කෘතිය මෑත කාලයේ යොවුන් සහ තරුණ ප්‍රජාව බහුතරයක් අතරේ බෙහෙවින් ජනප්‍රිය වූ කෘතියක්. එම කෘතිය නොසිතූ ප්‍රතිචාරයක් ලබන අතරේ එය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමේ අවස්ථාද දක්නට ලැබුණ අතර ඒ පිළිබඳව කෘතියේ ලේඛිකා චරිතා පවරදි බණ්ඩාර සටහන් තබා තිබිණි.
කෘතිය වෙනුවෙන් ආ ඉහළ ප්‍රතිචාර මෙන්ම ව්‍යාජ අලෙවිය ගැන දැක්වූ සටහනද අමුණා ඇත.
කෘතිය වෙනුවෙන් ආ ඉහළ ප්‍රතිචාර මෙන්ම ව්‍යාජ අලෙවිය ගැන දැක්වූ සටහනද අමුණා ඇත.
Forget me not
මම ජීවිතේ මම කියන කෙනාට සහ මම කරපු, කරන දේවල්වලට මහ වටිනාකමක් නොදෙන කෙනෙක්.ඒත් මට හිතෙනවා මේ කතාව ලියලා තියන්න. මොකද මම ජීවිතේ පලවෙනි වතාවට මම ගැන අද ආඩම්බර වෙනවා.
Forget me not පොත චතුරි අක්කත් මාත් ලියද්දි අපි දෙන්න කතා උනේම පොත් පන්සීයක් ගහමු. දෙසීයක් ගියත් මොකද ඉතුරු ටික කඩල ඔතමු ඉතුරු වුණොතින් කියලා. වෙන එකක් තියා පොත ලියල ඉවර උනාම පොත මෙලෝ රහක් නැති එකක් කියල හිතිල මම "පොත ගහන්න ඕන්නෑ අක්කෙ" කියයි කියල බයට මම සම්පූර්ණයෙන් පොත කියෙව්වෙත් නෑ. පොත ගහන්න සල්ලි ඉල්ලගත්තේ අම්මලගෙ පොත්වල එයාල ඉතුරු කරගත්ත සල්ලි ඉල්ලගෙන, පොත විකුණල ආපහු දෙන පොරොන්දුව මත. කවරෙ ගැන කොච්චර නම් කල්පනා කලාද, දාන පින්තූර කොයිතරම් හෙව්වද, පොතේ කතාව කී පාරක් වෙනස් කලාද, කොයිතරම් නම් ජනප්‍රවාද කියෙව්වද, ලස්සන රුසියානු නම් හෙව්වද, මල් වර්ග ගැන කියෙව්වද, කොයිතරම් නිදිමැරුවද... අන්තිමට පොත අතට ආවේ දරුවෙක් වගේ. චතුරි අක්කගෙයි මගෙයි ජීවිතේ එකේක පරිච්ඡේද, අපිට මුණගැහුන මිනිස්සුන්ගෙ මතක, අපේ හීන, අපේ මැවීම් ඔක්කොම පිටු අස්සට දාල අපි අපේ පොත ඉවර කරලා තිබුණා.
මම මුලින්ම ලීවෙ Facebook එකේ. මම පොතක් ලියනවා නම් ඒකෙ පිදුම වෙන් කරන්නෙ මම ලියන ගානෙ ඉස්සරම ඉදන් මාව කියවපු මිනිස්සුන්ට කියල මම හිතන් උන්නා. ඒත් සමාවෙන්න. මේ පොතේ පිදුම ගැන ඔයාල තරහ නැති බව මම දන්නවා. ඒත් "ප්‍රථම ප්‍රේමය" කියල මම ලියපු කතාවෙ ඉදන් මාව කියවපු, නංගි පොතක් ලියන්න අපි ගන්නවා, අක්කෙ ඔයා ලියනවා හරි ලස්සනයි කියලා මං ලියන වාරයක් ගානෙ කියපු මිනිස්සුන්ට මිසක් වෙන කිසිම කෙනෙක්ට නෙවෙයි මම අද විදින සතුටෙ ගෞරවය යන්න ඕනෙ.. ඒ කීවා වගේම පොත දාපු ගමන් මාව දන්න හැමෝම පොත ගත්තා. මාව කියවපු හැමෝම පොත මොන වගේදවත් නොදැන, මොන කතාවක්ද කියලවත් නොදැන පොත ගත්තා. ඒ සල්ලිවලට පින් සිද්ධ වෙන්න අපි press එකට සල්ලි ගෙවලා පොත් 1000 අරන් ආවා.
