අජිත් ආරියරත්නත් යන්න ගිහින් ....
අජිත් ආරියරත්න යන්න ගිහින් කියලා නිව්ස් එක දැක්ක ගමන් නොස්ටැල්ජික් කුණාටුවක් හිත ඇතුළෙ හමන්න පටන් ගත්තා. ඒකට ගහගෙන ගිහින් නතර වුණේ අවුරුදු 22 - 24ක් විතර අතීතයේ. ඒක නිකම් වෙනම ජීවිත කාලයක් වගේ දැන් දැනෙන්නේ. එදා ධර්මරාජ කන්දේ තැන්තැන්වල පන්ති කාමරවල හම්බෙලා සිංදු කියපු උන් දැන් ලෝකෙ තැන්තැන්වල. එදා ගෝපාල් එකේ, ගලබොඩ, ඔරුතොට, ඕපන් එකේ උඩ තට්ටුවේ, විජේ මාමාගෙ බත් කඩේ, අලි මුඩුක්කුවෙ බත් කඩේ හම්බෙලා සිංදු කියපු තවත් ඉස්කෝල ගාණක එවුන් මොන ලෝකවල ඉන්නවාද කියලාවත් දන්නෙ නෑ.
රිවයින්ඩ් බට්න් එක වැඩ නැති වුණාම රෙනෝල්ඩ් පෑනෙන් ආපස්සට කරකව කරකවා අහපු කැසට් පීස් ... තඩි බෆල් පෙට්ටි, ඇම්ප්ලිෆයර් .... කැසට් පීස් තියා ඊට පස්සෙ ආපු සීඩීත් නෑ දැන්. ඇත්තටම ඒක වෙනම ජීවිත කාලයක් තමයි.
හැබැයි බොහෝ දේවල් මීදුමක් මැද්දෙන් පේන හෙවනැලි වගේ හරි මතකයි .... තාමත් ඒ මතක අතපත ගගා ඇවිදන් යන්න පුළුවන්.
ඉතින්, වෙනම ජීවිත කාලයක් වගේ එකක වුණත්, තාමත් එහෙම මතක් කරන්න පුළුවන් දේවල් අපට ඉතුරු කළාට අජිත් ආරියරත්නට බොහෝම ස්තූතියි.
ඇත්තටම ගායකයෙකුට මහ ගොඩාක් සිංදු ඕනෙත් නෑ. සිංදු දෙකක් හොඳටමත් ඇති !
ප. ලි. -
අපට දැන් හෙණ වයසයි බං ..
රුවන් නෙලූ.