හෙළ සිනමාවේ රෝමියෝ සමග හැන්දෑවක් යනුවෙන් සඳහන් කරමින් ටෙලි හා සිනමා අධ්යක්ෂ තුසිත ද සිල්වා මහතා ප්‍රවීණ රංගවේදී ඩග්ලස් රණසිංහ මහතා ගැන සටහනක් තබා තිබිණි.
ඩග්ලස් රණසිංහ රූපණවේදියාගේ චරිතාපදානය එළි දැක්වීමේ උත්සවය පසුගිය සෙනසුරාදා දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියේදී , ඔහුගේ සමකාලීන මෙන්ම වත්මන් පරපුරේ සිනමාවේදීන් සහ ටෙලි ශිල්පීන් ,විචාරකයන් ,සාහිත්යයවේදීන් ඇතුලු විවිධ අරාධිතයන් විශාල පිරිසකගේ සහසහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිනි.
ඩග්ලස් රණසිංහයන් පිළිබඳ සුවිශේෂී කරුණ වන්නේ 'රෝමියෝ ජුලියට් කතාවක්' 'අක්කර පහ' වැනි සිනමා කෘති තුලින් නව යතාරූපී රංග පෞරුෂයක් සිනමාවට එක්කර කළාත්මක සිනමාවේ කැපී පෙනෙන ලෙස ඉහලට එසවෙමින් අධ්‍යක්ෂක වරුන් ගේ අවධානය යොමු වෙමින් සිටින අතරේ, එක්වරම රට අතහැර සිනමාවේදය හැදෑරීම සදහා එංගලන්තයේ London International film school බලා පිටත්ව යාමයි.
එංගලන්තය තුල ගතකරමින් සිටි මේ දස වසරක කාලය එක් අතකින් ඔහුට සිනමාව ,රංගනය වැනි විෂයයන් පිළිබඳ විධිමත් , ශාස්ත්‍රීය දැනුම් සම්භාරයක් ලබාදුන් අතරම ,අනික් අතට ශ්‍රී ලංකාව තුල සිනමාවේ, වේදිකාවේ ඔහු වෙනුවෙන් විවර වීමට තිබූ බොහෝ වැදගත් රංග ඉඩ ප්‍රස්තාවන්ද උදුරා ගන්නට ඇත.
මේ සියලු සංසිද්ධින්ගේ අවසානයද මේ සියලු දේ මෙන්ම අතිශයින්ම විශ්මය ජනකය .එංගලන්තයේදී ඔහු රගපෑ ' The Wedding ' නාට්‍යයේ වේදිකා රංගනය දැක එංගලන්තයේ ශේක්ෂ්පියර් ඇකඩමියට බැදීමට ඔහුට ආරාධනාවක් ලැබිණි.මෙසේ ශේක්ෂ්පියර් නාට්‍යයන් හී රංගනයේ යෙදෙමින් ක්‍රමයෙන් ජාත්‍යන්තර මට්ටමේ රූපණවේදියකු දක්වා ගමන් කිරීමට මග එලි කරමින් එංගලන්තයෙන් ඔහුට ලැබුණු මේ බලවත් ආරාධනය පසෙක ලා ඔහු දස වසරකට පසු අසූව දශකයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඩග්ලස් රණසිංහ එංගලන්තයෙන් තමාට පෞද්ගලිකව ලැබුණු මේ ස්වර්ණමය අවස්ථාව මග හැරියේ කාලයක් ඔහු සිත තුල තිබූ ශ්‍රී ලංකාවට ගොස් ජාත්‍යන්තර මට්ටමේ විධිමත් සිනමා හා රංග පාසැලක් ඇරඹීමේ පරහිතකාමී චේතනාවෙනි.එහෙත් ශ්‍රී ලංකාව වැනි ,ඊනියා නිදහසින් පසු අවිධිමත් දේශපාලන ධාරාවන් විසින් ක්‍රමිකව විනාශ කර දමන ලද පිරිහුණු කළා සංස්කෘතික පරිසරයක මෙවැනි සුධීමතුන්ගේ බුද්ධිමය ව්‍යායාමයන් කෙලෙසක නම් මල් ඵල ගැන්වෙන්නද?
ඩග්ලස් රණසිංහ නම් රූපණවේදියාගේ රූප කාය ඔහුගේ රංග ප්රකාශනය බොහෝ විට සමාන වන්නේ ආසියානු රංග වේදියෙකුට වඩා යුරෝපීය රංග වේදියෙකුටය.ඔහුගේ ගමන් විලාශය සහිත දේශීය රූපණවේදියෙකු සොයා ගැනීම දුෂ්කරය .අමරසිරි කලංසූරිය මෙන්ම ඔහුද හෞතික ශරීරයෙන්ම එතරම් ආසියානු නොවන හැඩයකි.වාචික අභිනයද වෙනස්ම මානයකි.මේ නිසා කිසියම් චිත්‍රපටයක ඔහුගේ රූප කාය, රංග විලාශය අනික් රූපණවේදීන් අතර දැඩි ස්වීය අනන්‍යතාවයක් සහිතව ඉස්මතු වෙයි.
මේ කරුණ හොදින් පැහැදිලි වන ආචාර්ය ලෙස්ටර් පීරිස් විසින් ප්‍රකාශ කරන ලද වැදගත් ප්‍රකාශයක් ඔහුගේ චරිතාපදානයේ වෙයි.
"I had great difficulty in saving my hero from Douglas "
මේ රංග පෞර්ෂය ඔහුට වාසියක් මෙන්ම මේ අවිධිමත් ක්ෂෙත්රය තුල අවාසිසහගතද විය.
මේ සොදුරු රූපණවේදියා අධ්‍යක්ෂණය කිරීමට පුණ්‍යකාන්ති විජේනායකගේ 'The visitor ' කෙටි කතාව ඇසුරෙන් සෝමවීර සේනානායකයන් තිර රචනය කළ 'පුනරාගමනය ' මාලා ටෙලි නාටකයේදී මට අවස්තාව ලැබිනි.ඔහු එහි මියගිය වතු පාලකයෙකුගේ චරිතය නිරූපණය කලේය .කතාව තුල වර්තමානයේදී වතු පාලකයා සිය බිරිදගේ මනෝ භ්‍රාන්තියක් ලෙසද, අතීතයේදී සැබෑ මිනිසෙකු ලෙසද ඉතා සංකීර්ණය චරිතයක් එහි වෙනස්කම් සහ සීමාවන් අපූරුවට වටහා ගනිමින් නිරූපණය කලේය.
ඔහු අධ්‍යක්ෂකවරයා සමග ඉතා දැඩි ලෙස සාකච්ඡා කරමින් ,ඉතා සියුම් තැන් පවා වටහා ගනිමින් ,ඒවා අන්තර්ග්‍රහණය කරමින් ඔහුට ආවේණික අනන්‍යතාවයකින් යුතුව රූපණයේ යෙදෙන රංග ධරයෙකි.රූපණවේදය පිළිබඳව කොතරම් දැනුමෙන් සන්නද්ධ උවද ඉතා සරල ,අතිශයින්ම සුහදශීලි ,සංවේදී මිනිසෙකි.
ඩග්ලස් අයියේ ඔබට තව බොහෝ කලක් ඔබට ආවේණික මේ රංග පෞර්ෂය මුදා හැරීමට හේතු වාසනා වේවා.