නිර්මාණයක් කියන්නේ අපි හැමෝගෙම දහඩිය මහන්සිය, අසීමිත කැපවිම් ගොඩාක් කරලයි විනාඩි ගණනක රසවින්දනයක් තිරයට ගෙන එන්නේ.අධ්‍යයක්ෂක නිෂ්පාදකවරුන්ගේ සිට සියලුම කාර්ය්ය මණ්ඩලය අව්වැසි රෑ දිවා නොබලා කරන මෙහෙය අපමණයි.හැම නිර්මාණයක්ම නිර්මාණ වුනත් ඒ ඒ නිර්මාණවලට කරන කැපවීම් එකිනෙකට වෙනස්,
"ගිරිදේවි" එවන් වූ විශේෂ නිර්මාණයක් වසරක එකහමාරක කාලයක් නොයෙකුත් බාධක මැද අති සාර්ථක ගමනක් එන්න අපි සියලු දෙනාටම හැකිවුනා.
රංගනශිල්පිනියක් ලෙසද මෙහි කතා නායිකාව ලෙසද මටවූ අභියෝගය ජයගන්න මම හැමවිටම උත්සහ කලා.
එය ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නෑ. සෙරෙප්පු කුට්ටමක් නැතිව කාෂ්ඨක පොලොවේ කිලෝ මීටර ගණන් දිවයන්න කටු ඇනෙද්දි වේදනාව සගවාගෙන දුවන්න පිච්චෙන තාරපාරේ මහදවාලේ දුවන්න.. එකම දර්ශනය වැරදුනාම ආයේ ආයේ දුවන්න.. මස්පිඩු පෙරලුනාම බිම ඉදගෙන අඩන්න.. ඊටත් වඩා කෙල්ලෙක් ලස්සනටම තියාගන්න ආස අත්කකුල් අව්වට කලුවෙලා දේශගුණයට වේලීලා මානවලට හිරීලා අවලස්සන වෙන හැටි දරාගන්න... ආශාව ජීවත් කරවන්න මට මාව අමතක කරන්න සිදුවුනා..
අඩියට දෙකට ගස්නගිද්දි බහිද්දි.. කොල්ලෝ එක්ක ගහගද්දි.. බයිසිකලෙන් වැටෙද්දි... බය කියන දේ අමතක කරන්න සිද්ද වුනා..හැමෝම කතාවුන ඇහිබැමි අවුරුදු එකහමාරක කාලයක් සැකසුවේ නැහැ කියලා කිසිකෙනෙක් විස්වාස නොකරන බවත් අනුමානයි
එකි නොකී සියලු දේ මැද මාගේ ආදරණීය රංගන ශිල්පීන්ගේ අපරිමිත සහයෝගය මැද ආශා "ගිරිදේවි" යක කරන්නට අපට හැකියාව ලැබුනා..
ආරණීය සීතා අම්මාට (නෙතලි ආන්ටි) පුංචි තිරයේ පෙම්වතා දසුන් පතිරණ , නිරෝශන් අයියා, මාදනි අක්කා, සමන්ත අයියා, චමීර ,වසන්ත අයියා, මට මුන නොගැසුනු චරිත අනුරාධා පූජන නයනා අක්කා ඇතුලු නිර්මාණයට ආලෝකයක් වු සැමටද..මාව විස්වාස කරමින් මේ චරිතයට මාව තෝරාගත් අධ්‍යයක්ෂක ඉන්දික අයියාටත් කැමරා කාචයෙන් හැඩතල මුසුකල ලක්මාල්ටත් කාල වර්ණයෙන් මා හැඩගැන්වූ ප්‍රියන්ත අයියාටත් කණ්ඩායමේ සියලුම දෙනාටත් ලබාදුන් සහයෝගයට ගොඩාක් ස්තූතියි
අවසාන වශයෙන් පිටපත් රචක සමන්ත අයියාට ගිරිදේවි වර්ණවත් කලාටද .. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියට ගිරිදේවීය බිහිකලාටද අනේක වාරයක් ස්තූතියි..
ඒවගේම අපව ආදරයෙන් වැලදගත් රසයක් ඇති ප්‍රේක්ෂක ඔබට ගිරිදේවි අපේ ප්‍රණාමය.
ශලනි තාරකා ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගැනීමකි