Sylvester Stallone ගැන වර්ථමාණයේ නොදන්න කෙනෙක් නැති තරම් , ඔබ Rocky හෝ Rambo වැනි චිත්‍රපට නරබලා තිබෙනවානම්, අනිවාර්යයෙන්ම ඔබත් Sylvester Stallone කියන අග්‍රගන්‍ය රංගන ශිල්පියාගේ රසිකයෙක් විය හැකියි.
අද වන විට ඔහු, ලෝකයේ වැඩම ආදායම් ලබන රංගන ශිල්පීන්ගෙන් එක් අයෙක්. ඒ වගේම ලෝකය පුරාම විශාල ජනාදරයක් වගේම, පිලිගැනීමක් තිබෙන අති සාර්ථක පුද්ගලයෙක්.
නමුත් ඔහුගේ මේ සාර්ථකත්වය නම් එක රැයකින් ගොඩනැගුනු එකක් නෙමේ. ඔහුගේ කතාව ඉතාම රසවත් වගේම අපිට අලුතින් සිතන්න හුරු කරන ආකාරයේ එකක්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ අන්න ඒ කතාව.
Sylvester Stallone කියන්නේ කාලයකට ඉහත ඉතාම දුප්පත් පුද්ගලයෙක්. ඔහු කාලයක් පිරිසිදු කරන්නෙක් ලෙස රැකියාව කලා. ඔහු සත්ව උද්‍යානයේ සතුන්ගේ කූඩු පිරිසිදු කිරීම, මලපහ පිරිසිදු කිරීම වගේ දේවල්, තමන්ගේ ජීවිකාව විදිහට සිදුකලා. නමුත් මේ දේවල් වලින් ඔහුට ලැබුනේ ඉතාම සුලු වැටුපක්. කොතරම් පරිස්සමෙන් මුදල් පාවිච්චි කලත් ඔහුට හැමදාම සිදුවුනේ අගහිගකම් ඇතිව ජීවත් වෙන්න. කාලයක් යන විට මේ ආර්ථික දුශ්කරතා හමුවේ ඔහුට සිදුවුනා පාරට බහින්න. මොකද ඔහුට ලැබුන ආදායම කෑම වෙලාක ගන්නවත්, ගෙවල් කුලී ගෙවන්නවත් ප්‍රමාණවත් එකක් වුනේ නෑ.
අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා ඔහු තීරණය කලා ඔහුගේ සුරතලා සමග මහපාරේ ජීවත් වෙන්න. කාලයක් යන විට එයත් ඔහුට ඉතා අපහසු කටයුත්තක් වුනා. ඔහුටත් , ඔහුගේ සුරතල් බල්ලාටත් ආහාර වේලක් හොයා ගන්න බැරි වුන දවස් එක දෙක ඇති වෙන්න පටන් ගත්තා. මෙහෙම දවස් ගෙවෙන අතරේ එක දවසක් දවස් ගනනක් පුරාවට හරි ආහාරයක් නැතිකම නිසා , ඔහුට දරා ගන්න බැරි බඩගින්නක් දැනෙන්න පටන් ගත්තා. පරිසරයේ තිබුන සීතල ඔහුගේ බඩගින්න දෙගුන තෙගුන කලා. ඔහුට ඔහු ගැනත්, කොච්චර බඩගිනි වුනත් ඔහුව හැරදාලා නොගිය ආදරනීය සුරතලා ගැනත් දැඩි දුකක් , වේදනාවක් ඇතිවුනා. අවසානයේ ඔහුට ඔහුගේ ජීවිතේ ගන්න සිදුවුන බරපතලම තීරනය ගන්න සිදු වුනා. ඒ තමනුත්, තමන්ගේ සුරතලා ගැනත් හිතලා....
ඒ තමයි ආහාර වේලක් ලබා ගන්න තම සුරතලාව විකිනීම.
