Minarets කියන්නේ මොකක්ද කියලා බලන්න ෆෝන් එකේ තියෙන භාෂා ඩික්ෂනරිය එකට ගිහින් බැලුවා. ඒකෙ තියෙන්නෙ ඊටත් වඩා අපබ්රන්සයක්. ‘ප්රාසාදශාන්ගය’. කොහොම හරි මුස්ලිම් පල්ලිවල උඩ තියෙන ගෙඩිය වගේ ඒකයි, ඒක වටේ තියන පුංචී ගෙඩි ( කණු) හතරටයි කියලා මට යාලුවෙක් කිව්වා. Minarets කියලා Documentary ෆිල්ම් එකක්, එනවා PVR ෆිල්ම් හෝල් එකට. Documentary ෆිල්ම් එකක්, ෆිල්ම් හෝල් එකක නරඹන එක වෙනස් අත්දැකීමක්. ලංකාවේ ප්රේක්ෂකයින්ට තරමක් නුහුරු එකක්.
ඉස්සර අපි පොඩි කාලේ නම් GFU ( රාජ්ය චිත්රපටි අංශය) එකෙන් කරපු Documentaries, 16mm Projector එකෙන් බැලුවා. ඊට පස්සේ Documentaries ලංකාවේ හැදුනට, ලොකු තිරේ බලන්නට ලැබුණේ නැහැ. එකක් දෙකක් ඇරෙන්න.
Minarets මට Online Link එක හරහා ෆෝන් එකේ පුංචිටත්, PVR ෆිල්ම් හෝල්එකේ ලොකුවටත් නරඹන්න ලැබුණා. අත්දැකීම් දෙකක්! පලවෙනි එකෙන් ලංකාවේ ඉපැරණි ංගීත සම්ප්රදායක් පිළිබඳව තොරතුරු ගොඩක් දැනගන්න ලැබුණා. ඒත් දෙවෙනි එකෙන්, Documentary එකක ගැබ් වෙලා තියෙන ‘හැඟීම්’ සහ ‘සංවේදනා’ විඳින්න පුළුවන් වුණා. ඒවා හරි සියුම්.
ලංකාවේ මුස්ලිම් සංගීතවේදීන්, ගායක ගායිකාවන් අභාවයට යන බවක් මේ සිනමාපටයේ කියවෙනවා. ඒක හරි දුක හිතෙන කතාවක්. ඒත් එහෙම වෙන්නේ ඇයි කියන එක හොයාගන්න අපිට බාර කරනවා. ඒක දේශපාලනික හේතුවක් ද, නැත්නම් ආගමික හේතුවක්ද, මේ දෙකම නොවෙන කාලයේ ප්රශ්නයක්ද කියන එක ඇත්තටම ප්රශ්නයක්!
Minarets a Documentary by Nadya Perera
October 6 වෙනි දා සිට PVR සිනමා ශාලාවල. ගිහින් නරඹන්න.

සිනමා අධ්යක්ෂ අශෝක හඳගම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.