුට සිහින තියෙනව කියල. මොකද විකී ඒ ගැන හොදටම දන්නෙ මොකද මිනිහත් වීදියේ හිගාකාපු දරුවෙක්.
බටහිර බෙංගාලයේ පිරුලියා නම් කුඩා ගම්මානයක උපත ලැබූ විකී වයස අවුරුදු 11 දී නිවසින් පිටව ගොස් දිල්ලියට පැමිණියේ ධනවත් මිනිසෙකු වීමේ සිහිනයෙනි. එහෙත් ඔහු සියලු බලාපොරොත්තු සුන් කර ගෙන දුක්ඛිත ජීවිතයක් ගත කළේය.
විකී මෙහෙම කියනව . “මම ඉපදුණේ දිනකට ආහාර වේල් දෙකක්වත් ලබා ගත නොහැකි ඉතා දුප්පත් පවුලක. ඒ නිසා මගේ අම්මා මාව මගේ ආච්චිලා සීයලාගේ ගෙදරට යැව්වා. මගේ සීයයි ආච්චියි හරිම කුරිරුයි, ඔවුන් මගෙන් දවස පුරාම වැඩ ගත්තා. මම යම් වැරැද්දක් කළොත් ඔවුන් මට අනුකම්පා විරහිතව පහර දුන්නා. ඔවුන්ගේ කුරිරු හැසිරීම මට තවදුරටත් ඉවසගන්න බැරි නිසා දවසක් මම සීයගේ සාක්කුවෙන් රු 900 ක් හොරකන් කරන් දිල්ලියට ආව. ඒ නගරවලට පැමිණීමෙන් පසු මිනිසුන් ධනවත් වන බව මම චිත්‍රපටවලින් දැක්ක නිසා ඒත් චිත්‍රපටවල පෙන්වන තරම් නගරයේ ජීවිතය පහසු නොවන බවත්, සාර්ථකත්වය පහසුවෙන් නොලැබෙන බවත් ක්‍රමයෙන් මට තේරුණා.”
.
''මුදල් ඉපැයීම සඳහා මම දුම්රිය ස්ථානයෙන් හිස් වතුර බෝතල් ගෙන ඒවා වතුරෙන් පුරවා සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ට විකුණුවා. අපි හැමෝම රාත්‍රී කාලයේ දුම්රිය ස්ථානයේ නිදාගත්තා. රාත්රියේදී පොලිසිය පැමිණ ඔවුන්ගේ බැටන් පොලු වලින් අපට පහර දී අපව පන්නා දමන විට අපි ගොස් කුණු කසළ බැහැර කරන ස්ථානයක නිදාගන්නෙමු. සමහර දවස්වල හිගා කෑවා නමුත් අපි ලොකු ළමයි නිසා මිනිස්සු සිගමන් දුන්නෙ නෑ. ඒ වගේ දවස්වලට හෝටල්වල ඉතිරි කෑම කුණු බක්කිවලින් අහුලන් කන්න පුරුදු වුනා.''
ඒ තමයි විකීගේ අතීතයේ දුක්බර කතාව. ඒ ජිවිතයේ හැරවුම් ලක්ෂය තමයි විකී වීදි දරුවන් වෙනුවෙන්ම සේවය කරන 'Salaam Baalak Trust.කියන සංවිධානයට මුණ ගැසීම. මේ සංවිධානය 1988 දී ආරම්භ කළේ සුප්‍රසිද්ධ බොලිවුඩ් අධ්‍යක්ෂක මිරා නයාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සලාම් බොම්බේ' චිත්‍රපටයෙන් ලැබුණ ආදායමෙන්. ඒ සංවිධානය විකීට අධ්‍යාපනය ලබා දීල මුණගස්වනව බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙක්ව. ඔහු විකී ඇතුළු දරුවන් කිහිප දෙනෙකුට ඡායාරූපකරණය පිළිබඳව උගන්වන අතරෙ මේ ඡායාරූප ශිල්පයට දැඩි ලෙස ආශාක්ත වෙන විකීව දුටු සලාම් බාලක් සංවිධානය මිනිහට ණයක් දෙනව කැමරාවක් ගන්න. ඔහුට තවදුරටත් ඡායාරූපකරණය උගන්වනව කීර්තිමත් ඡායාරූප ශිල්පී ඩික්සි බෙන්ජමින්. තවත් කාලයක් ගියාට පස්සෙ විකී රෝයි පවත්වනව එයාගෙ පළමු ඡායාරූප ප්‍රදර්ශනය '' වීදි සිහිනය ''
2008 දී ලෝක වෙළඳ මධ්‍යස්ථානය ''ප්‍රතිසංස්කරණය කිරීම'' යන මාතෘකාව යටතේ දැවැන්ත ඡායාරූප තරගයක් සංවිධානය කළා. ඒ සදහා ලෝක වෙළද මධ්‍යස්ථානය පුද්ගලයන් 4 ක් ඉදිරිපත් කළා . දෙන්නෙක් එක්සත් ජනපදයෙන්, එක් අයෙකු හොංකොං විකී රෝයි ඉන්දියාවෙන්.
2009 දී යෞවනයන් සඳහා වූ ජාත්‍යන්තර සම්මානය ලැබෙන්නෙ විකී රෝයිට. විකී මේ වෙනකොට ලෝක ප්‍රකට the National Geography Channel එකේ ඡායාරූප ශිල්පියෙක් ඒ වගේම මුල අමතක නොකරපු වසරකට වරක් ඉන්දියාවට ඇවිල්ල වීදි දරුවන් මුණ ගැහෙන චරිතයක්.
වරක් ඉන්දියාවේ පත්තරේකින් රටේ දරුවන් ලක්ෂ ගණනකගේ අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන්දැයි විකීගෙන් විමසූ විට ඔහු මෙහෙම කියල තිබුණ.'' ඔවුන්ගේ ජීවිතය කාලකන්නි බවට පත්කිරීමේ වගකීම රජය පමණක් නොව පුරවැසියන් වන අප ද වගකිව යුතුය. ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය. අපි ළමයින් සූරාකෑම නැවැත්වුවහොත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් වනු ඇත. ඔවුන්ගේ තත්වය වැඩිදියුණු කිරීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතුයි.'' .
සටහන : උපාලි ජයසිංහ