lan englan tam

ඇබ්බැහිවෙන සුළු දෙමළ චිත්‍රපටය - Meiyazhagan

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමහර මිනිස්සු අපෙ ජීවිතවලට එනව යනවා. 96 ෆිල්ම් එක කියන්නේ ඒ කතාව. හදිසියේම ජිවිතයට ඇවිත් නොකියා යන මිනිස්සු නිසා හිත් පැරීම් ගොඩයි. මේ හිත් පෑරීම් ආදරය නිසාත් බැඳීම් නිසාත් වෙන්න පුළුවන්.

#Meiyazhagan (2024) කියන්නේ අන්න ඒ ටයිප් එක් චිත්‍රපටියක්.
සාම්ප්‍රදායික දමිළ මසාලා චිත්‍රපට ශානරය 96 චිත්‍රපටය නිසා ලොකු වෙනසකට ලක් වෙනවා. ඒ වෙනස ඒ අයුරින්ම මේ තුළින් දැක ගන්න පුළුවන්. ආදරය විතරක්ම නොවේ සමහර පවුල් බැඳීම් ද වෙලාවකට වේදනායි..තවත් වෙලාවකට ඒ වේදනාව අස්සේ වෙනස් හැගීමක් ගෙන දෙනවා. 96 චිත්‍රපටියේ දැකපු රූපරාමු, අහපු සංගීතය සහ දැනුන හැඟීම ඒ ආකාරයෙන්හ Meiyazhagan තුළින් දැකගන්න පුළුවන්.
ඒ හැඟීමට අරවින්ද් ස්වාමි සුපිරිම සාධාරණත්වය ඉටු කරනවා සහ මෙතෙක් කල් මසාලා චිත්‍රපටවල ඇක්ෂන් නළුවෙක් වෙලා හිටිය කාර්ති ඊට නොදෙවෙනි සහායක් දෙනවා.
මේක බලන්නම ඕනි චිත්‍රපටියක් මචං..

දිනුක මලින්ද හේරත්

Back to top
Go to bottom