Zoomගැන හුගක් අය කතාකරනවා. මොකද්ද කියලා හොයනවා. හඳගම ඇල්කොහොල් නැති බියර් හැදුවට පස්සේ මේ ගැන හුගක් අය උනන්දු වෙන්න පටන් ගත්තා. මේ පිළිබඳව සවිස්තාරාත්මකව පහසුවෙන් තේරුම් කරගන්න පුළුවන් විදිහේ ලිපියක් මුහුනුපොතේ පළවෙලා තිබුනා. ඒ ලිපිය මිරර්ආර්ට්ස් කියවන අයට වැදගත් වෙයි කියලා අපි හිතුවා.
ඇත්තටම Zoom කියන්නෙ අලුත්ම සංකල්පයක් නෙමෙයි, Zoom කියන්නෙ #Cloud_Based_video_conferencing tool එකක්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන #Skype වගේ services වැඩ කරන විදියටම තමයි Zoom වැඩ කරන්නෙ, හැබැයි මේකෙ තියෙන විශේෂත්වය තමයි Class එකක් හරි වෙනත් #professional_meeting එකක් හරි කරන්න අවශ්‍ය සියලුම පහසුකම් හරිම සරල විදියට සපයල තියෙන එක. මේකෙදි දක්වන්න පුලුවන් හොදම උදාහරණය තමයි Screen sharing පහසුකම.
ඇත්තටම Zoom කියන්නෙ ව්‍යාපාරික ආයතනයක්, ඒක නිසා මේ service එක එයාල සම්පුර්ණයෙන් නොමිලේ ලබා දෙන්නෙ නෑ. මෙයාලගෙ web site එකට ගියොත් අපිට බලාගන්න පුලුවන් ප්‍රධාන වශයෙන් pricing plan පහක්.
#Zoom_Free - මේ plan එක එයාල අපිට සම්පූර්ණයෙන් නොමිලේ ලබාදෙනව. හැබැයි මේකෙදි සාමාජිකයින් 3 ට වැඩි සියලුම meetings මිනිත්තු 40කට සීමා වෙනව (කොහොම උනත් සාමාජිකයින් 3ට අඩු meetings සියල්ල කිසිම සීමාවකින් තොරව පාවිච්චි කරන්නත් Zoom සමාගම අපිට ඉඩ දීල තියෙනව) වගේම මේ plan එක යටතේ meeting එක record කරන්න පහසුකම් ලබා දෙන්නෙත් නෑ.
ඒක නිසා විනාඩි 40ට වැඩි හා වැඩි සාමාජිකයින් ගනනක් එක්ක meetings තියන්න ඕනෙ නම් අපිට සිද්ධ වෙනව Zoom Pro වගේ plan එකක් මුදල් ගෙවල ලබා ගන්න.
එතකොට #lectures එන්න සල්ලි ගෙවන්න වෙනවද?
නැහැ . මොකද ලංකාවෙ සියලු විශ්වවිද්‍යාල LEARN (Lanka Education And Research Network ) එකට join වෙලා තමයි ඉන්නෙ. මේ Network එකෙන් අපේ lectures වලට Zoom pro subscription එකක් අරගෙන දෙනව, මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට සම්පූර්ණයෙන් #නොමිලේ මේ සේවාව ලබා ගන්න පුලුවන්.
ලොකුම ප්‍රශ්නෙ , #Data_charge එකක් යනවද?
සරලම පිලිතුර #නැහැ , ලංකාවේ රජයෙන් නිවේදනයක් කරල තියෙනව Zoom video conference එකකට කිසිම data charge එකක් යන්නෙ නෑ කියල. ඒත් ප්‍රායෝගිකව මේ වැඩේ වෙනකොට පොඩි data ප්‍රමානයක් වැය වෙන්න පුලුවන් මූලික setup කර ගැනීම් වලට , ඒත් Conference එකට data charge එකක් වැය වෙන්නෙ නෑ. (Dialog , Mobitel සහ SLT වලදි අත්හදාබැලීමක් කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න අපිට පුලුවන් උනා)
කොහොමද මේ Zoom එකට #free_data එන්නෙ?
Zoom කියන්නෙ cloud based video conferencing system එකක්. එතකොට අපිට meeting එක තියන්න ඕනෙ නම් Zoom company එකේ server එකකට අපි සම්බන්ධ වෙන්න ඕනෙ. ඉතිං ඔයාලට දැනටම තේරෙනව ඇති මේ වැඩේ කරන්න අපේ රටෙන් පිට තියෙන වෙන server එකකට සම්බන්ධ වෙන නිසා මේක ටිකක් වියදම් අධික වැඩක්. මේ විදියට වැඩේ කලාම Zoom පාවිච්චි කරන හැමෝටම සැලකියයුතු data charge එකක් වියදම් කරන්න සිද්ද වෙනව.
මේ අවුල ලිහන්න තමයි Zoom On Premises service එක තියෙන්නෙ.
මොකද්ද මේ #On_Premises කියන්නෙ?
අපිට රටෙන් පිට server එක්ක සම්බන්ධ වෙලා meetings තියන්න වෙන්නෙ අපේ රට ඇතුලෙම servers නැති නිසානෙ. මේ service එකෙන් කරන්නෙ අපේ රට ඇතුලෙ අවශ්‍ය servers හදාගන්න ඉඩ දෙන එක. මේ වැඩේ තමයි #LEARN (Lanka Education And Research Network)එක කරල තියෙන්නෙ. එයාල ලංකාවෙ Universities කිහිපයක තියෙන servers පාවිච්චි කරල Zoom Servers හදල තියෙනව (මේ විදියට ප්‍රදාන පද්ධතියෙන් බැහැරව එක පිරිසක් වෙනුවෙන් පමනක් හදපු server වලට තමයි අපි On-Premises Servers කියන්නෙ). මේ විදියට රට ඇතුලෙම servers දා ගත්තම අපිට රටෙන් එලියට යන network traffic එක අඩු කර ගන්න පුලුවන්.