ඔහුට එය විශාල පීඩනයක් වුනා. නමුත් ඔහුට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. නමුත් ඒ මානසික පීඩනයම පසුකාලීනව ඔහුගේ වාසනාව බවට හැරෙන්න පටන් ගත්තා. ඔහුට හිතුනා, කොහොම හරි තමන්ගේ ජීවිතය තමන් සාර්ථක කරගන්න ඕනේ කියලා. ඔහු කාලයකට ඉහත වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වූ චිත්‍රපට ආයතනයක රැකියාවක් සිදුකර ඇත්දැකීමක් තිබුන කෙනෙක්, ඒ නිසා ඔහුට හිතුනා තමන්ගේම තිර පිටපතක් ලියන්න. මොකද ඔහුගේ හිතේ කොනක තිබුනා කවදා හරි තමන්ගේම චිත්‍රපටයක් හදන්න. චිත්‍රපට ක්ෂේතරයේ තරුවක් වෙන්න. ඔහු ඒ දෙය පාරේ ජීවත් වන අතරතුරම සිදුකලා. පාරේ තියෙන විදුලි බුබුලු වල එලියෙන් ඔහු රෑ නිදි මරාගෙන , සීතලේ ඔහු තමන්ගේ මංගල තිරපිටපත ලියන්න පටන් ගත්තා.
ඉන්පසු ඔහු එක කොන්දේසියකට යටත්ව ඒ තිරපිටපත අලෙවි කරන්න උත්සාහ කලා, ඒ තමයි තමන්ගේ තිරපිටපත අනුව චිත්‍රපටයක් නිර්මානය වෙනවානම්, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමන්ට රගපාන්න ලබා දිය යුතුයි යන කොන්දේසිය. අවසානයේ දැඩි වෙහෙසකින් පස්සේ ඔහුට එය සාර්ථක කරගන්න පුලුවන් වුනා. ඔහුට තිර පිටපත වෙනුවෙන් ඉතා සුලු මුදලකුත්, රගපෑමට අවස්ථාවකුත් ලැබුනා. තිර පිටපත වෙනුවෙන් ලැබුන මුදලින් ඔහු මුලින්ම සිදු කලේ තමන්ට ආහාර වේලක් ගන්න , තමන් විකුනපු තමන්ගේ සුරතලාව නැවත මිලදී ගන්න එක. ඔහු ආහාර වේලක් වෙනුවෙන් ඔහුව වෙනත් කෙනෙකුට අලෙවි කිරීම ගැන තම සුරතලාගෙන් සමාව ඉල්ලුවා. ජීවිතේ කිසිම දිනෙක නැවත එසේ නොවන බවත්, ජීවිත කාලය පුරාම තමන්ට පුලුවන් උපරිමයෙන් ඔහුට සලකන බවත් Sylvester තම සුරතලාට පොරොන්දු වුනා.
මේ අතර ඔහුගේ තිරපිටපත අනුව නිපදවූ චිත්‍රපටය, Rocky නමින් ටික කලකින් එලිදැක්වුන අතර ,එය Sylvester හිතුවටත් වඩා සාර්ථක වුනා. එය එක රැයින් ලොව පුරා ප්‍රසිද්දියට පත් වුනා. මෙච්චර කල් කවුරුත් නොදන්න Sylvester Stallone එක රැයකින් ලෝකයේ සුපිරි නලුවෙක් බවට පත්වුනා. මුලු ලෝකය පුරාම මේ නවක රංගන ශිල්පියා ගැනත්, ඔහු අතින්ම ලියවුන, විශිෂ්ඨ කතාව ගැනත් කතා වෙන්න පටන් ගත්තා. Sylvester ලොව පුරා තරුණ තරුණියන්ගේ මනස අභිප්‍රේරණය කල චරිතයක් බවට පත්වුනා.
කිසිම වෙලාවක , ජීවිතේ ඔබට කොතරම් අපහසුතා ආවත්, තමන්ගේ සිහින අත් හරින්න එපා. ඒ අපහසුතා නිසාම ඔබ ලොකු සාර්ථකත්වයක් ලගා කරගන්න පුලුවන්! සෑම මොහොතකම සාර්ථකත්වය ගැන බලාපොරොත්තුවක් ඇතිව ජීවත් වෙන්න. එය ඔබව සෑම විටම ඉදිරියට ගෙනියාවි.
චතුස්ක අමරසේකර Facebook පිටුවෙනි