මේ යුගයේ සෞන්දර්යය විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් ඇකඩමි වලින් බිහිවන චිත්‍ර ශිල්පීන් අතරින් අඛණ්ඩව චිත්‍ර කලාවේ නිරතවන ශිල්පීන් හමු වන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට එම ඇකඩමිවලින් උපාධි සහතිකය රැගෙන එළියට එන අයගෙන් බහුතරයක් දැන්වීම් ප්රචාරක ආයතනවලට ගොදුරු වෙති. නැතිනම් චිත්‍ර විෂය උගන්වන පාසල් ගුරුවරු. ටියුෂන් ගුරුවරු බවට පත්වෙති. එසේ නැතිව තම ශිල්පය තුළින්, ජිවත් වන දේශයේ ඉතිහාසය . සංස්කෘතිය සහ ඒ තුළ ගැබ්වන සමාජ දේශපාලන ප්රවණතා හදුනාගන්නට ගවේශණාත්මක කාර්යයයන්හි යෙදෙන සිත්තරුන් කොතෙක් වෙත්ද?
ඒ අතර මට හදුනාගන්නට හැකිවූ දුර්ලබ සිත්තරෙකි වසන්ත පෙරේරා. ඔහු මට හදුන්වා දුන්නේ මා මිත්‍ර අරුණ ගුණරත්නය . ඒ, 2018 යාපනය අන්තර් ජාතික සිනමා උලෙළේදීය. ඉන් අනතුරුව වසන්ත මට මුණ ගැසෙන්නේ චිත්‍රපටයක මාධ්‍ය දැක්මක් සදහා තරංගනියට ගිය අවස්ථාවකදීය. එදා ඔහු මට වටිනාම ත්‍යාගයක් පිරි නැමුවේය.
ඒ, Colombo නමින් කොළඹ නගරය ගැන කළ Sketh book එකකි. ඔප දැමූ වටිනා කඩදාසියේ වර්ණ හතරකින් මුද්‍රිත, ඝණ බැම්මෙන් බැඳුනු පිටකවරයක් සහිත එම පොතේ මූල්‍යමය වටිනකාම කොපමණදැයි නොදනිමි. සැබැවින්ම ඒ හැම චිත්‍රයක් තුළින්ම රේඛාවක් තුළින්ම දිස්වන ඔහුගේ අප්‍රමාණ ප්‍රතිභාව සහ ශ්‍රමයෙ වටිනාකම මිල කළ නොහැකිය.
වසන්ත, කොළඹ නගරයේ ඉතිහාසය. එහි වෙසෙන විවිධ ජාතීන්ගේ ජන ජීවිතය, ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ, යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පය. ආදී සියල්ල පිළිඳව පුළුල් ගවේෂණයක යෙදෙමින් ඒවා සියුම් ලෙසත් විචිත්‍ර ලෙසත් විදාරණය කරන්නේ ස්වකීය සියුම් තෙලි තුඩෙනි. කටු චිත්‍ර මෙන්ම ඔහුගේ ආලේඛ්‍ය චිත්රද විශිෂ්ටය.
මේ සදහා ඔහු දීර්ඝ කාලයක්. ශ්‍රමයක් කැප කළ බව පැහැදිලිය. මෙවැන්නක් සඳහා සිත්තරකු තුළ මොනතරම් , ශික්ෂණයක්, ඉවසීමක් සහ සංයමයක් අවශ්‍ය දැයි හැගෙන්නේ ඔහුගේ වර්ණ සහ සියුම් රේඛාවල හැඩ තල විමසද්දීය.
වසන්ත මිට පෙර එකිහාසික යාපනය නගරය සහ මහනුවර නගරය ගැනද මෙබදුම ගවේෂණාත්මක කෘති දෙකක් නිම කොට තිබේ.
අපේ රටේ චිත්‍ර විචාරයක්ද දැන් නැත. ඒ නිසා චිත්‍ර පිළිබදව රස විදින්නට සඟ පෙන්වීමක්ද නැත. චිත්‍ර කලාව පිළිබදව දාර්ශනික මට්ටමෙන් ග්රන්ථයක් රචනා කළ කුලනාථ ගුණසේකර වැනි විශිෂ්ටයන් ඉන් පසු මේ රටේ බිහිවූවාදැයි නොදනිමි. ඉන් පසු එරික් ඉලයප්ආරච්චිද චිත්‍ර කලාව පිළිවදව විචාරයක යෙදුණේය. 70 සහ 80 දශකවල ෂෙල්ටන් ආරච්චිගේ චිත්‍ර කලා විචාරයන්ට එවකට ජාතික පුවත්පත්වල ඉඩ වෙන් වූයේය. ප්‍රවීන චිත්‍ර ශිල්පි ශාන්ත කේ. හේරත් දිවයින පුවත්පතේ චිත්‍ර පිටුවක් සංස්කරණය කරමින් එම විෂය පිලිබදව කතිකාවක් ගොඩ නගන්නට වෙර දැරුවේය. අද ඒ කිසිවක් නැති නිසා වසන්ත වැනි ගවේෂකයන් ගැන නිසි අගැයීමක් තබා කතා බහක්වත් නැත.
ගුණසිරි සිල්වා මුහුණුපොතෙන් උපුටා ගත්තකි
https://casite-737679.cloudaccess.net/life/notes/5915-wasantha-191017#sigProId67345ca443