රටෙන් එලියට නොගියට connect වෙන නිසා data යයිද?
ලංකාවෙ රජයෙන් අපේ #ISP (Internet Service Providers ) ලගෙන් ඉල්ලිමක් කරල තියෙනව Educational වැඩ වලට භාවිතා කරන #data #නොමිලේ ලබා දෙන්න කියල. එතකොට මේ නිදහස් කිරීමට අදාල වෙන්නෙ මං කලිං කියපු #Zoom_servers , #LMS_sites වගේ දේවල්. එතකොට මේ system එක හරියට වැඩ කරනවා නම් අපිට මේ තැන් වලදි data charge එකක් යන්න බෑ. ඒකෙන් ISP ලට ලොකු පාඩුවක් සිද්ද වෙන්නෙත් නෑ , මොකද මේ traffics සියල්ල රට ඇතුලෙම හුවමාරු වෙන නිසා.
කාටද මේක free පාවිච්චි කරන්න පුලුවන්?
මේ විදියට servers හදා ගත්තම විතරක් මේකෙ meetings තියන්න බෑ. ඒකට ඕන වෙන #host_accounts අපි සල්ලි දීල ගන්න ඕනෙ. ඉතිං අපි වෙනුවෙන්ම, LEARN එක accounts 2000 ට වැඩි ගානක් Zoom ආයතනයට මුදල් ගෙවල අරගෙන තියෙනව (ඒ වෙනුවෙන් සැලකිය යුතු විශාල මුදලක් මාසෙකට වැය වෙනව කියල තමයි අපිට දැන ගන්න ලැබුනෙ). ඉතිං මේ accounts #සීමිත නිසා මේ වෙනකොට ඒව ලබාගන්න හැකියාව තියෙන්නෙ විශ්වවිද්‍යාල ආචාර්ය මන්ඩලයට විතරයි. එහෙම ගත්තු account එකක් හරහා meeting එක හැදුවොත් ඒක යන්නෙ LEARN එකේ servers වලට. එතකොට එහෙම meeting එකකට Join උනාම අපිට #data_charge එකක් යන්නෙ #නෑ.
එහෙම වුනත් සමහරුන්ගේ Data කැපෙන අවස්ථා තියෙනවා නේද..?
ඔව් ඇත්ත, ඔයාලට බැලූ බැල්මටම තේරෙනව ඇති මේක system ගොඩක එකතුවක්. එතකොට service එක 100% හරියට වැඩ කරන්න නම් හැම කොටසක්ම හරියටම වැඩ කරන්න ඕනෙ. ලාංකික අපිට මේ පද්ධතිය තවම අලුත්, මේ නිසා හැමතැනම ගැටලු තියෙන්න පුලුවන්.
එහෙම Data කැපුනොත් මොකක්ද කරන්න පුලුවන් ?
මේ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් හොදම දේ තමයි meeting එක හදපු කෙනාව දැනුවත් කරන එක. එතකොට ඔහුට පුලුවන් වෙනව අවශය අංශ දැනුවත් කරල අවශය පියවර මේ වෙනුවෙන් ගන්න.
ඒ වගේම ඔයාලට හරියටම දැන ගන්න ඕනෙ නම් අපි සම්බන්ධ වෙලා ඉන්නෙ පිට රට server එකකටද නැත්නම් රට ඇතුලෙ on-prem server එකකටද කියල මේ පියවර අනුගමනය කරන්න පුලුවන්.
Windows නම් : Meeting එකට join උනාට පස්සෙ වම් පැත්තෙ උඩ කෙලවරේ "i" අකුරක් තියෙන icon එක් click කලාම ඒ meeting එක ගැන විස්තර බලා ගන්න පුලුවන්. ඒ විස්තර වල අන්තිමට "You are connected to an on-premise data center " කියල තියෙනව නම් ඒ කියන්නෙ ඔයා සම්බන්ධ වෙලා ඉන්නෙ ලංකාව ඇතුලෙ server එකකට. ඒ කියන්නෙ ඒ වෙලාවෙදි data charge එකක් යන්නෙ නෑ.
Android නම් : meeting එකට join උනාම screen එකේ උඩ Zoom කියන තැන tap කලාම එන විස්තර වල අන්තිමට මම උඩ කියපු කොටස සදහන් වෙනව නම් ඔයා ඉන්නෙ LEARN server එකක..
Setup කර ගන්නෙ කොහොමද
Zoom කියන්නෙ cross platform මෘදුකාංගයක් ඒක නිසා Windows , Android ,Apple වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක් එක්ක Zoom වැඩ කරවන්න පුලුවන් .
Windows නම් Zoom.us වෙබ් අඩවියට පිවිසීමෙන් Zoom application එක ලබාගන්න පුලුවන් වගේම Android සඳහා play store හරහා ලබා ගන්න පුලුවන් . Apple උපාංග සඳහා zoom app එක ලබා ගන්න වෙන්නෙ app store එකට පිවිසීමෙන් .
මේ application එක ඔයාගෙ device එකේ install කර ගත්තට පස්සෙ lecture එක host කරන කෙනා එවන link එක click කරල කෙලින්ම meeting එකට join වෙන්න පුලුවන්. Meeting එකට join වෙන්නෙ register වීම අත්‍යාවශ්‍ය නෑ.
කොහොම උනත් app එක download කරන වෙලාවෙදි නම් ඒකට අදාල data charge එක වැය වෙනව
©https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te2/1/16/270d.png");">
✍️සඳළු පබසර පෙරේරා-