ඒ පොත් 1000 ගිය වේගෙ අපිට හිතාගන්නත් බැරි උනා. ඊලග දෙවනි මුද්‍රණය ඊටත් වේගෙන්....පොත් තැපැල් කරන්න කාපු කටු, කවර අලවල පොත් අත්සන් කරල කරගැට ආව ඇගිලි, තුවාල වෙච්ච නියපොතු, තැපැල් කාර්යාලවල රස්තියාදු වුණ ඒවා, කවර පිටින් පොත් උස්සන් පඩි නැගපුවා, කඩදාසි බෝට්ටු දාස් ගානක් නවපුවා, අන්තිමටම "මේක කරන්න බෑ" කියලා අපි දෙන්නම හෙම්බත් වෙලා අඩපුවා...ඇත්තටම අපි කොයිතරම් දුර ඇවිත්ද? කිසිම දෙයක්, කිසිම ව්‍යාපාර අදහසක් නොදන්න පොඩි කෙල්ලො දෙන්නෙක් මොන තරම් ලොකු දෙයක් කරලද?
කොයිතරම් වෙහෙස උනත් අපිම පොත් යවපු හන්දා අපි දාස් ගනන් ජීවිත කතා ඇහුවා. ආදරේ කරන අයට පණිවිඩ ලියපු පොත් යැව්වා, පොත ගන්න කෙනාටම පොඩි පණිවිඩ ලීවා, පොත් අස්සට සිප්පි කටු දැම්මා.. පොත් ගත්ත අය එයාලට තියෙන ලස්සනම වටිනම දේවල් එක්ක පින්තූර අපිට එව්වා, පොත කියවලා ආපිට අපිට සුවද විලවුන් බෝතල් හලපු ලියුම් එව්වා, එයාලට කොයිතරම් පොත දැනුනද කියලා කීවා. අන්තිමට Forget me not පොතක් නොවී, සුන්දර මිනිස්සු එකතු කරන දෙයක් උනා. මිනිස්සු ජීවත් කරවන දෙයක් උනා. එයාල ආදරේ කරන තැන්වලට අරන් යන එයාලගෙ වටිනාම දේ උනා. පොත එනකම් බලන් ඉදලා ඉදලා, ආවම පොත බදාගෙන මහා උද්යෝගයකින් අපිට කතා කලා.
පොත ලංකාව වටේම ගියා,ලෝකෙ පුරාමත් ගියා, මිනිස්ස දාස් ගානක් අපේ පොත කියවලා. ලංකාව ඇතුලෙ අපේ පොතේ පිටපත් දාස් ගානක් තියෙනවා. මේ බදාදා වෙද්දි තුන්වෙනි මුද්රණෙත් අපි එලියට දානවා.
Forget me not බිදුණු මිනිස්සු වැලදගනිමින් තවත් ලොකු දුරක් යාවි.
මට කියන්න ඕනෙ උනේ, 2017 ඉදන් මාව කියවපු අයියලා අක්කලා නංගිලා මල්ලිලාට මම ආදරේ වග. ඔයාලව කවදාවත් මට අමතක නැති වග. චරිතා මෙතන ඉන්නෙ ඔයාල නිසා වග.ඔයාලට ස්තූතියි!
චරිතා.